අපේ කලා ලෝකය තුල බොහෝ දෙනෙක් සිනහවෙන් මුසපත් කරන ආදරණීය රංගන ශිල්පියෙක් තමයි ප්‍රියන්ත සෙනෙවිරත්න කියන්නේ.ඔහු ගැන කතා කරද්දි ඔහු ටෙලිනාට රංගන ශිල්පියෙක් විදිහටත් පුංචි තිරයේ සිනමා තරුවක් සහ වේදිකාවේ වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් විදිහටත් ප්‍රේක්ෂකයන් අතරට ආවා.

ඔහු ගැන කතා කරද්දි ඔහු ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගත කරපු චරිතයක්. ඒ නිසාම පවුලේ අය වෙනුවෙන් කැපවෙන්න තිබුණු වෙලාව ඔහුට අහිමි වෙනවා.නමුත් ඒ සියලු දේවල් එක්ක ඔහු ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. ඔහුගේ ආදරණීය දරුවනුත් මේ වෙද්දී උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්නවා.ඒ වගේම තමයි ඔහු රංගනයට අවතීර්ණ වෙන්න කලින් ගුරුවරයෙක් විදිහට වැඩ කටයුතු කරා. ඒ සම්බන්ධයෙන් ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මගේ තාත්තා මට කිව්වා රංගනයට සම්බන්ධ වෙනවා නම් පහසුම රස්සාව තමයි ගුරු රැකියාව කියලා. මම ඔටෝ මොබයිල් ඉංජිනේරු පැත්ත ඉගෙන ගත්තේ. මම අවුරුදු විසිපහ වෙද්දී ගුරුවරයෙක් විදිහට ඉගෙන ගත් පාසලට සම්බන්ධ වෙනවා. ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට. මගේ ගුරුවරු එක්ක මම දරුවන්ට ඉගැන්වීම් කළා. ඒ පාසලේ සහකාර විදුහල්පති වෙලත් අවුරුදු පහක් හිටියා. අවුරුදු තිහක් ගුරු රැකියාවේ ඉඳලා 2020 අවුරුද්දේ විශ්‍රාම ගත්තා.”

ඉතින් ඔහුගේ ඉදිරියේ කලා කටයුතු සහ ඔහුගේ ජීවිතය දිනෙන් දෙනම සාර්ථක වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.