Slider

මගේ බිරිඳ රාගම වෛද්‍ය පීඨයේ අංශ ප්‍රධානී.මෙහේ ඉගෙන ගන්න දරුවෝ දාලා රට යන්න එයා කැමති නෑ

නිවේදන කලාව තුළ තමන්ටම කියලා අනන්‍යතාවයක් හදාගත්තු නිවේදන ක්ෂේත්‍රයේ ආදරණීය නිවේදකයෙක් තමයි නාරද බක්මීවැව කියන්නේ. ඔහු ඕනෑම රටාවකට භාෂාව හසුරවන්න පුළුවන් දක්ෂයෙක් ඒ නිසාම බොහෝ දෙනෙක් මේ සුන්දර කලාකරුවට ආදරෙයි. 

ඒ කාලේ හැමෝටම මතක වැඩසටහනක් තිබ්බා. ඒ රස රිසි වැඩසටහන.මේ වැඩසටහන නිවේදනයෙන් හැඩ කළේ නාරද සහ තනුජා.ඒ සුසංයෝගය නිසාම බොහෝ දෙනෙක් ඔවුන්ට ආදරය කරා දැන් අවුරුදු විසිපහකටත් වැඩි කාලසීමාවක් වුණත් අද වන විටත් ප්‍රේක්ෂක ආදරය නම් නාරදට නොඅඩුව ලැබෙනවා.නාරද වැඩිය අපිට දකින්න ලැබෙන්නේ නෑ. ඒකට හේතු ගණනාවක් තියෙනවා .ඇයගේ බිරිඳ ගත කරන්නේ කාර්යබහුල ජීවිතයක්. ඒ ජීවිතය නිසාම ඔහුට ඔහුගේ ජීවිතය කැප කරන්න සිද්ධ වුනා.ඒ සම්බන්ධයෙන් නාරද කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ඔව් එහෙම කියන්න පුළුවන්. මම පීක්ම කාලේ වැඩ ගොඩක් කළා. මහන්සි වුණා. දැන් හරි වැඩක් ලැබුණොත් කරනවා. බිරිද දිනුෂා බක්මීවැව වෛද්‍යවරියක්. ඇය රාගම වෛද්‍ය පීඨයේ අංශ ප්‍රධානි විදිහට කාර්‍යබහුල ජීවිතයක් ගතකරනවා. සමහර දවස්වලට පාන්දර තුනේ ඉඳලා වැඩ. එයාට ඕන සේවයක් කරන්න. කරලා හොඳක් අහන්නත් නැහැ. සමහර වෙලාවට එයා ඇතැම් දේවල්වලින් මානසිකව විදවනවා මම දැකලා තියෙනවා. ඉතිං මම කියනවා කොච්චර කළත් වැඩක් නැහැනෙ කියලා. එයා ඒ වෙලාවට කියනවා කමක් නැහැ මම හරි දේ කළා නම් හරි කියලා එයා තෘප්තිමත් විදිහට රැකියාව කරගෙන යනවා. විදෙස් රටවල් වලින් ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරන්න ආව අවස්ථා ඔක්කොම එයා අපේ රටේ දරුවන් වෙනුවෙන් කැප කරන්න ඕන කියලා මඟ හැරියා. ඒ නිසා එයාට නිදහසේ වැඩ කරගෙන යන්න ඉඩ දීලා පුළුවන් විදිහට එයාට හයියක් වෙලා ඉන්නවා. දරුවෝ ගෙදර කටයුතු ගැන මම ටිකක් වැඩිපුර බලනවා. මඟ හැරෙන අවස්ථාත් නැතුවම නෙමෙයි .”

ඉතින් ඔවුන්ගේ ජීවිත දවසින් දවස සාර්ථක වේවා  කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo