මාලනි ෆොන්සේ එකා කියන ආදරණීය රංගන ශිල්පිනියගේ ගුරුහරුකම් යටතේ. ක්ෂේත්‍රයට පැමිණෙන ඇය ඔබ අප කවුරුත් ආදරය කරන සොනාලි ෆොන්සේකා.පසුගිය කාල සීමාවේදී නම් ඇය තාමත් දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කළා කිව්වොත් හරි.ඒකට හේතුව ඇයට ඇයගේ ආදරණීය මෑණියන් පසුගිය දවසක අහිමි වුණා.ඊට කලින් කොරෝනා වසංගත කාල සීමාවේදී සෙනාලිගේ තාත්තා ජීවතුන් අතරින් සමු ගත්තා.

ඇයට තාත්තාගේ මූණවත් අවසන් වතාවට බලන්න හැකියාව ලැබුණේ නෑ.ඒ සියලු දේවල් එක්ක ජීවිතය ගත කරපු ඇය වැඩිපුර කලා කටයුතුත් එක්ක එකතු වෙලා ඉන්නවා අපි දැක්කේ නැහැ.නමුත් ඇය කලාව නම් අත ඇරලා නෑ කියලා තමයි සඳහන් කරන්නේ.

ඇය විටින් විට විදෙස්ගත වෙනවා විදෙස්ගත වෙලා විවිධ අධ්‍යාපන කටයුතුත් එක්ක කාර්යබහුල වෙන ගමන් තමයි කලා කටයුතු ගැන ඇය අවධානය යොමු කරන්නේ.කෙසේ නමුත් කාලෙකට පස්සේ පසුගිය දවසක ඇය ඇය ගත කරන ජීවිතය ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මා මත පැවරුණු වගකීම් වෙනුවෙන් මට වි‌ෙටන් විට විදෙස්ගත වෙන්න සිදු වුණත් මං වැඩිපුරම කැමැති මගේ රංගන කටයුතුත් කරගෙන ලංකාවෙ ජීවත් වෙන්න. තව ඉගෙන ගන්න දේවලුත් තියෙනවා. ඒ වගේම මං ඉගෙන ගත්ත දෙයින් රටට සේවයක් කරන්නත් අදහසක් තියෙනවා. වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමුවීමේ බලාපොරොත්තුවකුත් තියෙනවා. මොනවද ඉදිරියට තව කරන්නෙ කියන එක ලොකුවටම ප්ලෑන් කරල නෑ. මේ මේ දේවල් වෙන්න ඕන කියන දළ අදහසක් තියෙනවා. මට අවශ්‍ය දේවල් ඒ විදිහටම වේවි කියලා හිතනවා. කාලෙකට කලින් මම ආදරය කළා. රැවටුණා. දුක්වින්දා මේ හැම අත්දැකීමක්ම අද ඉන්න මේ සෙනාලිව ගොඩනඟන්න රුකුලක් වුණා. ඉස්සර මං ආදරය විදිහට දැක්කේ ආදරය, රැකවරණය, විශ්වාසය, ගෞරවය, ආකර්ෂණය වගේ දේවල එකතුවක්. ඒත් අද මං ඒක දකින්නේ මානසික නිදහස, ගරුත්වය, සතුට, සුන්දර වචන වගේ දේවල්වල එකතුවකින් විදිහට. මං දන්නව හොඳම දේවල් ලැබෙන්නෙ පරක්කු වෙලා හෙමින් හෙමින් කියලා. මටත් හැමදේම හොඳම විදිහට ලැබේවි කියන විශ්වාසය මා තුළ තියෙනවා.“

කෙසේ නමුත් සියලු අත්දැකීම් එක්ක ඇයට ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේවා කියා අපිත් ප්‍රාර්ථනා කරන්නෙමු