විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව දිවුලපිටියේ සිට කොළඹට පා ගමනක් සංවිධානය කළ ස්වාමීන් වහන්සේනමක් ඇතුළු 6 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය විසින් මෙම පාගමන දිවුලපිටිය මංසන්ධියේ සිට කොළඹ දක්වා සංවිධානය කර තිබුණි.



කෙසේවෙතත් පාගමන ආරම්භයේදීම පොලීසිය විසින් පාගමන ක්‍රියාත්මක නොකරන ලෙස දැනුම් දීමක් ද සිදුකර ඇති අතර එහිදී කලහකාරී ලෙස හැසිරුණු විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ඇතුළු පිරිසක් ද පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ අනුව ඔවුන් මේ වන විට දිවුලපිටිය පොලිස් ස්ථානයේ රඳවා ඇති බව වාර්තා වේ.