සිනමාව තුළින් ඉතාමත් කෙටි කාලයකදී නිර්මාණ කිහිපයක් එක්ක සම්බන්ධ වෙච්චි ඊටත් පස්සේ කලාවෙන් ඈත් වෙලා විදෙස්ගතව ජීවිතය ගත කරපු ආදරණීය කලාකරණයත් තමයි සසන්ති ජයසේකර කියන්නේ.බොහෝ දෙනෙක් ඇයව දන අඳුනගත්තේ එදා ජූලියා චිත්‍රපටයේ ඇය විසින් නිරූපණය කරපු ඒ අපූරු රංගන කුසලතාවය නිසයි.

හැබැයි කලාව තුළින් ඇයට එක සම්මානයක් ලැබුණට පස්සේ ඇය ඒකෙන් සෑහීමකට පත්වෙලා කලාවට සමුදීලා ජීවිතය ඉදිරි වැඩ කටයුතු සඳහා විදෙස්ගත වෙනවා.අද වෙන විට එංගලන්තේ ඉතාමත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන ඇය විවාහ වෙන්නෙත් විදෙස් ජාතිකයෙක් සමග.ඉතින් ඔහුව ඇයට හමුවන විදිහ පිළිබඳව සසන්ති කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“අපි දෙන්නා හම්බවෙලා වසර දහතුනක්. ඔහුත් මාත් හමුවුණේ අන්තර්ජාලයෙ ඉන්ටර්නෙට් ඩේටින් සයිට් එකකින්.ඔහු මට වඩා වයස අවුරුදු පහක් වැඩියි.එයා මගෙන් මුලින් අහපුවම මම බෑ කියලා කිව්වා. ඇත්තමයි ඒ කාලේ වෙන කෙනෙක් මට හිටියා. ඊට පස්සේ මෙයා ලියපු වාක්‍ය කියවලා මට හිත ඇදුනා. අපි මුණ ගැහෙන්න තීරණය ඊට පස්සේ.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඇයගේ ආදරණීය කතාව පිළිබඳව කියලා තිබුණේ.ඉතින් තවත් බොහෝ කාලයක් දෙන්නත් එක්කම සතුටින්ම ජීවත් වෙන්නට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.