ඩෙංගු සම්බන්ධයෙන් රතු එළියක් කලාප 24ක් ඩෙංගු අවදානමේ



 දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

කලාප 24ක් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයේ පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න පැවසුවේය.

මේ වනවිට දිවයිනෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැටඅටදහස් එකසිය දාහතරකි.

මේ මාසයේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තුන්දාස් හයසිය තිස් එකක්.

එම සංඛ්‍යාව පසුගිය මාසයේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට වඩා රෝගීන් දහසකට ආසන්න වැඩි වීමක් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ ය.

Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා