Slider

ඇඳේදි අප්පච්චි අඩපු,ඈනුම් ඇරිය,හිනා උන වීඩියෝ මං ගාව තියෙනවා.මල ගෙදර ආපු අයට මං ඒවා පෙන්නුවා.

 


ජැක්සන් ඇන්තනී කියන මේ සොඳුරු කලාකරුවා අප අතරින් සමුගෙන මේ වන විට ටික කාලයක් ගත වුණත් තවමත් බොහෝ දෙනෙකුට ඔහුගේ මතකය අමතක කරන්න බැහැ.ඒ වගේම තමයි ජැක්සන් කියන මේ සුන්දර කලා කරුවාගේ අවසන් මොහොත දැක ගැනීම සඳහා ලංකාවේ හතර දිග් භාගයෙන්ම මිනිස්සු වැල නොකැඩී ආවා.

ඒ වගේම ජැක්සන් ආදරයෙන් හදාවඩාගත් ආදරණීය දරුවන් තිදෙනාටත් මේ වියෝව අදටත් දරාගන්න බැහැ ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ කුමාරි මුණසිංහ ටත් මේ දුක වාවගන්න තාමත් ශක්තියක් නැහැ.කෙසේ නමුත් ඔහු වෙනුවෙන් ජීවත් වෙන්න හිත හදාගත්තු මේ පුද්ගලයන් ජැක්සන් රැගෙන ගිය කලාව ඉදිරියටත් රැගෙන යන අමතක කරන්නේ නැහැ.

එ වගෙම තමයි ජැක්සන් ඇන්තනී රෝහල් ගත වෙලා ඉන්න කාලය තුළදී බොහොමයක් පුද්ගලයන් ඔහු සම්බන්ධයෙන් බොරු කතා නිර්මාණය කර සමාජය තුළ මතයක් හදන්න උත්සාහ කළා.ජැක්සන් මැරිල ඒ වගේම ජවගේම ජැක්සන්ගේ ශරීරය දිරලා ඒ වගේ බොරුකතා සමාජය තුළ පැතිරෙන්න පටන් ගත්තා. ඉතින් ඒ හැම දේටම මේ සිද්ධිය අවසන් වුණාට පස්සේ ජැක්සන් ගේ ආදරණීය දියණිය මාධවී දුන්නේ මේ වගේ පිළිතුරක්.

"අවසන් මොහොත දක්වාම අප්පච්චි සතුටු හිතෙන දෙයක් කිවුවහම දත් පෙන්නල හිනා උනා.හොඳින් ඇස් ඇරගෙන හිටියා.අපි යනවා කිවුවහම කට ඇද කරලා දුක මූනක් පෙන්නුවා.ඈනුම් ඇරියා.කඳුළු ගලමින් ඇඩු අවස්ථා තිබුණා. මල ගෙදර ආපු බොහෝ අයට මම ඒවා පෙන්නුවා ඒ අය පුදුම වුණා.මොකද අප්පච්චි කෝමා වෙලා නිද්‍රාශීලී බවින් වැතිරිලා ඉන්නවා කිව්වහම එයාගෙ පෙනුම වැහැරිලා කියලා youtube වෙළෙන්දෝ කිව්වා.අපි අප්පච්චි වෙනුවෙන් හැමදාම යාච්ඤා කළා පිරිත් කිව්වා ඒත් අප්පච්චිව බේරගන්න බැරි වුණා"

ඉතින් ඇය තමන්ගේ ආදරණීය පියාණන් ගැන මතකය විදියට තමයි ආවර්ජනය කළේ.ඉතින් හැමදාමත් වගේ අදත් අපි ප්‍රාර්ථනා කරන්නෙ ජැක්සන් හිතන පතන සුන්දර ලෝකයක ඔහුට ඉපදෙන්නට වරම් ලැබේවා කියයි

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo