Posts

Showing posts from May, 2024

අවුරුදු තිහක් ගුරු රැකියාව ඉඳලා මම සහකාර විදුහල්පතිවෙලා විශ්‍රාම ගත්තා

Image
  අපේ කලා ලෝකය තුල බොහෝ දෙනෙක් සිනහවෙන් මුසපත් කරන ආදරණීය රංගන ශිල්පියෙක් තමයි ප්‍රියන්ත සෙනෙවිරත්න කියන්නේ.ඔහු ගැන කතා කරද්දි ඔහු ටෙලිනාට රංගන ශිල්පියෙක් විදිහටත් පුංචි තිරයේ සිනමා තරුවක් සහ වේදිකාවේ වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් විදිහටත් ප්‍රේක්ෂකයන් අතරට ආවා. ඔහු ගැන කතා කරද්දි ඔහු ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගත කරපු චරිතයක්. ඒ නිසාම පවුලේ අය වෙනුවෙන් කැපවෙන්න තිබුණු වෙලාව ඔහුට අහිමි වෙනවා.නමුත් ඒ සියලු දේවල් එක්ක ඔහු ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. ඔහුගේ ආදරණීය දරුවනුත් මේ වෙද්දී උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්නවා.ඒ වගේම තමයි ඔහු රංගනයට අවතීර්ණ වෙන්න කලින් ගුරුවරයෙක් විදිහට වැඩ කටයුතු කරා. ඒ සම්බන්ධයෙන් ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “මගේ තාත්තා මට කිව්වා රංගනයට සම්බන්ධ වෙනවා නම් පහසුම රස්සාව තමයි ගුරු රැකියාව කියලා. මම ඔටෝ මොබයිල් ඉංජිනේරු පැත්ත ඉගෙන ගත්තේ. මම අවුරුදු විසිපහ වෙද්දී ගුරුවරයෙක් විදිහට ඉගෙන ගත් පාසලට සම්බන්ධ වෙනවා. ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට. මගේ ගුරුවරු එක්ක මම දරුවන්ට ඉගැන්වීම් කළා. ඒ පාසලේ සහකාර විදුහල්පති වෙලත් අවුරුදු පහක් හිටියා. අවුරුදු තිහක් ගුරු

මගේ බර 70ක් විතර තිබ්බා. ඒ චරිතය වෙනුවෙන් අන්තිමට මම කිලෝ 17ක් අඩු කරගෙන ඇඟ හදාගත්තා.

Image
දුලාන් ලියනගේ කියන මේ රංගන ශිල්පියාගේ නම අහපු සැනින් අද වෙද්දි බොහෝ දෙනෙක් ඔහුව අඳුනනවා.ඔහු ඒ තරම්ම ප්‍රේක්ෂක රසික ආදරය දිනාගත්තු ආදරණීය කලාකරුවෙක්. දුලාන් ගැන කතා කරද්දි මේ දිනවල විකාශය වන ලලයි ලිලයි ලයි නාට්‍යයේ සුකුමල් කියන චරිතය හරහා තමයි ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ. සුකුමල් කියන චරිතය අද වෙද්දි ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරයෙන් වැළඳ ගත්තු චරිතයක් වෙලා. ඒ වගේම තමයි ඒ චරිතය සාර්ථකව රඟදක්වන්න දුලාන්  විශාල කැප කිරීමක් කරලා තියෙනවා.ඉතින් ඒ සම්බන්ධයෙන් හෝ එක්තරා පුවත්පත් සාකච්ඡාවකදී කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “ලලයි ලිලයි ලයි නාට්‍ය ගිය අවුරුද්දේ අප්‍රේල් පටන් ගන්න හිටියේ. නමුත් ඒක මේ අවුරුද්දේ තමයි පටන් ගත්තේ. පිටපත ලැබෙද්දි මගේ බර 70ක් විතර. චරිතය සාමාන්‍ය පෙළ පන්තියක ශිෂ්‍යයන් විදිහට ඉන්න එක. ඒ විදිහට ඇඟ හදාගන්න මම කැපවීමක් කළා. අන්තිමට මම කිලෝ 17ක් අඩු කරගත්තා. නාට්‍ය පටන් ගන්න දින කිහිපයක් තියෙද්දි රසික සුරවීර අයියා කිව්වා මල්ලි ටිකක් කෙට්ටු වෙන්න වෙයි කියලා මම කිව්වා මම චරිතයට ඕන විදිහට බර අඩු කර ගත්තා කියලා” ඉතින් රංගනය වෙනුවෙන් කැප කිරීම් කරන ඔහුට රංගන ජීවිතය තව තවත් සාර්ථක කර ගැනීමට හැ

අනුර කුමාර මෙදා පාරත් පරිදියිද?වනගත ස්වාමීන් වහන්සේගේ ප්‍රබල අනාවැකියක් එලියට

Image
  මේ දවස්වල බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වෙන කරුණක් තමයි ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය.ඒ අනුව ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස තරග වැදීමට සූදානම් වන අනුර කුමාර දිසානායක පිළිබඳව බොහෝ දෙනෙක්ගේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. .ලංකාවේ ඊළඟට සිද්ධ වීමට නියමිත යුධමය වාතාවරණයකින් පස්සේ මේ සියල්ල උඩු යටිකුරු වෙනවා කියන අනාවැකියක් වනගත ස්වාමීන් වහන්සේ නමක් විසින් ප්‍රකාශයට පත් කරනවා. ඒ අනාවැකියට අනුව අනුර කුමාර ඡන්දය පරදීද කියන ප්‍රශ්නයටත් උන්වහන්සේ සෘජු පිළිතුරක් ලබාදී තිබෙනවා.ඉතින් ඇත්තටම ඉදිරියේදී සිද්ධ වෙන්න යන්නේ මොකක්ද කියන දේ පිළිබඳව දැනගන්න නම් මේ වනගත ස්වාමීන් වහන්සේ ප්‍රකාශයට පත් කෙරුව අනාවැකිය පිළිබඳව ඔබ දැනගත යුතුමයි. එනිසාම ඒ සම්බන්ධයෙන් කියවෙන සවිස්තරාත්මක වීඩියෝ පටයක් පහතින් දක්වා ඇති අතර එය මුල ඉඳන්ම අගට නරඹා සවිස්තරාත්මක විස්තරය  හරියටම දැනගන්න ඔබ සැමට ආරාධනා කරනවා.

මම එක ආදරයකට කොටුවෙන්න කැමති නෑ.බ්‍රේකප් වෙන්නැත්නම් මං බ්‍රේක්අප් කරනවා. ඒක මගේ දුර්වල කමක

Image
නිතරම විරහා ගීත වලින් ප්‍රේක්ෂකයන් මුසපත් කරන නව පරපුරේ ආදරණීය ගායකයෙක් තමයි විරාජ් පෙරේරා කියන්නේ.හදවත ගැහෙනා,සාරිතා වැනි ගීත හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඔහු වසර දෙකකට විතර පස්සේ ආයෙමත් සැරයක් ක්ෂේත්‍රය තුළ වැඩ කටයුතු කරන්න පටන් අරන්  අවුරුදු පහ තරම් පුංචි වයසදී තමයි විරාජ් සීදුව සපුරා සංගීත කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඒ ඒක පුද්ගල ප්‍රතිසංගයක් කරන්න.ඊට පස්සේ  ඔහු අවුරුදු 18න් පස්සේ සංගීත අධ්‍යක්ෂණය පැත්තටත් යොමු වුණා. වෘත්තිමය ජීවිතය ඔහු ඒ විදිහට හදා ගත්තත් ඔහුගේ පෞද්ගලික ජීවිතේ නම් යම් යම් අඩුපාඩු තියෙනව.විරාජ් කියන්නේ එක ආදරේකට කොටු වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි. ඔහුට එක්කෙනෙක්ට ආදරය කරන්න බැහැ. ඔහු කියන විදිහට ඒක ඔහුගේ දුර්වලතාවයක්. ඔහු ආදරේ කරද්දී අනිවාර්යෙන්ම වෙන් වෙන්න ඕනිලු.ඉතින් ඒ සම්බන්ධයෙන් විරාජ් කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “විරාජ් කියන්නෙ සෑහෙන ලවර් කෙනෙක්. මං කැමැති නෑ එක ආදරේකට කොටුවෙලා ඉන්න. ඒක මගේ දුර්වලකමක් වෙන්න ඇති. මට ආදරේ හිතෙන කෙනාට මං ආදරේ කරනවා. හැමවෙලාවෙම ප්‍රකාශ කරන්නෙත් නෑ. හිතින් ආදරේ කරනවා. ඒක මගෙ නිර්මාණවලට ගොඩක් බලපානවා. ලබා ගැනීමේ අරමුණෙන්ම ආදරය කරන කෙනෙක්

කාලෙකට කලින් මං ආදරය කළා රැවටුනා දුක් වින්දා.හොඳම දේවල් ලැබෙන්නේ හොඳටම පරක්කු වෙලා

Image
  මාලනි ෆොන්සේ එකා කියන ආදරණීය රංගන ශිල්පිනියගේ ගුරුහරුකම් යටතේ. ක්ෂේත්‍රයට පැමිණෙන ඇය ඔබ අප කවුරුත් ආදරය කරන සොනාලි ෆොන්සේකා.පසුගිය කාල සීමාවේදී නම් ඇය තාමත් දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කළා කිව්වොත් හරි.ඒකට හේතුව ඇයට ඇයගේ ආදරණීය මෑණියන් පසුගිය දවසක අහිමි වුණා.ඊට කලින් කොරෝනා වසංගත කාල සීමාවේදී සෙනාලිගේ තාත්තා ජීවතුන් අතරින් සමු ගත්තා. ඇයට තාත්තාගේ මූණවත් අවසන් වතාවට බලන්න හැකියාව ලැබුණේ නෑ.ඒ සියලු දේවල් එක්ක ජීවිතය ගත කරපු ඇය වැඩිපුර කලා කටයුතුත් එක්ක එකතු වෙලා ඉන්නවා අපි දැක්කේ නැහැ.නමුත් ඇය කලාව නම් අත ඇරලා නෑ කියලා තමයි සඳහන් කරන්නේ. ඇය විටින් විට විදෙස්ගත වෙනවා විදෙස්ගත වෙලා විවිධ අධ්‍යාපන කටයුතුත් එක්ක කාර්යබහුල වෙන ගමන් තමයි කලා කටයුතු ගැන ඇය අවධානය යොමු කරන්නේ.කෙසේ නමුත් කාලෙකට පස්සේ පසුගිය දවසක ඇය ඇය ගත කරන ජීවිතය ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “මා මත පැවරුණු වගකීම් වෙනුවෙන් මට වි‌ෙටන් විට විදෙස්ගත වෙන්න සිදු වුණත් මං වැඩිපුරම කැමැති මගේ රංගන කටයුතුත් කරගෙන ලංකාවෙ ජීවත් වෙන්න. තව ඉගෙන ගන්න දේවලුත් තියෙනවා. ඒ වගේම මං ඉගෙන ගත්ත දෙයින් රටට සේවයක් කරන්නත් අදහසක් තියෙනවා. වැඩිදුර අධ

විවාහයක් ගැන මං තවම හිතලා නෑ මට කියන්න ආදර කතාවකුත් තවම නෑ. නයනතාරා කියන අමුතු කතාව

Image
දෙවනි ඉනිම ටෙලි නාට්‍ය හරහා බොහෝ දෙනෙක්ගේ ආදරේ දිනාගත්තු ආකර්ෂණීය රංගන ශිල්පිනියක් තමයි නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ. ඇය ගැන කතා කරද්දි ඇය මේටලි නිර්මාණය රංගනයෙන් දායකත්වය දැක්වූ දෙව්මි කියන චරිතය හරහා තමයි බොහෝ සෙයින් ප්‍රසිද්ධ වුණේ. ඒ වගේම මෑත කාලයේදී නම්  නයනතාරා ඉන්දියාවට වෙලා අධ්‍යාපන කටයුතුත් එක්ක කාර්යබහුල වෙලා කියලා ආරංචි.ඇයට ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පියෙක් විසින් පවත්වනු ලබන රංගන පාසලක ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.ලංකාවේ ප්‍රථම අවස්ථාවට තමයි රංගන ශිල්පිනියකට මේ වගේ අවස්ථාවක් හම්බවෙලා තියෙන්නේ.ඉතින් ඒ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඒ තුළින් හොඳින් අධ්‍යාපනය ලබන බලාපොරොත්තු වෙනවා කියලත් සඳහන් කරලා තිබුණා. ඒ වගේම නයනතාරා ගැන කතා කරද්දිත් ඇය දෙවැනි ඉනිමේ අවන්ත කියන චරිතයේ ආදරණීය පෙම්වතිය විදිහට තමයි රංගනයෙන් දායකත්වය දැක්වුවේ. ඉතින් ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේදීත් ඇත්තටම ගැලපෙන කපල් එකක් කියලා හැමෝම කියන්න පටන් ගත්තා. ඒ දේවල් එක්ක නයනතාරා විවාහ වෙන්න යනවා කියන කතාව ඇත්තද  කියලා අහපු අවස්ථාවකදී ඇය කිව්වේ මේ වගේ කතාවක්. “ඒක නම් ලොකුම බොරුවක් විවාහයක් ගැන මං

ඉරාජ්- සුදා වලිය නැඟලම යයි.ඉරාජ් ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකදී රටටම ඇහෙන්න සුදාව චාටර් කරපු හැටි

Image
  කලාකරුවන් දෙදෙනෙක් හැටියට ක්ෂේත්‍රයේ බොහෝ අවස්ථාවන්වලදී නොයෙකුත් දෙනාගේ අවධානයට ලක්වුණු පුද්ගලයන් දෙදෙනෙක් තමයි ඉරාජ් වීරරත්න සහ සුදන්ත තිලකසිරි.සුදන්තට බොහෝ දෙනෙක් කතා කරන්නේ සුදා කියල.මේ දෙන්නම දේශපාලන පක්ෂ ගැඹුරින් විවේචනය කිරීම නිසා බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වුණා ඒවගේම තමයි ඉරාජ් සහ සුදා කියන්නේ එකිනෙකට වෙනස් දේශපාලන මත දරන දෙන්නේ. ඒ නිසාම පසුගිය දවසක මේ දෙන්නා දෙන්නටම විරුද්ධව විවිධ දෝෂාරෝපණ එල්ල කරගෙන තිබුණා.එය අතර ඉරා සුදාට ප්‍රසිද්ධියේම ස්වර්ණවාහිනිය විකාශය වන හිත ඉල්ලන තරු රූපවාහිනී වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා ආරාධනාවක් කළා. මේ ආරාධනාව මේ වැඩසටහන මෙහෙයවන නිවේදකයා විසින් සිදු සිදු කළත් ඉරාජ්මය අවස්ථාවට සම්බන්ධ වුණත් සුදා ඒ අවස්ථාවට සම්බන්ධ වුණේ නැහැ.ඔහු වෙනම වීඩියෝවක් නිකුත් කරලා කියලා තිබුණේ ඉරාජ් වගේ මිනිස්සුත් එක්ක එකට වාඩිවෙලා ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන්වල කෑගහන්න ඔහු කැමති නෑ කියලයි. හැබැයි ඉරාජ් මේ වැඩසටහනට සම්බන්ධ වුණා. ඔහු සෑම අවස්ථාවකදීම සුදාට වැඩසටහනට එන්න කියලා තමයි ආරාධනා කළේ. හැබැයි කිසිම අවස්ථාවක සුදා වැඩසටහනට ආවේ නැහැ. සුදා කැමරා ටිකක් අරගෙන ගිහින් වැඩසටහන වික

මගේ වයසත් එක්ක මට ගැලපෙනවනම් ඕනෑම ඇඳුමක් මම දෙපාරක් හිතන්නෙ නැතුව අඳිනවා

Image
  කලා ලෝකය තුළ ආදරණීය රංගන ශිල්පිනියක් විදිහට බොහෝ දෙනෙක්ගේ හදවත දිනාගත්තු ඇය ප්‍රියසාත් පවුලේ ආදරණීය වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද්. ඇය ගැන කතා කරද්දි ඇයට පියාගේ පාර්ශවයෙන් උරුම වුනු හැකියාවන් එක්ක තමයි පුංචි තිරයටත් රිදී තිරයටත් ගොඩ වුණේ. මේ දිනවල විකාශය වන විසල් ආදරය කියන චිත්‍රපටිය තුලත් දිනක්ෂි බොහෝ දෙනෙක් කතාබහ කරන චරිතයක් නිරූපණය කරනවා. ඉතින් ඒ චරිතයටත් බොහෝ දෙනෙක්ගේ ආදරය හිමි හිමිවෙලා මේ වෙද්දී මේ චිත්‍රපටය ආදායම් වාර්තා තබමින් තිරගත වෙනවා කියලත් ආරංචියි. ඒ වගේම තමයි පසුගිය දවසක දිනක්ෂි සහභාගී වූ වැඩසටහනක් සඳහා ඇය ඇඳපු ඇඳුමක් ගැන බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගත්තා. ඒ ඇඳුම සංස්කෘතියට ගැලපෙන්නෑ කියලත් සමහරක් දෙනවා කියන්න පටන් ගත්තා.ඒ සියලුම අදහස් එක්ක ඒ සම්බන්ධයෙන් අහපු අවස්ථාවකදී දිනක්ෂි කිව්වේ මේ වගේ කතාවක්. “එතැනදි මම කරන චරිතයට මම සාධාරණයක් කරන්න ඕනෑ. එතැනදි මගේ සීමාවන්ට  අනුව මට ගැළපෙනවා නම් මම ඒ ඇදුම අඳිනවා. ඒ වගේම මගේ වයසත් එක්ක, මට ගැළපෙනවා නම් මම දෙපාරක් නොසිතා ඒ ඇ දුම අඳිනවා. මම ඉන්ස්පයර් වෙලා තිබෙන්නේ මගේ අම්මාගෙන්. පොඩි කාලේ ඉඳලම මම දැක්කේ මගේ අම්මා හරිම ලස්සනට

අංජලිව මට හම්බවුණේ අවුරුදු 21දි. එයාව ජීවත් කරවන්න බෑ එයාගේ හදවත වැඩ නෑ කිව්වා

Image
  එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය ගායන ශිල්පිනියක් තමයි  කේ සුජීවා කියන්නේ.ඇය ගැන කතා කරද්දි ඇය විසින් ගායනා කරපු ඉඟි මරණ තරු රෑන කෝ කියන ගීත නිසා තමයි ඒ සුජීවා කියන චරිතය බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ. ඒ සියලු දේවල් එක්ක ඇය ජීවිතය නොයෙකුත් අභියෝගවලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම ආදරය කසාදය කියන තැනදි ඇයට වැරදුණු තැන් බොහොමයි.එක්තරා අවස්ථාවකදී ඇය කියන විදිහට ඇය ජීවිතයේ විඳින්න ඕනේ සියලුම අත්දැකීම් ඇඳපු කෙනෙක්. ඇයට දැන් ඉතුරු වෙලා තියෙන්නේ මැරෙන්න විතරයි ඒ අත්දැකීම විතරයි තාම ඇයට අඩුයි. සුජීවගේ ජීවිත කතාව ගැන අහද්දි අංජලී කියන්නේ ඇයගේ ජීවිතේ පළවෙනිම දරුවා. ඉතින් ඇය ඉපදුනු විදිහ පිළිබඳව එක්තරා අවස්ථාවකදී සුජීව කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “අංජලීව මට හම්බවෙන්න ඉද්දි මට අවුරුදු විසි එකයි. ඒ නිසා ඒකෙ ලොකු බරපතලකමක් මම දන්නෙ නැහැ.එතකොට අපේ ගෙදර බබෙක් හිටියේ නෑ අපේ අයියයි අක්කයි බැඳලා හිටියට එයාලට බබාලා හිටියෙ නෑ.මට බබේ කම්බෙන්න ඉන්නවා කිව්වහම ඔක්කොමලා පුදුම උනා මොකද අපේ පවුලට හම්බවෙන පළවෙනි බබා.අන්ජණි මගේ බඩේ ඉන්න ඕනි දවස් ගානටත් වඩා වැඩිපුර හිටපු කෙනෙක්. එයා ද

චීනයේම කතාබහට ලක්වුණු “මල් කුමාරයා’ චීනයේම ගේම් එකක කොටසක්?

Image
මේ දවස්වල වැඩි වශයෙන් කතාබහට ලක්වෙන චරිතයක් තමයි චීනයේ බොහෝ දෙනා ආකර්ෂණයට පත් කරපු මල් කුමාරයාගේ චරිතය.ඔහු මල් මිටක් අරගෙන සංචාරකයන් ගමන් කෙරූ බස් රථයක් පසුපස දුවගෙන ගොස් ඒ මල් මිට විකුණන්නට ගත්ත උත්සාහයකදී තමයි මෙන්න මේ විදිහට චීන ජාතිකයන්ට මේ තරුණයාව මුණ ගැහෙන්නේ. ඔහුගේ අවංක බව සහ අව්‍යාජ සිනහව නිසාම චීනය පුරාවටම මේ තරුණයා ගැන කතාබහ කරන්න පටන් ගත්තා.ඔහු ජීවත් වෙන්න ගන්න උත්සාහය ගැන හැමෝම කතා කළා.ඒවගේම චීනයෙන් ලංකාවට ආපු සංචාරකයන් බොහොමයක් දෙනා මේ මල් කුමාරයාව බලන්නේ නැතුව ආපහු චීනෙට ගියේ නෑ.ඒ තරම්ම ඔහු ලංකාවේ වගේම චීනයේම ප්‍රසිද්ධ තරුවක් බවට පත්වුණා. චීන ජාතිකයන් විසින් ඔහු චිත්‍රයට පවා නැගුවා.ඇත්තටම ඒ වගේ ආදරයක් චීන ජාතකයන්ගෙන් මේ තරුණයාට ලැබුණේ ඇයි? දැන් සංචාරය කරන හැමෝම මේ තරුණයාව බලන්නැතුව ආපහු යන්නේ නෑ.ඇත්තටම මෙච්චර දවසක් චීනෙට බැන බැන හිටපු ලංකාවේ මිනිස්සුත් ඔන්න දැන් චීනෙට ආදරේ කරන්න පටන් අරන්.ඒ අපේ මල් කුමාරයාට දුන්නු ආදරේ නිසා.ඇත්තටම මේ දේවල් පිටිපස්සේ තියෙන්නේ මොන වගේ කුමන්ත්‍රණයක්ද කියන දේ විද්‍යානුකූලව බැලුව විට කෙනෙක්ට අනිවාර්යෙන්ම පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ම

මම නීරෝගීකම ගැන ගොඩක් සැලකිලිමත් වන කෙනෙක් තෙල්, සීනි, පිටි කෑම කන්නෙම නැහැ

Image
ගායන ලෝකය තුළ ආදරණීය ගායිකාවක් විදියට බොහෝ දෙනෙක්ගේ හදවත් තුළ ලැගුම්ගත්තු ගායිකාවක් තමයි නෙලු අධිකාරි කියන්නේ.ඇයගේ ලස්සන මේවරු කටහඬ නිසාම ඇය විසින් ගායනා කරපු ගීත රැසක් අදටත් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත්තු නිර්මාණ බවට පත්වුණා. ඇයගේ කටහඬ වගේම ඇයත් එදා වගේම තාමත් තරුණයි. ඉතින් මේ විදිහට තරුණ වෙලා ඉන්න ඇය වෙසෙන අනුගමනය කරන ඇයටම ආවේණික වූ රූපලාවන්‍ය ක්‍රමයක් තියෙනවාද කියලා අහපු අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් නෙළු අධිකාරි මහත්මිය අදහස් එකතු කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි. “මම දරුවො දෙන්නෙක්ගේ මවක් දරුවන් ලැබුණු අවධියේදී ශරීරය සිදුවන වෙනස්වීම් එක්ක මම ටිකක් මහත් වෙන්න පටන් ගත්තා.ඒ තත්ත්වයට මම එච්චර කැමති වුණේ නෑ. ඒ නිසා ඒ කාලෙදි මම මගේ ශරීරය බර පාලනය කරගන්න උත්සාහ ගත්තා. දරුවන් ලැබුණු අවධිය ශරීරය ගැන නොසිතුවා නම් අදත් මට ලස්සන සිරුරක් ලබා ගැනීම හීනයක් වෙන්න තිබුණා.මම නීරෝගී කම ගැන නම් ගොඩක් සැලකිලිමත් වන කෙනෙක් තෙල් සීනි පිටි කෑම කන්නෙම නැති තරම්” ඉතින් නෙලූ අධිකාරි මහත්මිය ඔන්න විදිහට තමයි ඇය ලස්සන වෙන්න  කරපු දේවල් සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ

මම කාගෙන් හරි රුපියලක් ගත්තත් ඒක දෙනකල් හදිස්සියි.මට ඕනි රුපියලක්වත් ණය නැතුව මැරෙන්න

Image
අපේ කලා ලෝකය තුළ ආදරණීය රංගන ශිල්පිනියක් විදිහට බොහෝ දෙනෙක්ගේ ආදරය ගෞරවය දිනාගත්තු ඇය දමිතා අබේරත්න.සිංහල ටෙලි නාට්‍ය කලාවේ වගේම සිනමාවේ අද්විතීය චරිත රැසක් නිරූපණය කරපු ඇය අද වන විට සමාජය තුළ කතාබහ කරන චරිතයක් බවට පත්වෙලා. පසුගිය කාල සීමාවේදී දමිතා අරගලය කරන භූමිය තුළ ක්‍රියාකාරී සාමාජිකාවක් විදිහට වැඩ කළා.ඒ නිසා හැමෝම ඇයට ලක් කම්මා කියන අන්වර්ථ නාමයෙන් කතා කරන්නත් අමතක කළේ නෑ.මේ සියලු දේවල් එක්ක පසුගිය දවසක දමිතට බන්ධනාගාරගතවෙලා දවස් කීපයක් ඉන්න සිද්ධ වුණා. ඒකට හේතුව වුණේ කොරියන් යවනවා කියලා එක්තරා මනුස්සයෙක්ගෙන් දමිතා මුදල් වංචා කරා කියන චෝදනාවයි.හැබැයි තවමත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිද්ධ වෙනවා.ඒ කෙසේ නමුත් දමිතා ඒ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබ්බේ මේ විදිහටයි. “දමිතා අබේරත්න කාටවත් වංචා කරල නෑ කාගෙවත් දෙයක් කඩා වඩාගෙන නෑ.කාගෙන් හරි රුපියලක් ගත්තත් ඒක දෙනකල් හදිස්සියි.මොකද මට හැමදාම ඕනි වුණේ අපේ රටට රුපියලක්වත් ණය නැතුව මැරෙන්න.මම පැපිලියන ගමේ ඉන්නේ. ගේ තියෙන්නේ අපේ ආච්චිගෙන් ලැබුණු  ඉඩමක.මං පාවිච්චි කරන ෆෝන් නම්බරේ අවුරුදු විසි පහක් විතර පරණයි. මං ඔය කියන විදිහේ දේවල් කරා නම්

මගේ අක්කා මං කළු නිසා දෙවැනි මනමාලිටවත් ගත්තේ නෑ. මාව කොන් කළා.සුදුවුණු රහස හෙළි කරන සුජීවා

Image
එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ආදරණීය ගායිකාවක් තමයි කියන්නේ.ඇය නිතරම සතුටින් විනෝදෙන් ඉන්න කෙනෙක්.සුජීවගෙ ජීවිතය දිහා බලපුවම විවාහය කියන තැනදි අයට නොයෙකුත් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මුලින්ම ඇය විවාහ වුණේ ගෙදරින් බල කරපු නිසා ඒ අවුරුදු දාසයක් වගේ ලාබාල වයසකදී.හැබැයි ඒ විවාහය සාර්ථක නොවනු නිසා ඇය ඔහුගෙන් වෙන්වෙනවා.ඊට පස්සේ අපි දන්නා පරිදි ඇය ක්ෂේත්‍රය තවත් දක්ෂ ගායකයෙක් සමඟ අවුරුදු පහක පමණ කාලයක් එකට ජීවත් වුණා. හැබැයි මේ වන විට ඇය මේ කසාදෙනුත් වෙන් වෙලා ආදරණීය දියණියන් දෙදෙනා සමඟ සතුටින් ජීවිතය ගත කරනවා.සුජීව ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ ඕනිම කෙනෙක්ට මතක ඇති එයා හරිම මහතයි. ඒ වගේම ලොකුවට සුදු නෑ.උප්පත්තියෙන්ම ඇය කළු කෙනෙක් ඇත්තටම ඇය සුදුවුණු විදිහ ගැන හැමෝම අහල තිබ්බා.ඒ සම්බන්ධයෙන් සුජීවා කිව්වේ මේ වගේ කතාවක්. “ඇත්තටම මම රූපලාවණ්‍ය  පැත්තෙන් ඉගෙන ගත්තේ මගේ පෙනුම වෙනස් කරගන්න.මොකද සමාජයෙන් හැමෝම මාව කොන් කලේ මගේ පාට නිසා අපේ ගෙදර හැමෝම ගොඩක් ලස්සනයි.සුදුයි.මම ගොඩක් ගැප් එකකින් පස්සේ ඉපදුණු කෙනෙක් ඒ නිසා මගේ පෙනුම  ගොඩක් පුංචි මගේ අක්කයි අයියයි එක කො

මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. ඒකෙන් අයින් වෙලා දැන් සංගීත ගුරුවරියක් විදිහට වැඩ කරනවා

Image
  බොහෝ අවස්ථාවන්වලදී රූපවාහිනියේ සිහිනයකි රෑ මාත්‍රා ආදි වැඩසටහන්වල ගීතයෙන් ප්‍රේක්ෂකයන්ව මුසපත් කරන ඇයව කොයි කාටත් මතක චරිතයක්.ආදරණීය පියාවන ගිරි රාජ් කෞෂල්‍යයන්ගේ අඩි පාරේ යම් එන් කලාවට අවතීර්ණ වූ ඇය ඔහුගේ ආදරණීය දියණිය වන අමන්දා උත්පලී. පසුගිය කාල සීමාවේදී අමන්දා දක්ෂ රංගන ශිල්පිනියක් ඒ වගේම දක්ෂ ගායිකාවක් විදියටත් ක්ෂේත්‍රය පුරාවටම ප්‍රසිද්ධ වුණා.ඇය විසින් ගායනා කරපු මොන්නන්දා කියන ගීතය තමයි පසුගිය දවස්වල ඉහල ජනතා ආකර්ෂණයක් දිනා ගත්තු නිර්මාණයක් වුණේ. ඊට අමතරව ඇය ටෙලි නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායකත්වය දැක්වූවා. ඒ වෙද්දිත් ගිරිරාජ් කෞශල්‍යයන් අසනීප වෙලා ගෙදරට වෙලා හිටපු කාලයක්. ඒ නිසා ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරයෙන් ඔහුගේ දියණිය ආදරයෙන් පිළිගත්තා.ඒ සියලු දේවල් එක්ක ඇය ජීවිතේ ගත කරන විදිහ ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්. මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. දැන් රැකියාවෙන් අයින් වෙලා කලාව පැත්තට පූර්ණ කාලීනව යොමු වෙලා ඉන්නේ.දැනට සංගීත ගුරුවරියක් විදිහට මගේම කලායතනයක් පවත්වාගෙන යනවා.නිළියක් විදිහට තාත්තගෙ ගුරුහරුකම් යටතේ හොඳ නාට්‍ය වලට දායක වෙලා රංගනය පැත්තෙන් ඉස්සරහට යන්නත් ලොකු බලාපොරොත්ත

මම අවුරුදු 23දී බොන එක නැවත්තුවා. ඊට පස්සේ තමයි යාළුවෝ නැති වුණේ.සුනිල් පෙරේරාගේ පුතා කියන කතාව

Image
අපේ ගායන ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරපු ආදරණීය ගායකයෙක් තමයි සුනිල් පෙරේරා කියන්නේ.ඔහු කවුරුත් නොසිතපු අනපේක්ෂිත අවස්ථාවකදී අපි අතරින් සමු ගත්තා.හැබැයි අද වන විට ඔහුගේ අඩුව පුරවන්න ඔහුගේ ආදරණීය පුතා ගයාන් පෙරේරා සංගීත ක්ෂේත්‍රයත් එක්ක අත්වැල් බැඳගෙන වැඩකටයුතු කරනවා. ගයාන් ගැන නිතරම ගීත කියන නිතරම මාධ්‍යයත් එක්ක පෙනී ඉන්න ගායකයෙක් නෙවෙයි. නමුත් ඔහු ඉඳලා හිටලා හරි නිර්මාණයක් කළොත් ඒ නිර්මාණය ලංකාවේ අංක එකේ රැල්ලක් බවට පත්වෙනවා.පසුගිය දවසක ඔහු විසින් ගායනා කරපු පොඩ්ඩක් සයිකෝ කියන ගීතයත්  ප්‍රසිද්ධ වෙච්ච නිර්මාණයක් බවට පත්වුණා. ඒ සියලු දේවල් එක්ක ජීවිතේ ගැන හරි අලුත් විදිහට හිතන ගයාන් කරපු එක්තරා ප්‍රකාශයක් සමාජ මාධ්‍ය පුරාවටම වැඩි වශයෙන් ප්‍රචාරය වෙන්න පටන් ගත්තා.ඔහු මේ ප්‍රකාශය කරේ ඔහුගේ ජීවිතය ගැන.ගයාන් ඒ ආකාරයෙන් සිදුකළ ප්‍රකාශය පහතින් දක්වා ඇත. “මම බොන එක නැවැත්තුවා. එහෙම වුණාට පස්සේ මට දැන් යාළුවො ඇත්තටම නැත්තේ මම වැඩිය බොන්නේ නැහැ. වැඩිය නෙවෙයි මම කොහෙත්ම බොන්නේ නැහැ. මම බීම නැවැත්තුවාට පස්සේ යාළුවෝ ඔක්කොම නැති වුණා. මම ගැරන්ට් කරනවා බොන එවුන්ට ඇත්තමයි, බීම නැවැත්තුවාට පස්සේ ඉන්න යා

කොහොමටවත් මට සචින් අයියා වෙන්න බෑ.ඒකෙ බරපතළකම මට හොඳට තේරුණා

Image
අපේ කලා ලෝකය තුළ කාලෙන් කාලෙට විවිධ ආධුනික කලා ශිල්පීන් අපිට දැක බලා ගන්න අවස්ථාව උදාවෙනවා.ඒ ආකාරයෙන් කලාවට ආධුනික රංගන ශිල්පියෙක් විදිහට ඇවිල්ලා තමන්ගේම ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන ඉන්නා අදරණීය කලාකරුවෙක් ගැන සඳහන් කරන්න තමයි මේ සූදානම.ඔහු නමින් ආධුනික රංගන ශිල්පී ෂෙහාන් ප්‍රභාත්. ෂෙහාන්ව අපිට හම්බවෙන්නේ කියාදෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණයෙන් නිර්වාණය චරිතය හරහා. කලින් මේ චරිතය නිරූපණය කරේ ප්‍රවීණ රංගන ශිල්පීන් සචින් ලියනගේ.හැබැයි යම් යම් ප්‍රශ්න ගැටලු නිසා ඔහු මේ චරිතයට සමුදෙනවා. එතැන් පටන් චරිතය නිරූපණය කරේ ආධුනික රංගන ශිල්පී ෂෙහාන් විසින්. හැබැයි ඔහුට රංගනය පිළිබඳව එතරම් ලොකු දැනුමක් නැහැ.ඔහු වෙළඳ දැන්වීම් දෙකකට රංගනයෙන් දායකත්වය දක්වලා තිබුණත් මේ වගේ දෙයක් කරන්න  ලැබුණු පළවෙනි අවස්ථාව තමයි මේ.ඒ නිසාම බොහෝ ප්‍රේක්ෂකයන් ඔහුට හොඳ වගේම නරකත් කියන්න පටන් ගත්තා.සියයට සීයක්ම ඔහුට කලින් මේ චරිතය නිරූපණය කරපු සචින් ලියනගේ වගේ වෙන්න බැහැ බැහැ. හැබැයි එහෙමයි කියලා ඔහු ඔහුගේ උත්සාහය අතාරින්නෙත් නෑ. ඒ සම්බන්ධයෙන් ඔහු කිව්වේ මේ වගේ කතාවක්. “මුලදිම සචින් අයියා මට හැමදේම කියල දුන්නා. දැන් වුණත් දෙයක් ඇහ

මගේ නිරුවත් වීඩියෝ එකක් ආවත් සම්පත් ඒක ප්‍රශ්නයක් නෑ කිව්වා. ඒක කියද්දි මගේ ඇස් වලට අදටත් කඳුළු එනවා

Image
කලා ලෝකය තුළ ආකර්ෂණීය රංගන ශිල්පිනියක් විදිහට විවිධ ටෙලි නිර්මාණත් එක්ක සම්බන්ධ වුණු ඇය කොයි කවුරුත් දන්න මහේශී මදු සංකා.පසුගිය කාලසීමාවේදී ඇය පිළිබඳව වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තේ ඇය එක්තරා ප්‍රසිද්ධ නාලිකාවක් වෙනුවෙන් විරුද්ධව කතා කරපු නිසයි. හැබැයි පුංචි කාලේ ඉඳන්ම මහේෂිට අසාධාරණය පේන්න බෑ. ඒ නිසාම ඇය ඒ වෙනුවෙන් කතා කරන්නත් දෙපාරක් හිතන්නෙ නැහැ.ඉතින් ඒ වගේ සිදුවීමක් තමයි පසුගිය දවසකත් සිද්ධ වෙලා තිබ්බේ.කෙසේ නමුත් ඒ සියලු දේවල් එක්ක අද වන විට මහේෂි ආදරණීය සැමියත් එක්ක ජීවත් වෙන්නේ පිටරට ඒ කියන්නේ ඩුබායිවල. මහේශිගේ සැමියා ගුවන් නියමුවරයෙක් විදිහට වැඩ කටයුතු කරන කෙනෙක්. ඔහුගේ  රැකියාව නිසා තමයි ඇයටත් මේ විදිහට විදෙස් ගත වෙන්න සිද්ධ වුණේ.ඇය හැම වෙලාවෙම ඇයගේ ආදරණීය සැමියා ගැන ගොඩක් ආදරෙන් කතා කරන බිරිඳක්.ඇය ප්‍රාර්ථනා කරන්නේ හැමෝටම ඒ වගේ සැමියෙක් ලැබෙන්න කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් අහපු අවස්ථාවකදී මහේෂි කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “එක තැනකදි නෙවෙයි හැමතැනකදීම මං කියනවා සම්පත් වගේ සැමියෙක් හැම කාන්තාවකටම ලැබෙන්න කියලා. සම්පත් මට හමුවෙද්දි මං එක ප්‍රේම සම්බන්ධයකට රැවටිලා හිටියේ. ඒක අවු

මට පුතාව ලංකාවෙ තියන්න ඕනි නැහැ නැහැ. කැපකිරීම් කරලා තමයි එයාව නෙදර්ලන්තෙ තියලා තියෙන්නේ.

Image
කලා ලෝකය තුළ ඉන්න ආදරණීය ඒ වගේම කටකාර හැඩකාර රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ.යෝජනා ගැන කතා කරද්දි ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය හරහා තමයි බොහෝ සෙයින් ප්‍රේක්ෂකයන් හමුවට ගියේ. ඒ වගේම මේ දවස්වල නම් ඇය ජීවිතේ ගොඩක් සතුටින් ගත කරනවා කියලා ආරංචියි.ඒකට හේතුව ඇයගේ පුංචි පුතා ලංකාවට ඇවිල්ලා.ලෝචනාගේ ආදරණීය පුතා අවුරුදු ගණනාවක්ම නෙදර්ලන්තය තමයි ජීවත් වුණේ. ලෝචනාගේ ආදරණීය සැමියා ලසන්තත් එක්ක තමයි පුතා නේද ලන්තයේ ජීවත් වෙන්නේ. හැබැයි අවුරුදු දෙකකට පස්සේ ලෝචනා ආයෙමත් සැරයක් පුතාව ලංකාවට ගෙන්න ගන්නවා.ඒ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන්න.බොහෝ දෙනෙක් ඇයට චෝදනා කරලා තිබ්බා පුතාව ජීවිතෙන් ඈත් කරලා fun එකේ එයා ජීවිතේ විඳිනවා කියලා.හැබැයි ඇත්තටම පුතාගෙන් ඈත්ව ගත කරන ඒ ජීවිතේ සහ ඒ කැප කිරීම පිළිබඳව ලෝචනා හරිම සංවේදීව කියල තිබ්බේ මේ වගේ කතාවක් “ඒ කාලය ගැන කියන්න හරිම අමාරුයි. මම නිතරම ස්ට්‍රෙස් පිට ඉන්නේ. පුතාගේ ළඟ ඉන්න නැති එක ඕනෙම අම්මා කෙනෙක්ට දුකක්නේ. මගේ ජිවිතේ යම් යම් දේවල් කැප කරලා තමයි පුතාව නෙදර්ලන්තයේ තියන්නේ. මමයි ලසන්තයි තීරණය කළේ අපේ පුතාව එහෙ තියලා එහෙ විදියට හදමු කියලා. ඒ අවස්ථාව හැම

අපි විවාහ වෙලා අවුරුදු තිස්පහක්.පඩිය ගත්තහම එයාගෙ අතට දෙන්නේ.අඩුම මම ගෙදර තේ එකක්වත් හදන්නේ නෑ

Image
කැලුම් ශ්‍රී මාල් කිව්වහම නම් බොහෝ දෙනෙක් ඔහුගේ කටහඬට ආදරේ කරනවා.දක්ෂ නිවේදකයෙක් ඒ වගේම අති දක්ෂ ගී පද රචකයෙක් වැදිහට කලාව තුළ වැඩ කටයුතු කරන ඔහු ප්‍රධාන සංගීත ප්‍රසංග කීපයකම නිත්‍ය නිවේදකයා විදිහටත් කටයුතු කරනවා. කැලුම් ගේ පෑන් තුඩින් හැඩ වැඩ වුණු ගීත මේ වෙද්දි හස්සියක් පමණ තියෙනවා. ඒ තරම් ඔහු දක්ෂයෙක්.2015 අවුරුද්දේ ඔහුට ආරාධනාවක් එනවා දෙරණ නාලිකාවේ මා නොවන මා වැඩසටහනට නිවේදකයෙක් විදිහට සම්බන්ධ වෙන්න. එතෙක් ආ ගමන් මග තුළ ඔහු අදවන විට සාර්ථක ස්වාමිපුරුෂයෙක් ඒ වගේම ආදරණීය පියෙක් වෙලා අවසන්. ඉතින් ඒ සියලුම දේවල් වලට උදව් උපකාර කරන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ ඒ සම්බන්ධයෙන් කැලුම් කියලා තිබ්බේ මේ වගේ ආදරණීය කතාවක්. “මගේ හාමිනේ අනුෂා නිලන්ති. අපි විවාහ වෙලා අවුරුදු 35යි. මගේ නංගිගේ යාළුවා තමයි අනුෂා. ඇය ඒකාලේ අපේ ගෙදර එනවා නංගී එක්ක නැටුම් පුරුදු වෙන්න. එයාගේ අයියත් මගේ යාළුවෙක්. අන්තිමට අයියා නංගි කිය කියා ආශ්‍රය කළ අපි ආදරේ කරලා විවාහ වුණා. තවම එයා මට අර පුරුද්දට කතා කරන්නේ අයියා කියලා. මගේ නංගිලා අනුෂාට හරි ආදරෙයි. නංගිලාට වඩා මගේ බිරිඳ අම්මට ආදරෙන් හොඳින් බලා ගත්තා කියනවා. මම ගෙදර කිසිම දෙයක

මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල පහළට

Image
ලෝක ගෑස් වෙළඳපලේ මිල උච්චා වචනයන් නිතර සිදු වූවත් ලංකාවේ ගෑස් සපයන ප්‍රමුඛතම ආයතනයක් වන ලීටර් සමාගම අංක එකට සිය පාරිභෝගික ජනතාවගේ සුබ සෙත පිළිබඳව අවධානය යොමු කළා.ඒ අනුව ඔවුන් අවස්ථා කීපයකදීම  සිය පාරිභෝගිකයන්ට මිල සහන ලබා දෙන්නත් අමතක කළේ නැහැ. ඒ අනුව මැයි මාසයට අදාළ ලිට්රෝ ගෑස් මිල ගණන් පිළිබඳව සුවිශේෂී ප්‍රකාශයක් ලිට්රෝ සභාපති  ගරු මුදිත පීරිස් මහතා විසින් අද දින ප්‍රකාශයට පත් කළා.  එකී ප්‍රකාශයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්රෝ  සමාගම සූදානම්. ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රු. 175කින් පහළ යන අතර එහි නව මිල රු.3940.00  දක්වා පහත යයි. ඊට අමතරව 5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් පහළ යන අතර එහි නව මිල  රුපියල් 1582ක් ලෙස සඳහන්වේ. ඒ වගේම 2.3kg  ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් පහළ යන අතර එහි නව මිල රුපියල් 740 ක් ලෙස සඳහන් වේ. ජනතාවට වඩා සුරක්ෂිත සේවාවක් ලබාදීම ඔවුන්ගේ මූලික අරමුණ බව අවසානයේ ලිට්රෝ  සභාපති ගරු මුදිත පීරිස් මහතා සඳහන් කළේය.