මෙරට ක්‍රිකට් දිරිගන්වන්නා ලෙස ප්‍රචලිත පර්සි අබේසේකර මීට සුලු මොහොතකට කලින් අභාවප්‍රාප්ත වී ඇත.


ඔහු මිය යන විට  87වැනි වියේ පසුවිය.


දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරි ගන්වන්නා ලෙස ප්‍රචලිත වූ ඔහු දෙස් විදෙස් ක්‍රිකට් තරගාවලි රැසක් නියෝජනය කිරීමට වාසනාවන්ත වූ පුද්ගලයෙක්.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජය පැරදුමත් සමග සැමදා සිටි පර්සි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හොඳම ප්‍රේක්ෂකයා ලෙස අවිවාදයෙන් තොරව හැඳින්විය හැඳින්විය යුතුමයි.


ඉතින් ආදරණීය සහෘදයාණනි ඔබට නිවන් සුව