මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. ඒකෙන් අයින් වෙලා දැන් සංගීත ගුරුවරියක් විදිහට වැඩ කරනවා

 

බොහෝ අවස්ථාවන්වලදී රූපවාහිනියේ සිහිනයකි රෑ මාත්‍රා ආදි වැඩසටහන්වල ගීතයෙන් ප්‍රේක්ෂකයන්ව මුසපත් කරන ඇයව කොයි කාටත් මතක චරිතයක්.ආදරණීය පියාවන ගිරි රාජ් කෞෂල්‍යයන්ගේ අඩි පාරේ යම් එන් කලාවට අවතීර්ණ වූ ඇය ඔහුගේ ආදරණීය දියණිය වන අමන්දා උත්පලී.

පසුගිය කාල සීමාවේදී අමන්දා දක්ෂ රංගන ශිල්පිනියක් ඒ වගේම දක්ෂ ගායිකාවක් විදියටත් ක්ෂේත්‍රය පුරාවටම ප්‍රසිද්ධ වුණා.ඇය විසින් ගායනා කරපු මොන්නන්දා කියන ගීතය තමයි පසුගිය දවස්වල ඉහල ජනතා ආකර්ෂණයක් දිනා ගත්තු නිර්මාණයක් වුණේ.

ඊට අමතරව ඇය ටෙලි නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායකත්වය දැක්වූවා. ඒ වෙද්දිත් ගිරිරාජ් කෞශල්‍යයන් අසනීප වෙලා ගෙදරට වෙලා හිටපු කාලයක්. ඒ නිසා ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරයෙන් ඔහුගේ දියණිය ආදරයෙන් පිළිගත්තා.ඒ සියලු දේවල් එක්ක ඇය ජීවිතේ ගත කරන විදිහ ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. දැන් රැකියාවෙන් අයින් වෙලා කලාව පැත්තට පූර්ණ කාලීනව යොමු වෙලා ඉන්නේ.දැනට සංගීත ගුරුවරියක් විදිහට මගේම කලායතනයක් පවත්වාගෙන යනවා.නිළියක් විදිහට තාත්තගෙ ගුරුහරුකම් යටතේ හොඳ නාට්‍ය වලට දායක වෙලා රංගනය පැත්තෙන් ඉස්සරහට යන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි අමන්දා ඇය ගැන අදහස් දක්වලා තිබුණේ.

මම අවුරුදු 23දී බොන එක නැවත්තුවා. ඊට පස්සේ තමයි යාළුවෝ නැති වුණේ.සුනිල් පෙරේරාගේ පුතා කියන කතාව

අපේ ගායන ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරපු ආදරණීය ගායකයෙක් තමයි සුනිල් පෙරේරා කියන්නේ.ඔහු කවුරුත් නොසිතපු අනපේක්ෂිත අවස්ථාවකදී අපි අතරින් සමු ගත්තා.හැබැයි අද වන විට ඔහුගේ අඩුව පුරවන්න ඔහුගේ ආදරණීය පුතා ගයාන් පෙරේරා සංගීත ක්ෂේත්‍රයත් එක්ක අත්වැල් බැඳගෙන වැඩකටයුතු කරනවා.

ගයාන් ගැන නිතරම ගීත කියන නිතරම මාධ්‍යයත් එක්ක පෙනී ඉන්න ගායකයෙක් නෙවෙයි. නමුත් ඔහු ඉඳලා හිටලා හරි නිර්මාණයක් කළොත් ඒ නිර්මාණය ලංකාවේ අංක එකේ රැල්ලක් බවට පත්වෙනවා.පසුගිය දවසක ඔහු විසින් ගායනා කරපු පොඩ්ඩක් සයිකෝ කියන ගීතයත්  ප්‍රසිද්ධ වෙච්ච නිර්මාණයක් බවට පත්වුණා.

ඒ සියලු දේවල් එක්ක ජීවිතේ ගැන හරි අලුත් විදිහට හිතන ගයාන් කරපු එක්තරා ප්‍රකාශයක් සමාජ මාධ්‍ය පුරාවටම වැඩි වශයෙන් ප්‍රචාරය වෙන්න පටන් ගත්තා.ඔහු මේ ප්‍රකාශය කරේ ඔහුගේ ජීවිතය ගැන.ගයාන් ඒ ආකාරයෙන් සිදුකළ ප්‍රකාශය පහතින් දක්වා ඇත.

“මම බොන එක නැවැත්තුවා. එහෙම වුණාට පස්සේ මට දැන් යාළුවො ඇත්තටම නැත්තේ මම වැඩිය බොන්නේ නැහැ. වැඩිය නෙවෙයි මම කොහෙත්ම බොන්නේ නැහැ. මම බීම නැවැත්තුවාට පස්සේ යාළුවෝ ඔක්කොම නැති වුණා. මම ගැරන්ට් කරනවා බොන එවුන්ට ඇත්තමයි, බීම නැවැත්තුවාට පස්සේ ඉන්න යාළුවෝ බාගෙට බාගයක් නැති වෙනවා. බොන එකයි තව මොනා හරි වස විස ගහනවා නම් ඒවා නවත්තපු ගමන් නැති වෙනවා. මම නැවැත්තුවා ඒක. නවත්තලා දැන්, ඔව් අවුරුදු විසි තුනේදී හතරෙදි විතර නැවැත්තුවේ. කලින්ම නැවැත්තුවා. ඒකට මම සන්තෝසයි. ඒකට මොකක් හෝ පිනක් කරලා ඇති පෙර භවයක. ඇත්තටම අපේ තාත්තලා දැක්කා මස්සිනා අනම් මනම් එළියට දැම්මට පස්සේ අපිට කිසි කන්ට්‍රෝල් එකක් නැහැ කියලා. ඇත්තටම අපේ සාර්ථකත්වය එන වෙලාව හොඳ වෙලාවක් වෙන්නත් පුළුවන් නරක වෙලාවක් වෙන්නත් පුළුවන්. අපි මස්සිනා එළියට දාපු වෙලාව එච්චර හොඳ වෙලාවක් නෙවෙයි. ඒ කියන්නේ අපි මනසින් දියුණු තැනක, පරිණත වෙල හිටපු තැනක නෙවෙයි අපිට හරි ගියේය.”

ඒ විදිහට ජීවිතය දිහා බලන ඔහුට දවසින් දවස ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

කොහොමටවත් මට සචින් අයියා වෙන්න බෑ.ඒකෙ බරපතළකම මට හොඳට තේරුණා

අපේ කලා ලෝකය තුළ කාලෙන් කාලෙට විවිධ ආධුනික කලා ශිල්පීන් අපිට දැක බලා ගන්න අවස්ථාව උදාවෙනවා.ඒ ආකාරයෙන් කලාවට ආධුනික රංගන ශිල්පියෙක් විදිහට ඇවිල්ලා තමන්ගේම ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන ඉන්නා අදරණීය කලාකරුවෙක් ගැන සඳහන් කරන්න තමයි මේ සූදානම.ඔහු නමින් ආධුනික රංගන ශිල්පී ෂෙහාන් ප්‍රභාත්.

ෂෙහාන්ව අපිට හම්බවෙන්නේ කියාදෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණයෙන් නිර්වාණය චරිතය හරහා. කලින් මේ චරිතය නිරූපණය කරේ ප්‍රවීණ රංගන ශිල්පීන් සචින් ලියනගේ.හැබැයි යම් යම් ප්‍රශ්න ගැටලු නිසා ඔහු මේ චරිතයට සමුදෙනවා.

එතැන් පටන් චරිතය නිරූපණය කරේ ආධුනික රංගන ශිල්පී ෂෙහාන් විසින්. හැබැයි ඔහුට රංගනය පිළිබඳව එතරම් ලොකු දැනුමක් නැහැ.ඔහු වෙළඳ දැන්වීම් දෙකකට රංගනයෙන් දායකත්වය දක්වලා තිබුණත් මේ වගේ දෙයක් කරන්න  ලැබුණු පළවෙනි අවස්ථාව තමයි මේ.ඒ නිසාම බොහෝ ප්‍රේක්ෂකයන් ඔහුට හොඳ වගේම නරකත් කියන්න පටන් ගත්තා.සියයට සීයක්ම ඔහුට කලින් මේ චරිතය නිරූපණය කරපු සචින් ලියනගේ වගේ වෙන්න බැහැ බැහැ. හැබැයි එහෙමයි කියලා ඔහු ඔහුගේ උත්සාහය අතාරින්නෙත් නෑ. ඒ සම්බන්ධයෙන් ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

“මුලදිම සචින් අයියා මට හැමදේම කියල දුන්නා. දැන් වුණත් දෙයක් ඇහුවොත් කිසි පැකිළීමක් නැතුව කියල දෙනවා. රෙදි මෝල වත්ත කියන්නෙ මට නුහුරු පරිසරයක්. හරියට ඉන්දියාවෙ ගියා වගේ. දමිළ පිරිස තමයි වැඩි. ඔවුන් ගොඩක් සපෝටිව්. ධනුෂ්කා අක්කා, යෂ් අයියා, ප්‍රියන්ත අයියා වගේ සීනියර්ස්ලා ආධුනිකයෙක් වුණු මට ලොකු සපෝට් එකක් දුන්නා. ඔවුන්ගේ අත්දැකීම් මා එක්ක බෙදාගත්තා. ඒ නිසා මට ලොකු අපහසුතාවක් දැනුණෙ නෑ. කොහොමත් මට සචින් අයියා වගේම වෙන්න බෑ. මං වෙනම කෙනෙක්. ඒ චරිතයට සාධාරණයක් කරන්න මං ගොඩක් උත්සාහ කරනවා. මුල්ම දවසෙ මට තිබුණෙ හොස්පිට්ල් එකේ ඇඳක ඉන්න සීන් එකක්. ඒ නිසා ලොකු ගැටලුවක් වුණේ නෑ. දෙවැනි තුන්වැනි දවස්වලදි තමයි බරපතළකම දැනුණෙ. ඒ වෙද්දි මං වෙළෙඳ දැන්වීම් දෙකකට ෆේස් කරල තිබුණා විතරයි. පොඩි පොඩි වර්ක් ෂොප්වලට සම්බන්ධ වුණා ඇරෙන්න ලොකු හැදෑරීමක් කරල තිබුණෙත් නෑ. ඉදිරියේදි ඒ ගැනත් හිතනවා.””

සියලුම අභියෝග තම මැද ඔහු පටන් ගත්තු ඔහුගේ රංගන ජීවිතය දිනෙන් දෙනම සරු වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු

මගේ නිරුවත් වීඩියෝ එකක් ආවත් සම්පත් ඒක ප්‍රශ්නයක් නෑ කිව්වා. ඒක කියද්දි මගේ ඇස් වලට අදටත් කඳුළු එනවා


කලා ලෝකය තුළ ආකර්ෂණීය රංගන ශිල්පිනියක් විදිහට විවිධ ටෙලි නිර්මාණත් එක්ක සම්බන්ධ වුණු ඇය කොයි කවුරුත් දන්න මහේශී මදු සංකා.පසුගිය කාලසීමාවේදී ඇය පිළිබඳව වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තේ ඇය එක්තරා ප්‍රසිද්ධ නාලිකාවක් වෙනුවෙන් විරුද්ධව කතා කරපු නිසයි.

හැබැයි පුංචි කාලේ ඉඳන්ම මහේෂිට අසාධාරණය පේන්න බෑ. ඒ නිසාම ඇය ඒ වෙනුවෙන් කතා කරන්නත් දෙපාරක් හිතන්නෙ නැහැ.ඉතින් ඒ වගේ සිදුවීමක් තමයි පසුගිය දවසකත් සිද්ධ වෙලා තිබ්බේ.කෙසේ නමුත් ඒ සියලු දේවල් එක්ක අද වන විට මහේෂි ආදරණීය සැමියත් එක්ක ජීවත් වෙන්නේ පිටරට ඒ කියන්නේ ඩුබායිවල.

මහේශිගේ සැමියා ගුවන් නියමුවරයෙක් විදිහට වැඩ කටයුතු කරන කෙනෙක්. ඔහුගේ  රැකියාව නිසා තමයි ඇයටත් මේ විදිහට විදෙස් ගත වෙන්න සිද්ධ වුණේ.ඇය හැම වෙලාවෙම ඇයගේ ආදරණීය සැමියා ගැන ගොඩක් ආදරෙන් කතා කරන බිරිඳක්.ඇය ප්‍රාර්ථනා කරන්නේ හැමෝටම ඒ වගේ සැමියෙක් ලැබෙන්න කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් අහපු අවස්ථාවකදී මහේෂි කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“එක
තැනකදි නෙවෙයි හැමතැනකදීම මං කියනවා සම්පත් වගේ සැමියෙක් හැම කාන්තාවකටම ලැබෙන්න කියලා. සම්පත් මට හමුවෙද්දි මං එක ප්‍රේම සම්බන්ධයකට රැවටිලා හිටියේ. ඒක අවුරුදු හයහමාරක විතර ප්‍රේමයක්. මුලින්ම සම්පත් මට හොඳ යාළුවෙක් වුණා. මං හැමදේම ඔහුට කිව්වා. පහුගිය දවස්වල ඒ ප්‍රශ්නය ඇති වුණු වෙලාවෙත් මට ආරංචියක් ආවා එඩිට් කරලා මගේ නිරුවත් ජායාරූප වගයක් දාන්න යනව කියලා. මං කවදාවත් කිසිම කෙනෙක් එක්ක ඒ වගේ ජායාරූප ශෙයාර් කරගෙන නෑ. ඒ වෙලාවෙ වුණත් සම්පත් කිව්වෙ මහේෂි, ඇත්තටම ඔයාගෙ ඒ වගේ වීඩියෝ එකක් ආවත් ඒක මට ප්‍රශ්නයක් නැත්නම් අනෙක් අයට කොහොමත්ම ප්‍රශ්නයක් වෙන්න බෑනෙ කියලා. මේ දැනුත් ඒක කියද්දි මගේ ඇස්වලට කඳුළු එනවා. ඒ තරම් විශ්වාසයක් එයාට මා ගැන තියෙනවා.”

ඉතින් ඒ විශ්වාසය සහ ආදරය එක්ක ජීවිතේ සතුටින්ම ගත කරන්නට ඔවුන්ට හැකියාව ලැබේවා කියා අපිත් ප්‍රාර්ථනා එක්  කරන්නෙමු

මට පුතාව ලංකාවෙ තියන්න ඕනි නැහැ නැහැ. කැපකිරීම් කරලා තමයි එයාව නෙදර්ලන්තෙ තියලා තියෙන්නේ.

කලා ලෝකය තුළ ඉන්න ආදරණීය ඒ වගේම කටකාර හැඩකාර රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ.යෝජනා ගැන කතා කරද්දි ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය හරහා තමයි බොහෝ සෙයින් ප්‍රේක්ෂකයන් හමුවට ගියේ.

ඒ වගේම මේ දවස්වල නම් ඇය ජීවිතේ ගොඩක් සතුටින් ගත කරනවා කියලා ආරංචියි.ඒකට හේතුව ඇයගේ පුංචි පුතා ලංකාවට ඇවිල්ලා.ලෝචනාගේ ආදරණීය පුතා අවුරුදු ගණනාවක්ම නෙදර්ලන්තය තමයි ජීවත් වුණේ. ලෝචනාගේ ආදරණීය සැමියා ලසන්තත් එක්ක තමයි පුතා නේද ලන්තයේ ජීවත් වෙන්නේ.

හැබැයි අවුරුදු දෙකකට පස්සේ ලෝචනා ආයෙමත් සැරයක් පුතාව ලංකාවට ගෙන්න ගන්නවා.ඒ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන්න.බොහෝ දෙනෙක් ඇයට චෝදනා කරලා තිබ්බා පුතාව ජීවිතෙන් ඈත් කරලා fun එකේ එයා ජීවිතේ විඳිනවා කියලා.හැබැයි ඇත්තටම පුතාගෙන් ඈත්ව ගත කරන ඒ ජීවිතේ සහ ඒ කැප කිරීම පිළිබඳව ලෝචනා හරිම සංවේදීව කියල තිබ්බේ මේ වගේ කතාවක්

“ඒ කාලය ගැන කියන්න හරිම අමාරුයි. මම නිතරම ස්ට්‍රෙස් පිට ඉන්නේ. පුතාගේ ළඟ ඉන්න නැති එක ඕනෙම අම්මා කෙනෙක්ට දුකක්නේ. මගේ ජිවිතේ යම් යම් දේවල් කැප කරලා තමයි පුතාව නෙදර්ලන්තයේ තියන්නේ. මමයි ලසන්තයි තීරණය කළේ අපේ පුතාව එහෙ තියලා එහෙ විදියට හදමු කියලා. ඒ අවස්ථාව හැම කෙනෙක්ටම ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ අවස්ථාව මගේ පුතාට ලැබිලා තියෙන එකේ මම හිතන්නේ නැහැ මම පුතාව මෙහෙ ගෙනත් ජීවත් කරවන්න ඕනේ කියලා. මට එහේ ජීවත් වෙන්න බැහැ. ඒ කියන්නේ මම ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ ලංකාවේ. මගේ රැකියාව සහ මගේ ව්‍යාපාර තියෙන්නේ මෙහෙ. ඒක හින්දා මම පුතාගෙන් ඈත් වෙලා ලොකු කැප කිරීමක් කරලා ජීවත් වෙන්නේ. බලන් ඉන්න මිනිස්සු නම් හිතනවා ඇති ඔයාටත් පුළුවන්නේ පුතා ළඟට යන්න කියලා. මම හිතන්නේ අපි අපේ ජිවිතේ තියෙන ඉලක්කත් සපුරාගෙන ළමයත් ලස්සනට ජීවත් වෙනවා නම් අම්මා තාත්තා ළඟ ඉන්න ඕනෙම කියලා දෙයක් නැහැ. අපි අපේ ආදරේ අඩු නැතුව දෙන්න කැපවෙලා ඉන්නවා.”

ඉතින් මේ ආදරණීය චූටි පුතා මේ දාසය වෙනදා ලංකාවෙන් යන්න සූදානම්. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සුබ වේවා කියා අපිත් ප්‍රාර්ථනා කරන්නෙමු

අපි විවාහ වෙලා අවුරුදු තිස්පහක්.පඩිය ගත්තහම එයාගෙ අතට දෙන්නේ.අඩුම මම ගෙදර තේ එකක්වත් හදන්නේ නෑ

කැලුම් ශ්‍රී මාල් කිව්වහම නම් බොහෝ දෙනෙක් ඔහුගේ කටහඬට ආදරේ කරනවා.දක්ෂ නිවේදකයෙක් ඒ වගේම අති දක්ෂ ගී පද රචකයෙක් වැදිහට කලාව තුළ වැඩ කටයුතු කරන ඔහු ප්‍රධාන සංගීත ප්‍රසංග කීපයකම නිත්‍ය නිවේදකයා විදිහටත් කටයුතු කරනවා.

කැලුම් ගේ පෑන් තුඩින් හැඩ වැඩ වුණු ගීත මේ වෙද්දි හස්සියක් පමණ තියෙනවා. ඒ තරම් ඔහු දක්ෂයෙක්.2015 අවුරුද්දේ ඔහුට ආරාධනාවක් එනවා දෙරණ නාලිකාවේ මා නොවන මා වැඩසටහනට නිවේදකයෙක් විදිහට සම්බන්ධ වෙන්න.

එතෙක් ආ ගමන් මග තුළ ඔහු අදවන විට සාර්ථක ස්වාමිපුරුෂයෙක් ඒ වගේම ආදරණීය පියෙක් වෙලා අවසන්. ඉතින් ඒ සියලුම දේවල් වලට උදව් උපකාර කරන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ ඒ සම්බන්ධයෙන් කැලුම් කියලා තිබ්බේ මේ වගේ ආදරණීය කතාවක්.

“මගේ හාමිනේ අනුෂා නිලන්ති. අපි විවාහ වෙලා අවුරුදු 35යි. මගේ නංගිගේ යාළුවා තමයි අනුෂා. ඇය ඒකාලේ අපේ ගෙදර එනවා නංගී එක්ක නැටුම් පුරුදු වෙන්න. එයාගේ අයියත් මගේ යාළුවෙක්. අන්තිමට අයියා නංගි කිය කියා ආශ්‍රය කළ අපි ආදරේ කරලා විවාහ වුණා. තවම එයා මට අර පුරුද්දට කතා කරන්නේ අයියා කියලා. මගේ නංගිලා අනුෂාට හරි ආදරෙයි. නංගිලාට වඩා මගේ බිරිඳ අම්මට ආදරෙන් හොඳින් බලා ගත්තා කියනවා. මම ගෙදර කිසිම දෙයක් කරන්නේ නැහැ. අඩු තරමින් තේ එකක්වත් හදන්නෙ නැහැ. හැමදේම කරන්නේ ඇය. මම එයාගේ ඩ්‍රයිවර් විතරයි. පඩිය ගත්තාම එයාට දෙනවා. එයා තමයි ඔක්කොම කළමනාකරණය කරන්නේ. ලක්ෂ දෙක තුන මාසෙට ගෙනැත් දුන්නත් රුපියල් 15 000ක් දුන්නත් සතුටින් භාර ගන්නවා. ඒත් ඇගෙන් රුපියල් 2000ක් ඉල්ලගන්නත් අමාරුයි. ඇත්තටම ඇය හොඳ බිරිඳක්. අපි කාටවත් ණය නැහැ. අඩු තරමින් ක්‍රෙඩිට් කාඩ් එකක්වත් මෙච්චර කල් භාවිත කරලා නැහැ. ණය නොවී සතුටින් ජීවත් වෙනවා එයාගේ කළමනාකරණය නිසා. ඒ වගේම මම මහන්සි වෙද්දී ටිකක් බණිනවා. ඒත් මට කවදාවත් බාධා කරලා නැහැ. මම කොහේ හෝ වැඩකට ගියොත් ඇයවත් එක්කගෙන තමයි යන්නේ.”

ඉතින් ඔවුන් දෙදෙනාට තවත් බොහෝ කාලයක් සතුටින්ම ජීවත් වෙන්නට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල පහළට

ලෝක ගෑස් වෙළඳපලේ මිල උච්චා වචනයන් නිතර සිදු වූවත් ලංකාවේ ගෑස් සපයන ප්‍රමුඛතම ආයතනයක් වන ලීටර් සමාගම අංක එකට සිය පාරිභෝගික ජනතාවගේ සුබ සෙත පිළිබඳව අවධානය යොමු කළා.ඒ අනුව ඔවුන් අවස්ථා කීපයකදීම  සිය පාරිභෝගිකයන්ට මිල සහන ලබා දෙන්නත් අමතක කළේ නැහැ.

ඒ අනුව මැයි මාසයට අදාළ ලිට්රෝ ගෑස් මිල ගණන් පිළිබඳව සුවිශේෂී ප්‍රකාශයක් ලිට්රෝ සභාපති  ගරු මුදිත පීරිස් මහතා විසින් අද දින ප්‍රකාශයට පත් කළා.  එකී ප්‍රකාශයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්රෝ  සමාගම සූදානම්.

ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රු. 175කින් පහළ යන අතර එහි නව මිල රු.3940.00  දක්වා පහත යයි.

ඊට අමතරව 5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් පහළ යන අතර එහි නව මිල  රුපියල් 1582ක් ලෙස සඳහන්වේ.

ඒ වගේම 2.3kg  ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් පහළ යන අතර එහි නව මිල රුපියල් 740 ක් ලෙස සඳහන් වේ.

ජනතාවට වඩා සුරක්ෂිත සේවාවක් ලබාදීම ඔවුන්ගේ මූලික අරමුණ බව අවසානයේ ලිට්රෝ  සභාපති ගරු මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo