ගායන ලෝකය තුළ ආදරණීය ගායිකාවක් විදියට බොහෝ දෙනෙක්ගේ හදවත් තුළ ලැගුම්ගත්තු ගායිකාවක් තමයි නෙලු අධිකාරි කියන්නේ.ඇයගේ ලස්සන මේවරු කටහඬ නිසාම ඇය විසින් ගායනා කරපු ගීත රැසක් අදටත් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත්තු නිර්මාණ බවට පත්වුණා.

ඇයගේ කටහඬ වගේම ඇයත් එදා වගේම තාමත් තරුණයි. ඉතින් මේ විදිහට තරුණ වෙලා ඉන්න ඇය වෙසෙන අනුගමනය කරන ඇයටම ආවේණික වූ රූපලාවන්‍ය ක්‍රමයක් තියෙනවාද කියලා අහපු අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් නෙළු අධිකාරි මහත්මිය අදහස් එකතු කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි.

“මම දරුවො දෙන්නෙක්ගේ මවක් දරුවන් ලැබුණු අවධියේදී ශරීරය සිදුවන වෙනස්වීම් එක්ක මම ටිකක් මහත් වෙන්න පටන් ගත්තා.ඒ තත්ත්වයට මම එච්චර කැමති වුණේ නෑ. ඒ නිසා ඒ කාලෙදි මම මගේ ශරීරය බර පාලනය කරගන්න උත්සාහ ගත්තා. දරුවන් ලැබුණු අවධිය ශරීරය ගැන නොසිතුවා නම් අදත් මට ලස්සන සිරුරක් ලබා ගැනීම හීනයක් වෙන්න තිබුණා.මම නීරෝගී කම ගැන නම් ගොඩක් සැලකිලිමත් වන කෙනෙක් තෙල් සීනි පිටි කෑම කන්නෙම නැති තරම්”

ඉතින් නෙලූ අධිකාරි මහත්මිය ඔන්න විදිහට තමයි ඇය ලස්සන වෙන්න  කරපු දේවල් සම්බන්ධයෙන් අදහස්
දක්වලා තිබුණේ