විශේෂ කාර්ය බලකාය පුගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) දින රුවන්වැල්ල පොලිස් වසමේ මොරාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඇත.



එහි දී විදේශීය රටක නිෂ්පාදිත ස්වංක්‍රීය පිස්තෝල අවියක්, එම පිස්තොල අවියට යොදන ලද 6.35 mm හිස් පතුරම් කොපු 01 ක්, රුසියාවේ සහ ඇමරිකාවේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ පතුරම් තුවක්කු දෙකක්ද, පතුරම් තුවක්කු බැරල් 02 ක්ද, බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 37 ක රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රුවන්වැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

 


තවද මෙම අත්අඩංගුවට ගත් ස්වංක්‍රීය පිස්තෝල අවිය රුපියල් 75000.00 ක මුදලකට අලවි කිරීමට සූදානම් කර තිබූ අතර බෝර 12 පතුරම් තුවක්කු ද ඔහු සන්තකයේ තිබූ අතර එම එක් අවියක් රුපියල් 60000.00 ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවටද කරුණු අණාවරණය විය. මෙම පුද්ගලයා අවි අලෙවි කිරීමේ ජාවාරම් වල නිරතවන පුද්ගලයෙකු වන අතර මොහු මෙම අවි වෙනත් පුද්ගලයින්ගෙන් රැගෙන ඒවා වැඩි මුදලට විකිණීමේ ජාවාරමේ යෙදී සිටි බවට විමර්ෂණවලදී තහවුරු විය.