දෙවනි ඉනිම ටෙලි නාට්‍ය හරහා බොහෝ දෙනෙක්ගේ ආදරේ දිනාගත්තු ආකර්ෂණීය රංගන ශිල්පිනියක් තමයි නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ. ඇය ගැන කතා කරද්දි ඇය මේටලි නිර්මාණය රංගනයෙන් දායකත්වය දැක්වූ දෙව්මි කියන චරිතය හරහා තමයි බොහෝ සෙයින් ප්‍රසිද්ධ වුණේ.

ඒ වගේම මෑත කාලයේදී නම්  නයනතාරා ඉන්දියාවට වෙලා අධ්‍යාපන කටයුතුත් එක්ක කාර්යබහුල වෙලා කියලා ආරංචි.ඇයට ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පියෙක් විසින් පවත්වනු ලබන රංගන පාසලක ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.ලංකාවේ ප්‍රථම අවස්ථාවට තමයි රංගන ශිල්පිනියකට මේ වගේ අවස්ථාවක් හම්බවෙලා තියෙන්නේ.ඉතින් ඒ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඒ තුළින් හොඳින් අධ්‍යාපනය ලබන බලාපොරොත්තු වෙනවා කියලත් සඳහන් කරලා තිබුණා.

ඒ වගේම නයනතාරා ගැන කතා කරද්දිත් ඇය දෙවැනි ඉනිමේ අවන්ත කියන චරිතයේ ආදරණීය පෙම්වතිය විදිහට තමයි රංගනයෙන් දායකත්වය දැක්වුවේ. ඉතින් ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේදීත් ඇත්තටම ගැලපෙන කපල් එකක් කියලා හැමෝම කියන්න පටන් ගත්තා. ඒ දේවල් එක්ක නයනතාරා විවාහ වෙන්න යනවා කියන කතාව ඇත්තද  කියලා අහපු අවස්ථාවකදී ඇය කිව්වේ මේ වගේ
කතාවක්.

“ඒක නම් ලොකුම බොරුවක් විවාහයක් ගැන මං තාම හිතලා නෑ මට කියන්න ආදර කතාවකුත් තවම නැහැ. ඉදිරියේදී බලමු. හැමදාම මට ආදරේ කරන මාව විශ්වාස කරන ආදරණීය ප්‍රේක්ෂකයන්ට තමයි මං ගොඩක් ආදරේ කරන්නේ”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඇයගේ ජීවිතය ගත කරන විදිහ පිළිබඳව කියලා තිබුණේ.