මාස හයකට අධික කාලයකට පසුව ලෝක වෙළෙඳපොළේ රන් මිල ඇමෙරිකානු ඩොලර් 2,000 වඩා ඉහළ මිලක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 



ඒ අනුව රන් අවුන්සයක මිල ඩොලර් 2015.09 ක් ලෙස පැවැති බවත් එම මිල පසුගිය මාස 6 ක කාලයක් තුළ ඩොලර් 60 ක සහ වසරක් තුළ ඩොලර් 261 ක් නැතහොත් සියයට 15ක ඉහළ යෑමක් බව පෙන්වා දෙයි. 


 

ඇමෙරිකානු ඩොලරය සාපේක්ෂව දුර්වල වීම සහ ඇමෙරිකානු මහ බැංකුව පොලී අනුපාත සම්බන්ධයෙන් පරික්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කිරීම රත්තරන් මිල ඉහළයෑමට ආසන්නතම හේතුව බව සඳහන් වේ. 


 

ඇමෙරිකානු ඩොලරය සෙසු විනිමයවලට සාපේක්ෂව සියයට 0.1 කින් පහත වැටීමත් මෙයට හේතුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.