සුනිල් පෙරේරා කියන්නේ සංගීත ක්ෂේත්‍රය තුළ නොමැකෙන මතක සටහන් රැසක් ඉතිරි කරමින් යුගයක් නිර්මාණය කරපු ආදරණීය කලාකරුවෙක්.ඔහු ගැන කතා කරද්දි වසංගත රෝගී තත්ත්වය පැවති කාලසීමාවේදී ඔහු අපි අතරින් සමු ගත්තා.

නමුත් ඔහුගේ ආදරණීය පුතා තාත්තගෙ නමත් එක්කම සංගීත ක්ෂේත්‍රය තුළ විවිධ වැඩ කටයුතුත් එක්ක නිරත වෙලා ඉන්නවා.හැබැයි සුනිල් පෙරේරාගේ පුතා ගයාන් කවදාවත් තාත්තගේ නම පාවිච්චි කරලා ප්‍රසිද්ධ වුණේ නැහැ.ඔහුට එහෙම කරන්න අවශ්‍යතාවයක් තිබ්බෙත් නැහැ.ගොඩක් අය අඩුම තරමේ ඔහු සුනිල් පෙරේරාගේ පුතා කියලවත් දන්නෙ නෑ.ඒ සම්බන්ධයෙන් ගයාන් කිව්වෙ මේ වගේ කතාවක්.

“මම දෙමව්පියෝ රැස්වීමකටවත් තාත්තා ගෙන්නලා නෑ.මම ඒකට කැමති නෑ පොඩි කාලේ ඉඳන් අපිට කියලා දුන්නෙත් එහෙම තමන්ගේ අනන්‍යතාවය තමන් හොයාගන්න කියලා.මම මගේම සිංදු හදාගත් එකටත් එයා සෑහෙන ආඩම්බරයෙන් හිටියේ. එයා නැතිවෙන්න කලින් පුතෙක් හැටියට මට දෙන්න පුළුවන් වුණු හොඳම දේ තමයි ඒ.තාත්තගෙ සින්දු නොකියනව නෙවෙයි මම යන ෂෝ වල තාත්තට උපහාරයක් විදිහට එක සින්දුවක් කියනවා”

ඉතින්
ඔන්න ඔය විදිහට තමයි ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ.ගයන්ගේ ඉදිරි කලා කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.