Posts

Showing posts from November, 2023

මෙතුමට බූරු පුතානෝ කියනවා'' මනූෂ - සජිත්ට දෙස් තියයි

Image
  මේවන විට පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද තත්ත්වය පැන නැගී පවති. ජනාධිපතිවරයා වෙත සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා අපහාස කළේ යැයි පවසමින් මෙම තත්ත්වය ඇති වුණි. එහිදි විපක්ෂනායකවරයා ජනාධිපතිවරයාට චෝදානා එල්ල කරේ ජනාධිපතිවරයාට කොන්දක් නොමැති බවයි. ජනාධිපතිවරයා කතා කර පාර්ලිමේන්තුවෙන් පැන යන බව විපක්ෂනායකවරයා පැවසීය. ඒ හේතුවෙන් මන්ත්‍රීවරුන් සිය අදහස් දැක්වූයේ උණුසුම් අයුරකිනි.  එම අවස්ථාවේදි අමාත්‍ය මනූෂ නානායක්කාර ඉතා දැඩි ස්වර‍යෙන් විපක්ෂනායකවර‍යා වෙත ප්‍රකාශ කළේ ඔහු ඉතාම බිය ගුල්ලෙකු බවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා , සජිත් ප්‍රේමදාස වෙත රට භාර ගැනීමට ආරාධනා කළ අවස්ථාවේ එය භාර නොගත්  බවත් ඔහු පැවසීය. එහිදි අදහස් දැක් වූ අමාත්‍යවරයා , ජනතා නියෝජිතයන් වන පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන්ට පහත් විදිහට විපක්ෂනායකවර‍යා කතා කරන බවට මනූෂ නානායක්කාර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එසේම විපක්ෂනායකවර‍යාට රටේ ''බූරු පුතානෝ'' ලෙස පැවසුවත් පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් එසේ ප්‍රකාශ නොකරන බවත් පැවසීය. " මෙතුමට කොන්ද විතරක් නෙවෙයි අනික් ඒවත් පණ නෑ. මමත් හරීනුත් හොඳටම ඒක දන්නවා. ආණ්ඩුව ගන්න කියද

මෙරට දරුවන් පිටරට යවන ජාවාරමේ අලුත් තොරතුරු

Image
මෙරට ළමුන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසන්නීය. අද (30) පාර්ලිමේන්තුවේ දී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. "මිනිස්සු කම්පනයට පත්කළ පුවතක් මේ දරුවන් 13 දෙනෙකු මැලේසියාවට ගිහිල්ලා එහිදී වෙනත් රටවලට විකුණනවා කියන ප්‍රවෘත්තිය. මම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කෙන්ට්‍රෝල් ජනරාල්ට කතා කළා. ඔවුන්ගෙන් ඇහුවා 16ට අඩු අයට රට යන්න ඉඩ දුන්නේ කියලා. දැන් තියෙන නීතිය අනුව දරුවන්ට වෙනම පාස්පෝට් හදන්න පුළුවන්. පස්සේ ආරංචි වුණා මැලේසියාවේදී හොර පාස්පෝට් හදලා මැලේසියානු පාස්පෝට් හදලා ගෙනිච්චා කියලා. කථානායකතුමනි, ඒක කරන්න බෑ. මැලේසියාවේ ඉඳලා ලංකාවට ආවා නම් ඒ ආපු එක පාස්පෝට් එකේ සඳහන් වෙන්න ඕනේ. මේක අතිශය වැදගත් දෙයක්. මේකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු විය යුතුයි. ඒ වගේම පරීක්ෂණ කිහිපයක් පවත්වාගෙන යනවා. අපි දන්නේ නෑ ළමුන් කීයක් ද කියලා. ඒ නිසා මේක මුලින්ම නවත්වා ගත යුතුයි." මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත

ජෙරම් ප්‍රනාන්දු CIDයට

Image
දේවගැති ජෙරම් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශයක් සිදු කළ බවට දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට චෝදනා එල්ල විය. සිංගප්පූරුව වෙත ගොස් සිටි ජෙරම් ප්‍රනාන්දු ඊයේ (29) දිවයිනට පැමිණියේය.

තුවක්කු හදලා බිස්නසුත් කරපු රුවන්වැල්ලේ මෑන්

Image
විශේෂ කාර්ය බලකාය පුගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) දින රුවන්වැල්ල පොලිස් වසමේ මොරාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඇත. එහි දී විදේශීය රටක නිෂ්පාදිත ස්වංක්‍රීය පිස්තෝල අවියක්, එම පිස්තොල අවියට යොදන ලද 6.35 mm හිස් පතුරම් කොපු 01 ක්, රුසියාවේ සහ ඇමරිකාවේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ පතුරම් තුවක්කු දෙකක්ද, පතුරම් තුවක්කු බැරල් 02 ක්ද, බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 37 ක රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රුවන්වැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.   තවද මෙම අත්අඩංගුවට ගත් ස්වංක්‍රීය පිස්තෝල අවිය රුපියල් 75000.00 ක මුදලකට අලවි කිරීමට සූදානම් කර තිබූ අතර බෝර 12 පතුරම් තුවක්කු ද ඔහු සන්තකයේ තිබූ අතර එම එක් අවියක් රුපියල් 60000.00 ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවටද කරුණු අණාවරණය විය. මෙම පුද්ගලයා අවි අලෙවි කිරීමේ ජාවාරම් වල නිරතවන පුද්ගලයෙකු වන අතර මොහු මෙම අවි වෙනත් පුද්ගලයින්ගෙන් රැගෙන ඒවා වැඩි මුදලට විකිණීමේ ජාවාරමේ යෙදී සිටි බවට විමර්ෂණවලදී තහවුරු විය.  

උමගේ සිරවූ ඉන්දීය ජාතිකයන් මුදා ගැනෙයි

Image
උමගේ සිරවූ ඉන්දීය ජාතිකයින් බේරාගැනීම ආරම්භ කර තිබේ. ඒ අනුව ඉන් පළමු දෙදෙනා මීට සුළු මොහොතකට පෙර බේරාගෙන ඇත. එහි සිරවී ඇති සේවකයින් ගණන 41කි. දින 17ක කාලයක් උමගේ සිරවී සිටි සේවකයින් පිරිස මුදාගැනීමට අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මකය.

මාධ්‍යවේදිනී සෞම්‍යාට කළ අපරාධයට දුන් දඬුවම

Image
  2008 වසරේදී රූපවාහිනී මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන් ඝාතනය කිරීමේ සිද්ධියේ වරදකරුවන් වූ සිව්දෙනෙකුට අද (25) ඉන්දියාවේ දිල්ලි අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. ඊට අමතරව පස්වැනි වරදකරුට වසර 03ක සිරදඬුවමක් ද නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වූයේ රවී කපූර්, අමිත් ශුක්ලා, බල්ජීත් මලික් සහ අජේ කුමාර් යන අපරාධකරුවන් පිරිසකටය. පස්වන වැරදිකරු වන අජේ සෙති යන පුද්ගලයාට වසර තුනක සිරදඬුවමක් නියම කර ඇත්තේ එම පිරිසට ආධාර අනුබල දීම යන චෝදනා යටතේය. 2008 සැප්තැම්බර් 30 වනදා මෙම ඝාතනය සිදුවී ඇත. 25 හැවිරිදි මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන් එදින උණුසුම් පුවතක් විකාශය කිරීමට සූදානමින් රාත්‍රියේ සිය මාධ්‍ය ආයතනය තුළ රැඳි සිට අලුයම 3ට පමණ නිවස බලා සිය මෝටර් රථයෙන් පිටත්ව ගොස් තිබුණි. එම අවස්ථාවේ ඇය තනිව මෝටර් රථයෙන් ගමන් ගන්නා බව දුටු අපරාධකරුවන් පිරිසක් ඇයව ලුහුබැඳ ගොස් මෝටර් රථය නතර කරගැනීමට උත්සාහ කර ඇත. නමුත් ඇය මෝටර් රථය නොනවත්වා ධාවන කිරීම හේතුවෙන් එයට උරණ වූ මෙම අපරාධකරුවන් පිරිස ඇයට වෙඩිතබා ඇති අතර එම වෙඩි තැබීමෙන් ඇයගේ හිසට බරපතළ

රත්තරන් මිල වාර්තාගත ලෙස ඉහළට

Image
මාස හයකට අධික කාලයකට පසුව ලෝක වෙළෙඳපොළේ රන් මිල ඇමෙරිකානු ඩොලර් 2,000 වඩා ඉහළ මිලක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  ඒ අනුව රන් අවුන්සයක මිල ඩොලර් 2015.09 ක් ලෙස පැවැති බවත් එම මිල පසුගිය මාස 6 ක කාලයක් තුළ ඩොලර් 60 ක සහ වසරක් තුළ ඩොලර් 261 ක් නැතහොත් සියයට 15ක ඉහළ යෑමක් බව පෙන්වා දෙයි.    ඇමෙරිකානු ඩොලරය සාපේක්ෂව දුර්වල වීම සහ ඇමෙරිකානු මහ බැංකුව පොලී අනුපාත සම්බන්ධයෙන් පරික්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කිරීම රත්තරන් මිල ඉහළයෑමට ආසන්නතම හේතුව බව සඳහන් වේ.    ඇමෙරිකානු ඩොලරය සෙසු විනිමයවලට සාපේක්ෂව සියයට 0.1 කින් පහත වැටීමත් මෙයට හේතුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

අමෙරිකානු ගුවන් යානයක් මුහුදට කඩා වැටෙයි

Image
අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් බටහිර ජපානය ආසන්න මුහුදට කඩා වැටී ඇති බව වාර්තා වෙයි. එම අවස්ථාවේදී එම යානයේ 8 දෙනෙක් ගමන්කර ඇති බව සඳහන් ය. ඔවුන් පිළිබඳ ව කඩාවැටුණු යානයේ තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් හමුවී නොමැති බව ජපාන වෙරළ ආරක්ෂක බලධාරීන් පැවසීය.

දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධුරයට

Image
  වැඩ බලන පොලිස්පති වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති (බස්නාහිර පළාත බාර) දේශබන්ධු තෙන්නකෝන් පත් කිරීමට නියමිත බවට ආරංචි මාර්ග පවසයි. ඔහුව මාස තුනක කාලයක් සඳහා අදාල තනතුරට පත්කරනු ලබන බව වැඩිදුරටත් සඳහන් වේ.

උත්සව සමයේදී පාරිභෝගිකයින් රකින්න සැලැස්මක්

Image
  උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වෙළඳපොල තුළදී වියහැකි අසාධාරණකම් වැලැක්වීමට සහ ඇතිවිය හැකි ගැටලු මග හැරවීමට අනිද්දා (30) සිට ජනවාරි මස 15 වැනිදා දක්වා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. ඒ අනුව එම කාලය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් විශේෂ වැටලීම් කරන බවත් පාරිභෝගික පැමිණිලි වෙතොත් පාරිභෝගික කටයුතු අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු දෙන ලෙස එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. සමස්ත රටම ආවරණය වන පරිදි සියලු දිස්ත්‍රිකයන්ට අනුයුක්ත කර ඇති පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් වැටලීම් සහ විමර්ශන කටයුතු සදහා යොමු කර ඇති බවත් උත්සව සමයේදී පාරිභෝගිකයන් වැඩි වශයෙන් මිලදීගන්නා ඇදුම් පැලදුම්, කල්පවත්නා භාණ්ඩ, විදුලි උපකරණ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ අළෙවි කරන වෙළඳසැල් පිළිබදව වැඩි අවධානයක් යොමු කරන බවත් එම අධිකාරිය කියයි. ජංගම වෙළදුන් සහ සේල් වැනි ක්‍රියාකාරකම් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ විශේෂ අධීක්ෂණයකට ලක්කරන බව කියන එම අධිකාරිය රට පුරා ප්‍රධාන තොග අලෙවිසැල් සහ ගබඩා පරීක්ෂා කිරීම සහ වැටලී