රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් සියයට තිහක වට්ටමක් යටතේ සියලුම පාසල්වලට අභ්‍යාස පොත් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව පාසල්වල අභ්‍යාස පොත් අවශ්‍යතාව ලබා ගැනීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කරන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.


රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රුපියල් කෝටි එකසිය විසි පහක ලාභයක් ලබා තිබෙන බවත් අවශ්‍ය ප්‍රමාණයට පොත් මුද්‍රණය සඳහා සංස්ථාව සූදානම් බවත් කී ඇමැතිවරයා මේ වන විට සංස්ථාවට කඩදාසි හිඟයක් නොමැති බවත් සඳහන් කළේය.