මාවනැල්ල යාලයපොල පාර ප්‍රදේශයේදී  සිය සැමියා මෝටර් රථයකින් හප්පා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා මාවනැල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.



මිය ගිය පුද්ගලයා ඉකුත් 27 දින මෝටර් රථයක ගැටී බරපතළ තුවාල ලබා මාවනැල්ල රෝහලේ දී මියගොස් තිබේ.



මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී මෙය සාමාන්‍ය අනතුරක් නොව මරණකරුගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා එක්ව සිදුකළ ඝාතනයක් බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි.


මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකාරිය සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන ඇත