පාර දිගේ ටෙලි නාට්‍යය නිසා බොහෝ දෙනෙක් ආදරය කරන්න පටන් ගත්තු නව පරපුරේ රංගන ශිල්පිනියක් තමයි නිත්‍යා දේවින්දි කියන්නේ.ඇය මේ දිනවල අපිට දකින්නට ලැබෙන්නේ පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයෙන් ඒ වගේම ඇය දැන් දුවණියක් ඉන්න ආදරණීය අම්මා කෙනෙක්.

දියණිය ලැබුණට පස්සේ බොහෝ කලාකරුවන් කලාවට සමුදෙනවා. හැබැයි නිත්‍යා නම් කලාවට සමුදුන්නේ නැහැ. ඇය දියණිය ලැබුණත් එක්කම ආයෙමත් සැරයක් වැඩ කරන්න පටන් ගත්තා.ඇය නිතරම කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙනවා ඒ වගේම විවිධ උත්සවවලටත් සම්බන්ධ වෙනවා. කොහොම නමුත් නිත්‍යා මවක් වුන නිසා මේ දේවල් කළමනාකරණය කරගෙන කරන්නේ කොහොමද කියලා අහපු අවස්ථාවකදී ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“අම්මා කෙනෙක් බිරිඳක් විදිහට මං පවුල් ජීවිතේ ඇතුලෙ කාර්යබහුලයි. එහෙම නෑ කියල කියන්න බැහැ.මම දැන් අම්මා කෙනෙක් කියලා මගේ වැඩ අතපසු කරගෙන එක පැත්තකට කොටුවෙලා නැහැ. ඒ වගේම මගේ මහත්තයා මාව කොටු කරලත් නෑ. ඒ නිසාම දරුවා ලැබුණට පස්සේ වැඩිපුර වැඩ කරනවා කිව්වොත් තමයි.මම ඉස්සර ඉඳලම ආස දුවෙකුට මට දැන් දුවෙක් ඉන්නේ දුවව ලස්සන විලාසිතා වලින් ලස්සන කරන්න මං හරි ආසයි”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි නිත්‍යා ඇය ගත කරන මේ වර්තමාන ජීවිතය ගැන අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.ඉතින් ඇයගේ ඒ ජීවිතය ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.