කලා ලෝකය තුළ බහුතරයක් දෙන ආදරය කරන පබා ටෙලි නිර්මාණය හරහා බොහෝ දෙනාගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු ඇය උපේක්ෂා ස්වර්ණමාලී.උපේක්ෂා ගැන කතා කරද්දි වර්තමානය ඇය විසින් රංගනයෙන් දායකත්වය දැක්වූ ටෙලි නිර්මාණ කීපයක්ම විකාශය වෙනවා.

ඒ දේවල් එක්ක ප්‍රේක්ෂක ආදරේ දිනාගෙන ජීවිතය ගත කරන ඇය ආදරණීය දියණියත් එක්ක තනිකඩ ජීවිතයක් ගත කරනවා කියන්නත් බොහෝ දෙනා දන්නවා.ඇයගේ පළමු විවාහය සහ දෙවැනි විවාහය අසාර්ථක වුණත් ඇයට විවාහය තුළින් හිමි වුණු ආදරණිය දියණිය රැක බලාගන්න අය කවදාවත් අමතක කළේ නැහැ.

දියණිය ජීවිතය අංක එක කරගෙන නැවත විවාහයකට යන්නැතුව ජීවත්වන උත්සාහ දරන උපේක්ෂා පුංචි දියණියත් එක්ක ගත කරන ඒ කාලය ගැන කතා කරලා තිබ්බේ මේ වගේ දෙයක්.

“මගේ දුව දැන් ටිකෙන් ටික ලොකු වෙනව ඉතින් ඉස්සර වගේ දැන් වැඩ කරන්නේ යන එකත් හිතන තරම් ලේසි නැහැ. ඉස්සර ෂූටින් වලට යද්දි මම දුවව එක් කරගෙන ගියා.ඒත් දැන් එයාගේ අධ්‍යාපන කටයුතුත් එක්ක ඒ දේවල් කරන්න අපහසුයි. මොකද එයත් ගොඩක් මහන්සි වෙලා ඉන්නේ. ඉතින් අම්මා කෙනෙක් විදියට මගෙන් හොඳ සහයෝගයක් වගේම රැකවරණය ආදරය නොමදව එයාට ලැබෙනවා.මගේ දරුවා හොඳ රැකියාවක් කරන හොඳ දරුවෙක් වෙනවා දකින එක තමයි මගේ එකම බලාපොරොත්තුව”

ඉතින් ඇය ආදරණීය දියණිය ගැන කියලා තිබ්බේ ඔන්න ඔය විදිහේ ආදරණීය කතාවක්. ඉතින් ඇය හිතන පතන ආකාරයෙන් මේ පැතුම් ඉටු වෙන්න අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.