කලා ලෝකය තුළ කාලෙන් කාලෙට අලුත් කලා තරු පුංචි ඉදිරියට වගේම රිදී තිරයටත් පායනවා.අනේ විදිහට මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ආදරය දිනාගෙන විකාශය වන පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණය හරහා කරළියට එන ආධුනික රංගන ශිල්පිනියක් තමයි දෙව්මිනී තත්සරණි කියන්නේ. දෙව් මිනී කියනවට වඩා බොහෝ දෙනෙක් ඇයව දන්නේ ගගුලි කියන චරිතය නිසයි.

ඇයගේ ගමන ආරම්භ වෙන්න 2019 වසරේ චන්දිමා ජයසිංහ සහ ඉන්දු මාලා රාජපක්ෂ එකතු වී පැවැත්වූ අවුරුදු කුමාරි තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමත් සමඟයි.එතැන් පටන් ඇය තමන්ගේම කියලා ගමන් මගක් තුළ නිරූපිකාවක් විදිහට විවිධ වැඩ කටයුතු සිදු කළා.

ඊට පස්සේ ඇයගේ ඒ අපූරු හැකියාව නිසා කලාවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්නත් අවස්ථාව උදා වුණා.ඉතින් මේ ආධුනික කලාකාරිනිය ඇයගේ පවුලේ විස්තර ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මගේ ගම නුවර පිළිම තලාව.අපේ පවුලේ ඉන්නේ හතර දෙනයි මාත් එක්කම.තාත්ත විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙක්. ඔහු දැනට ජාත්‍යන්තර පාසලක ශාරීරික අභ්‍යාස උපදේශකවරයෙක් සහ මළල ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස සේවය කරනවා.මගේ අම්මා ගෘහණියක් මල්ලි මේ දිනවල වැඩිදුර අධ්‍යාපනය හදාරමින් ජපානයේ වාසය කරනවා”

එදින ඔන්න ඔය විදිහට තමයි එයා ඇයගේ පවුලේ විස්තර ගැන කියලා තිබ්බේ. ඉතින් තවත් බොහෝ කාලයක් කලාව තුළ විශිෂ්ඨ චරිත වලට රංගනයෙන් දායකත්වය දක්වන්න ඇයට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා එක් කරන්නෙමු