Posts

Showing posts from October, 2023

විරෝධතාවයේ නිරත හිමිනමක් ඇතුළු 6ක් අත්අඩංගුවට

Image
විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව දිවුලපිටියේ සිට කොළඹට පා ගමනක් සංවිධානය කළ ස්වාමීන් වහන්සේනමක් ඇතුළු 6 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය විසින් මෙම පාගමන දිවුලපිටිය මංසන්ධියේ සිට කොළඹ දක්වා සංවිධානය කර තිබුණි. කෙසේවෙතත් පාගමන ආරම්භයේදීම පොලීසිය විසින් පාගමන ක්‍රියාත්මක නොකරන ලෙස දැනුම් දීමක් ද සිදුකර ඇති අතර එහිදී කලහකාරී ලෙස හැසිරුණු විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ඇතුළු පිරිසක් ද පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව ඔවුන් මේ වන විට දිවුලපිටිය පොලිස් ස්ථානයේ රඳවා ඇති බව වාර්තා වේ.

රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් ඇහෙනෙ අලුත් කතාව

Image
  ඉන්ධන මිල සංශෝධනය වුවද ත්‍රිරෝද රථ ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේ යළි ඉන්ධන මිල වැඩිවුවහොත් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට සිදුවනු ඇති බවයි.

මුද්‍රණ සංස්ථාවෙන් සිසුන්ට වට්ටමක්

Image
  රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් සියයට තිහක වට්ටමක් යටතේ සියලුම පාසල්වලට අභ්‍යාස පොත් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව පාසල්වල අභ්‍යාස පොත් අවශ්‍යතාව ලබා ගැනීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කරන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රුපියල් කෝටි එකසිය විසි පහක ලාභයක් ලබා තිබෙන බවත් අවශ්‍ය ප්‍රමාණයට පොත් මුද්‍රණය සඳහා සංස්ථාව සූදානම් බවත් කී ඇමැතිවරයා මේ වන විට සංස්ථාවට කඩදාසි හිඟයක් නොමැති බවත් සඳහන් කළේය.

ඇඳේදි අප්පච්චි අඩපු,ඈනුම් ඇරිය,හිනා උන වීඩියෝ මං ගාව තියෙනවා.මල ගෙදර ආපු අයට මං ඒවා පෙන්නුවා.

Image
  ජැක්සන් ඇන්තනී කියන මේ සොඳුරු කලාකරුවා අප අතරින් සමුගෙන මේ වන විට ටික කාලයක් ගත වුණත් තවමත් බොහෝ දෙනෙකුට ඔහුගේ මතකය අමතක කරන්න බැහැ.ඒ වගේම තමයි ජැක්සන් කියන මේ සුන්දර කලා කරුවාගේ අවසන් මොහොත දැක ගැනීම සඳහා ලංකාවේ හතර දිග් භාගයෙන්ම මිනිස්සු වැල නොකැඩී ආවා. ඒ වගේම ජැක්සන් ආදරයෙන් හදාවඩාගත් ආදරණීය දරුවන් තිදෙනාටත් මේ වියෝව අදටත් දරාගන්න බැහැ ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ කුමාරි මුණසිංහ ටත් මේ දුක වාවගන්න තාමත් ශක්තියක් නැහැ.කෙසේ නමුත් ඔහු වෙනුවෙන් ජීවත් වෙන්න හිත හදාගත්තු මේ පුද්ගලයන් ජැක්සන් රැගෙන ගිය කලාව ඉදිරියටත් රැගෙන යන අමතක කරන්නේ නැහැ. එ වගෙම තමයි ජැක්සන් ඇන්තනී රෝහල් ගත වෙලා ඉන්න කාලය තුළදී බොහොමයක් පුද්ගලයන් ඔහු සම්බන්ධයෙන් බොරු කතා නිර්මාණය කර සමාජය තුළ මතයක් හදන්න උත්සාහ කළා.ජැක්සන් මැරිල ඒ වගේම ජවගේම ජැක්සන්ගේ ශරීරය දිරලා ඒ වගේ බොරුකතා සමාජය තුළ පැතිරෙන්න පටන් ගත්තා. ඉතින් ඒ හැම දේටම මේ සිද්ධිය අවසන් වුණාට පස්සේ ජැක්සන් ගේ ආදරණීය දියණිය මාධවී දුන්නේ මේ වගේ පිළිතුරක්. "අවසන් මොහොත දක්වාම අප්පච්චි සතුටු හිතෙන දෙයක් කිවුවහම දත් පෙන්නල හිනා උනා.හොඳින් ඇස් ඇරගෙන හිටියා.අපි යනවා

සිපෙට්කො වෙනස් වෙද්දි සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් වෙයි

Image
  සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.  ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් පහත දමා ඇති අතර, එහි නව මිල රුපියල් 356කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 423කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 8කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356කි. සුපිරි ඩීසල් ලීටරයක්ද රුපියල් 14කින් ඉහළ යන අතර එහි නව මිල රුපියල් 431ක් වෙයි.

ඉන්ධන මිල වෙනස් වෙයි

Image
  සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට තිීරණය කර තිබේ ඒ් අනුව නව මිල ගණන් මෙසේය.

මගේ දුව මුල්ම පඩි අරගෙන මට දඹදිව යන්න කියලා එව්වා.අනේ මගේ දරුවෝ හොරු අරගෙන ගියා

Image
  “අනේ මගේ රත්තරං දරුවෝ දෙන්නා හොරු අරගෙන ගියා වගෙයි. මගේ දුව මුල්ම පඩිය අරගෙන මට දඹදිව යන්න කියලා එව්වා. මගේ දරුවෝ දෙන්නා උපදින හැම භවයකදීම මගේම දරුවෝ වෙලා ඉපදින්න ඕනෑයැයි මැලේසියාවේදී වූ රිය අනතුරකින් මිය ගිය ශාමිලා රංගනී ගුණතිලකගේ මව වන රූපා රංජනි පතිරණ මහත්මිය හඩා වැළපෙමින් පැවසුවාය. තිස් තුන් හැවිරිදි ශාමිලා රංගනී සහ තිස් පස් හැවිරිදි ශශික රන්ගොඩ සහ ඔවුන්ගේ සිව් හැවිරිදි සිඟිති දියණියද සමඟ ආහාර ගැනීමට ගොස් යතුරු පැදියකින් නැවත නිවෙසට පැමිණෙමින් සිටියදී සිදු වූ මේ අනතුරෙන් ඔවුන් දෙදෙනා මිය ගොස් දියණිය තුවාල ලබා තිබේ. මෝටර් රථයක් පදවමින් පැමිණි පුද්ගලයකු විසින් ඔවුන්ගේ යතුරු පැදිය පිටුපසින් හප්පා අනතුරට ලක් කර තිබේ. අනතුරට පත් දැරිය මේ වනවිට ඥාතියකුගේ භාරයේ ක්වාලාලාම්පූර්හි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව පවසයි. ශාමිලා සහ ශශික රන්ගොඩ ඉකුත් වසරේදී මැලේසියාවට ගියේ ක්වාලාලාම්පුර්හි ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කිරීමටයි. ශාමිලාගේ නිවස පිහිටි ගාල්ල, වඳුරඹ කුඹලමලහේන ප්‍රදේශයට අපි යන විට ඇයගේ මව ඇතුළු ඥාතීන් හඩා දැඩි කම්පනයෙන් හඩා වැටෙන අයුරු දුටුවෙමු.

ඩෙංගු සම්බන්ධයෙන් රතු එළියක් කලාප 24ක් ඩෙංගු අවදානමේ

Image
 දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. කලාප 24ක් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයේ පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න පැවසුවේය. මේ වනවිට දිවයිනෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැටඅටදහස් එකසිය දාහතරකි. මේ මාසයේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තුන්දාස් හයසිය තිස් එකක්. එම සංඛ්‍යාව පසුගිය මාසයේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට වඩා රෝගීන් දහසකට ආසන්න වැඩි වීමක් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ ය.

බණ කියන්න රටේ නැති ගානකට බජට් එක හදපු හිමිට දායක සභාවෙන් ගුටි පූජාවක්

Image
  කැබිතිගොල්ලෑව කුරුළුගම ප්‍රදේශයේ නිවසක සත්දින ධර්ම දේශනාවක් සඳහා වැඩම කළ ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමකට එම ග්‍රාමයේ විහාරස්ථානයේ හිමිනම ඇතුළු පිරිසක් පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගත් විහාරස්ථානයේ හිමිනම අද (31) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර සෙසු සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පැවසුවේය. අදාළ ග්‍රාමයේ පුද්ගලයෙකුගේ නිවසකට සත්දින ධර්ම දේශනයක් සඳහා වැඩම කරවීමට නම් රුපියල් 45,000ක මුදලක් ගෙවිය යුතු බවත් ඒ සඳහා දායක සභාව සමග එකඟතාවකට පැමිණිය යුතු බවත් කුරුළුගම රජමහා විහාරයේ හිමිනම නිවැසියාට දැනුම් දී තිබේ. ඒ අනුව දායක සභාව විසින් අදාළ පුද්ගලයාට ගාස්තු වශයෙන් අවම වශයෙන් රුපියල් 15,900ක මුදලක් ගෙවන ලෙස දැනුම් දී ඇති බව පොලීසිය පැවසුවේය. දායක සභාවට ඇතුළුවීමේ ගාස්තු රුපියල් 1,500ක් දාන වේල් 04ක් වෙනුවෙන් රුපියල් 10,000ක්, ශ්‍රමදානයක් සඳහා නොපැමිණීම හේතුවෙන් රුපියල් 3000ක්, මාසික ගාස්තු සහ කොටස් මුදල් ඊට ඇතුළත් වන බව වාර්තා වේ. මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ අදාළ නිවසේ පුද්ගලයා සත්දින ධර්ම දේශනය සඳහා ආරණ්‍ය වාසීහිමිනමක් වැඩම ක

ප්‍රමිති ආයතනයටත් හොරු පැනලා - ලක්ෂෙක බඩු උස්සලා

Image
  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රසායනාගාරයෙන් රුපියල් ලක්ෂයකට ආසන්න දේපල සොරාගෙන ගොස් ඇතැයි බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. සොරාගෙන ගිය දේපල අතර ආහාර පරික්ෂා කිරීම් සඳහා යොදාගන්නා වර්ග දෙකකින් යුත් රසායනික ද්‍රව්‍ය බෝතල් 7 ක් හා පරික්ෂා කිරීම සඳහා තබා තිබූ සූදුරු පැකට් තුනක් වන බවට එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු විසින් පැමිණිලි කර තිබේ. බොරැල්ල ඇල්විටිගල මාවතේ වික්ටෝරියා පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පළමු මහලේ පිහිටි රසායනාගාරයේ ජනේලයක් කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පෙන්වා දෙයි. බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශනගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන කටයුතු සිදු කෙරේ.

හෙට කොළඹ සිද්ද වෙන්න යන දේ ගැන ඔබ දැනුවත්ද?දෙකෙන් එකක් විසඳෙන දවස හෙට

Image
  හෙට (01) සියලු විදුලි සේවකයන් කොළඹට කැඳවා දැවැන්ත විරෝධතාවක නිරත වන බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කළේ ය. ඒ අනුව එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් කියා සිටියේ විදුලිබල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිට මෙම විරෝධතාව සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (30) විදුලි බිල නැංවීමට එරෙහිව අත් පත්‍රිකා බෙදාදීමේ අවස්ථාවකට එක්වෙමින් ය. මේ අතර පෙරේදා (29) දිනයේ විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව දිවයිනේ ප්‍රදේශ රැසක පන්දම් දල්වමින් රාත්‍රියේ දී විරෝධතා පැවැත්විණ. හෙට (01) සියලු විදුලි සේවකයන් කොළඹට කැඳවා දැවැන්ත විරෝධතාවක නිරත වන බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කළේ ය. ඒ අනුව එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් කියා සිටියේ විදුලිබල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිට මෙම විරෝධතාව සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (30) විදුලි බිල නැංවීමට එරෙහිව අත් පත්‍රිකා බෙදාදීමේ අවස්ථාවකට එක්වෙමින් ය. මේ අතර පෙරේදා (29) දිනයේ විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව දිවයිනේ ප්‍රදේශ රැසක පන්දම් දල්වමින් රාත්‍රියේ දී විරෝධතා පැවැත්විණ.

අභ්‍යාස පොත් මිල 10%කින් ඉහළ නගී

Image
  විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් එළැඹෙන උත්සව සමයේදී අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණවල මිලද 10% පමණ ඉහළ දැමීමට එම නිෂ්පාදන සමාගම් අවධානය යොමු කර තිබේ. ඉන්ධන මිලද ඉහළ යාම මත සමාගම් පවත්වා ගැනීම සඳහා වෙනත් විකල්පයක් නොමැති බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් සමාගම් කිහිපයක නියෝජිතයෝ පැවසූහ. සිය නිෂ්පාදන දිවයින පුරා බෙදා හැරීමේ ක්‍රියාවලියක් පවතින හෙයින් ඉන්ධන මිල වැඩි වීම ඒ කෙරෙහි බරපතළ ලෙස බලපාන බව ද පවතින තත්ත්වය මත මිල වැඩි කිරීමකින් තොරව සමාගම් පවත්වාගෙන යා හැකි වන්නේ අලාභ ලබමින් යැයි ද ඔවුහු ප්‍රකාශ කළහ. නව වසර සඳහා රජයේ පාසල්වල පළමු පාසල් වාරය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි මස මැද දී වුවත් උත්සව සමයේ දී පාසල් පොත් ඇතුළු උපකරණ මිලදී ගැනීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ අනුව ඇති වන ඉල්ලුම සපුරාලීම සඳහා නිෂ්පාදන සමාගම් දැන් සිටම සූදානම් වෙමින් සිටියි. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් අභ්‍යාස පොත් මුද්‍රණය කර අඩු මිලට ලබාදීමට අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මෙම වසර මුල දී ගත් උත්සාහය එතරම් සාර්ථක නොවිණි. ඇති වන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට මුද්‍රණ නීතිගත සංස්ථාවට න

15ක දැරිය හා යහන් වැදි 17 සැකකරු ඇඳුම් නොමැතිවම පැන දුවයි

Image
  බාල වයස්කරුවෙකු විසින් බාලවයස්කාරිනියක් දූෂණය කිරීමේ ඛේදනීය පුවතක් කුරුණෑගල – කොහිලගෙදර ප්‍රදේශයෙන් වාර්තා වේ. වයස අවුරුදු 15ක් වන බාලවයස්කාරිනිය ව 17 හැවිරිදි බාලවයස්කරුවෙකු විසින් ඇයගේ නිවසට ම පැමිණ කිහිපවරක් ඇයව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවටයි වාර්තාවී ඇත්තේ. මෙම බාලවයස්කරු නිරන්තරයෙන් ම ඇයගේ නිවසට පැමිණ ඇති බවත්, නිවසෙහි වැඩිහිටියන් නොමැති අවස්ථාවේ දී, 15 හැවිරිදි දැරිය ව බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවටයි හෙළි ව ඇත්තේ. මෙලෙස බරපතල ලිංගික අපයෝජනයට ලක් වූ ඇය නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන ‘කසිප්පු’ පානයට ඇබ්බැහි වී ඇති අයෙක් බවත්, ඇයගේ නැන්දණිය ද, මත්ද්‍රව්‍ය පානය කරන්නියක් බවත්, ඒ හේතුවෙන් එම බාලවයස්කාර දැරිය මත්ද්‍රව්‍යයට යොමු ව ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළිදරව්වී තිබේ. බාලවයස්කරුව අත්අඩංගුවට ගෙන ඇති බවත්, දැරිවිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිත බවත් වාර්තා වේ. මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදු කරනු ලබයි. බාලවයස්කරුගේ මෙම ක්‍රියාකාරකම් දැරියගේ නිවසේ විසූ අත්තම්මා සහ ඇයගේ අක්කා දැකීමෙන් පසු ඔහු නිර්වස්ත

පර්සි අබේසේකර අභාවප්‍රාප්ත වේ.

Image
  මෙරට ක්‍රිකට් දිරිගන්වන්නා ලෙස ප්‍රචලිත පර්සි අබේසේකර මීට සුලු මොහොතකට කලින් අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මිය යන විට  87වැනි වියේ පසුවිය. දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරි ගන්වන්නා ලෙස ප්‍රචලිත වූ ඔහු දෙස් විදෙස් ක්‍රිකට් තරගාවලි රැසක් නියෝජනය කිරීමට වාසනාවන්ත වූ පුද්ගලයෙක්.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජය පැරදුමත් සමග සැමදා සිටි පර්සි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හොඳම ප්‍රේක්ෂකයා ලෙස අවිවාදයෙන් තොරව හැඳින්විය හැඳින්විය යුතුමයි. ඉතින් ආදරණීය සහෘදයාණනි ඔබට නිවන් සුව

බොරතෙල් මිල යළිත් ඉහළට

Image
  ගාසා තීරයේ ක්‍රියාත්මක යුද ගැටුම් තවදුරටත් වර්ධනය වීම ඊට බලපා ඇත. මෙම තත්ත්වය මත මැදපෙරදිග පවතින  යුද ගැටුම් හේතුවෙන්  ඇතිවිය හැකි ඩීසල් හිඟයක් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ හදිසි හමුවක්ද  කැඳවීමට පියවර ගෙන තිබේ. එළැඹෙන ශීත සෘතුවේදී යුරෝපයට බලශක්තිය උත්පාදනයට ඩීසල් අත්‍යවශ්‍ය වී ඇත. රුසියානු ඉන්ධන සැපයුම් සීමා විමත් සමග යුරෝපය මේ වන විට  මැදපෙරදිග ඩීසල් වෙත වැඩි අවධානයක් යොමු කර තිබේ.

අනියම් සැමියා සමඟ එක්ව සැමියා මැරූ බිරිඳ අත්අඩංගුවට

Image
  මාවනැල්ල යාලයපොල පාර ප්‍රදේශයේදී  සිය සැමියා මෝටර් රථයකින් හප්පා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා මාවනැල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. මිය ගිය පුද්ගලයා ඉකුත් 27 දින මෝටර් රථයක ගැටී බරපතළ තුවාල ලබා මාවනැල්ල රෝහලේ දී මියගොස් තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී මෙය සාමාන්‍ය අනතුරක් නොව මරණකරුගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා එක්ව සිදුකළ ඝාතනයක් බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකාරිය සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන ඇත