මේ දවස්වල බොහෝ දෙනෙක් වැඩි වශයෙන් කතා කරන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි මාදවී ඇන්තනිඋ කියන්නේ.ඇය ජැක්සන් ඇන්තනි කියන ආදරණීය කලාකරුවාගේ එකම දියණිය කියන්නත් බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් ඒ දේවල් එක්ක කලාව තුළ අප්පච්චිගෙ ගමන් මග අනුගමනය කරන මාධවී පසුගිය දවසක නැවත වතාවක් උතුම් විවාහ ජීවිතයට පා තැබුවා.

ඇයගේ විවාහ ජීවිතයේ තිබූ යම් යම් පරස්පර විරෝධී අදහස් සහ සිදුවීම් නිසා ඇය ඒ ජීවිතයට සම දුන්නත් නැවත වතාවක් ඇයට ආදරේ කරපු අයව තේරුම් ගත්තු ආදරණීය චරිතයක් ඇයට හමුවුණා.ඔහුත් කලාවත් එක්ක සම්බන්ධ වෙලා නිරන්තරයෙන්ම වැඩකටයුතු කරන ආදරණීය කලාකරුවෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි ප්‍රසිද්ධ ගී පද රචකයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි.බොහෝ දෙනෙක් ඔවුන් දෙදෙනාගේ මේ එකතුවීමට විවිධ දේවල් කියලා තිබ්බා. තවත් සමහරක් දෙනවා කිව්වා කසුන් මාධවීම කවදාවත් බඳින්නෙ නෑ කියලා. ඒ වගේම තවත් දෙනෙක් කියලා තිබුණා කසුන්ගේ ගෙදරින් මාධවීට කවදාවත් කැමති වෙන්නේ නැහැ කියලා.ඉතින් මේ දේවල් ඇත්තද බොරුද කියලා අහපු අවස්ථාවකදී මාධවි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ මේ ආකාරයෙන්.

“අම්මා අක්කා වගේම අපේ තාත්තාත් මාව මුල් දවසෙත් පිළිගත්තේ හරිම ආදරෙන්. “අනේ පුතේ අපි හරිම දුප්පත්” කසුන්ගෙ අම්මා කිව්වා. එයාලා මට සලකපු විදිහෙන්ම ඒ වචනෙ බොරු වුණා. තාත්තා අපේ අප්පච්චිගෙ වියෝවෙන් මාස තුනක් යන්නත් කලින් වියෝ වුණා. අම්මත් අක්කත් මගේම අම්මා සහ අක්කා විදිහටයි මාව බලාගන්නෙ. මෑතකදී මම අසාධ්‍ය ලෙස රෝගී වෙලා රෝහල්ගත වෙලා හිටියා. විවාහ මංගල්‍යයට සති දෙකයි තිබුණේ. මම එදා වෙද්දි නැඟිට ගත්තෙ අම්මා සහ අක්කා මට සාත්තු කරපු අත්ගුණේටමයි. ලෙඩ සුව වෙන්නෙ බෙහෙත්වලට විතරක් නෙවෙයි. ඒකට ආදරේ කරුණාව සහ අවධානය ඕනෙ. මගෙ අහිංසක අම්මා සහ අක්කා මට නොඅඩුව ඒ හැමදේම දෙනවා. මමත් මගෙ අවසානය දක්වා එයාලට ඉන්නවා.”

ඉතින් ඒ සුන්දර පවුලත් සමඟ හැමදාමත් ඉතාමත් සතුටින් ජීවත්වෙන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපේ හදවතින්ම ප්‍රාර්ථනා එක්කරන්නෙමු.