දුලාන් ලියනගේ කියන මේ රංගන ශිල්පියාගේ නම අහපු සැනින් අද වෙද්දි බොහෝ දෙනෙක් ඔහුව අඳුනනවා.ඔහු ඒ තරම්ම ප්‍රේක්ෂක රසික ආදරය දිනාගත්තු ආදරණීය කලාකරුවෙක්. දුලාන් ගැන කතා කරද්දි මේ දිනවල විකාශය වන ලලයි ලිලයි ලයි නාට්‍යයේ සුකුමල් කියන චරිතය හරහා තමයි ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ.

සුකුමල් කියන චරිතය අද වෙද්දි ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරයෙන් වැළඳ ගත්තු චරිතයක් වෙලා. ඒ වගේම තමයි ඒ චරිතය සාර්ථකව රඟදක්වන්න දුලාන්  විශාල කැප කිරීමක් කරලා තියෙනවා.ඉතින් ඒ සම්බන්ධයෙන් හෝ එක්තරා පුවත්පත් සාකච්ඡාවකදී කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ලලයි ලිලයි ලයි නාට්‍ය ගිය අවුරුද්දේ අප්‍රේල් පටන් ගන්න හිටියේ. නමුත් ඒක මේ අවුරුද්දේ තමයි පටන් ගත්තේ. පිටපත ලැබෙද්දි මගේ බර 70ක් විතර. චරිතය සාමාන්‍ය පෙළ පන්තියක ශිෂ්‍යයන් විදිහට ඉන්න එක. ඒ විදිහට ඇඟ හදාගන්න මම කැපවීමක් කළා. අන්තිමට මම කිලෝ 17ක් අඩු කරගත්තා. නාට්‍ය පටන් ගන්න දින කිහිපයක් තියෙද්දි රසික සුරවීර අයියා කිව්වා මල්ලි ටිකක් කෙට්ටු වෙන්න වෙයි කියලා මම කිව්වා මම චරිතයට ඕන විදිහට බර අඩු කර ගත්තා කියලා”

ඉතින් රංගනය වෙනුවෙන් කැප කිරීම් කරන ඔහුට රංගන ජීවිතය තව තවත් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේවා කියා අපේ ප්‍රාර්ථනා කරන්නෙමු