කසුන් මාධවී කියන්නේ පසුගිය කාල සීමාවේදී බොහෝ දෙනෙක් අතර කතාබහට ලක් වෙච්චි ආදරණීය යුවළක්.මේ යුවළ සමාජ මාධ්‍ය හරහා මේ දිනවල වැඩි වශයෙන් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ඔවුන්ගේ විවාහ මංගල්‍ය උත්සවය සමඟයි.ඉතින් නැවත වතාවක් මාධවී විවාහ වුණා. ඇයගේ ජීවිතයේ යම් යම් අවස්ථාවන්වලදී විවාහය කියන දේට සමුදෙන්න විවිධ හේතු නිසා එයට සිද්ධ වුණා.

හැබැයි ඊට පස්සේ ඇයට ඇයව තේරුම් ගත්ත ආදරණීය හදවතක් හම්බ වුණා. ඔහු තමයි ප්‍රසිද්ධ ගීපද රචකයෙක් සහ නීතිඥයෙක් වශයෙන් කටයුතු කරන කසුන් මහේන්ද්‍ර හීනටිගල. ඉතින් කසුන් කියන්නේ බොහොම සරල පවුලක හැදුනු පුද්ගලයෙක් එතැන් කසුන්ගේ අම්මල තාත්තලා මහලොකු සල්ලිකාරයෝ නෙවෙයි. හැබැයි මේ හැමෝම මාධවී ඇම්පනයට කැමති වෙනවා. ඒ අයගේ තියෙන ආදරණීය යහපත් ගතිගුණ නිසා.

ඒ වගේම තමයි ඕනෑම බැඳීමක රණ්ඩු සරුවල් හිත් අමනාපවීම් කියන දේවල් අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් කසුන් මාධවී කියන්නෙත් ඒ විදිහට ජීවිතය ගත කරන දෙන්නෙක්.වැඩිපුරම කේන්ති යන්නේ කාටද කියලා අහපු අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් ඉතින් කසුන් කියලා තිබ්බෙ මෙන්න මේ වගේ කතාවක්.

“ඉස්සර මං. දැන් එයා. හැබැයි අපේ පොඩි පොඩි රණ්ඩු සුළු මොහොතයි. අමතකයි. අපි දෙන්නගෙම ආදරේ අත්පොත බයිබලයේ එන කොරින්ති 13. ඒ තමයි ‘ප්‍රේම පාරමිතාව.’ ඒක පටන් ගන්නෙම ‘ප්‍රේමය ඉවසිලිවන්තය, කරුණාවන්තය, වෛර නොගනී…’ කියලා. අපි ඒ ආදර ධර්මතාව විශ්වාස කරනවා.”

ඉතින් ඒ අභියෝග සහ ප්‍රශ්න මේ සියල්ල ජයගෙන ජීවිතය දිනන්නට ඔවුන්ට හැකියාව ලැබේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.