නිතරම විරහා ගීත වලින් ප්‍රේක්ෂකයන් මුසපත් කරන නව පරපුරේ ආදරණීය ගායකයෙක් තමයි විරාජ් පෙරේරා කියන්නේ.හදවත ගැහෙනා,සාරිතා වැනි ගීත හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඔහු වසර දෙකකට විතර පස්සේ ආයෙමත් සැරයක් ක්ෂේත්‍රය තුළ වැඩ කටයුතු කරන්න පටන් අරන් 

අවුරුදු පහ තරම් පුංචි වයසදී තමයි විරාජ් සීදුව සපුරා සංගීත කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඒ ඒක පුද්ගල ප්‍රතිසංගයක් කරන්න.ඊට පස්සේ  ඔහු අවුරුදු 18න් පස්සේ සංගීත අධ්‍යක්ෂණය පැත්තටත් යොමු වුණා.

වෘත්තිමය ජීවිතය ඔහු ඒ විදිහට හදා ගත්තත් ඔහුගේ පෞද්ගලික ජීවිතේ නම් යම් යම් අඩුපාඩු තියෙනව.විරාජ් කියන්නේ එක ආදරේකට කොටු වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි. ඔහුට එක්කෙනෙක්ට ආදරය කරන්න බැහැ. ඔහු කියන විදිහට ඒක ඔහුගේ දුර්වලතාවයක්. ඔහු ආදරේ කරද්දී අනිවාර්යෙන්ම වෙන් වෙන්න ඕනිලු.ඉතින් ඒ සම්බන්ධයෙන් විරාජ් කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“විරාජ් කියන්නෙ සෑහෙන ලවර් කෙනෙක්. මං කැමැති නෑ එක ආදරේකට කොටුවෙලා ඉන්න. ඒක මගේ දුර්වලකමක් වෙන්න ඇති. මට ආදරේ හිතෙන කෙනාට මං ආදරේ කරනවා. හැමවෙලාවෙම ප්‍රකාශ කරන්නෙත් නෑ. හිතින් ආදරේ කරනවා. ඒක මගෙ නිර්මාණවලට ගොඩක් බලපානවා. ලබා ගැනීමේ අරමුණෙන්ම ආදරය කරන කෙනෙක් නෙවෙයි මං. නිර්මාණ කරද්දි මට ආදරේ ඕන. මං ගොඩක්ම ආස බ්‍රේක් අප් වෙන තැනට. එතැන තමයි මට දැනෙන තැන. බ්‍රේක් අප් වෙන්නෙ නැත්නම් මං බ්‍රේක් අප් කරගන්නවා. මට ගොඩක් ගෑනු ළමයි ඉඳල තියෙනවා. මං එයාලට ආදරේ කළා. ඒත් ගොඩක් අය මට වෛර කරනවා. මට දැනෙන ආදරේ කවදාවත් මං වළක්වගන්නෙ නෑ. මං ඒක කෙලින්ම කියනවා. ඒක හිතේ ඇතිවෙන හැඟීමක් විතරයි කියන එකත් කියන්නම ඕන. නැත්නම් මිනිස්සු මාව වැරදියට වටහා ගනීවි.”

ඔන්න ඔය විදිහට තමයි විරාජ් ඔහුගේ ජීවිතය ගැන අදහස් දක්වලා තිබුණේ.