ආදරණීය රංගන ශිල්පිනියක් විදිහට විවිධ ටෙලි නිර්මාණ සහ සිනමා නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය ඔබ අප කවුරුත් ආදරය කරන නිල්මිණි කෝට්ටේගොඩ මහත්මියයි.ඇය ගැන කතා කරද්දි ඇය වැඩිපුරම ප්‍රේක්ෂකයන් හමුවට ආවේ හාස්‍ය උත්පාදක රංගන ශිල්පිනියක් විදිහටයි.

ඒ දේවල් එක්ක වර්තමානයේ විනෝදාත්මක වැඩසටහන්වලට සහභාගී වන ඇය රඟපානවාට අමතරව ලස්සනට ගායනා කරනවා.ඉතින් නිල්මිණිකෝටගෙ මහත්මිය ගැන කතා කරද්දි ඇයගේ ආදරණීය දියණිය පිළිබඳව කතා නොකරම බැහැ.ඇය බිනෝ කියන නමින් තමයි බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙලා ඉන්නේ.

අම්මා වගේම දියණියත් ජනප්‍රියයි මොකද ඇය වැඩ කරන්නේ සිරස මාධ්‍ය ජාලයේ නිවේදිකාවක් විදිහට.  කෝට්ටේ ගොඩ මහත්මිය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“දුව කියන්නේ මගේ පණ මගේ ලෝකය මගේ ලෝකයේ රැජිණ එයා.හැම අම්මා කෙනෙක්ම දරුවො හොඳම තලයට එනව දකින්න ආසයි.ඇය පාසල් කාලේ ඉඳලම දඟකාර වගේම භාෂාවට ලැදි චරිතයක්.එයා වැඩ කරන්නේ සිරස මාධ්‍ය ජාලයේ විධායකවරියක් ලෙස.”

ඉතින් ඇය ඇයගේ දියණිය පිළිබඳව කියලා තිබ්බේ ඒ වගේ කතාවක්