ගායන ලෝකය තුළ අතිශයින්ම ජනාදරයට පත්වූ දක්ෂ ගායකයෙක් තමයි ෆ්ලෑෂ් බෑග් සංගීත කණ්ඩායම හරහා කරළියට ආපු කිංස්ලී පීරිස් කියන්නේ. කිංස්ලි ගැන කතාකරද්දි ඔහු එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්. ඒ වගේම තමයි ඔහුට ප්‍රසංග වේදිකාව තුළත් කැසට් පට තුළත් හොඳ ඉල්ලුමක් තිබුණා.

දෙළුම් මලක් කැසට් පටි එක්ක අතිශය ජනප්‍රිය වන ඔහු ජෝතිපාලයන්ගේ ගීත ඔහුගේ හඬින් අසන්නට ආස කරපු බොහෝ දෙනෙක්ට ඒ ගීත අසන්න මිහිරිව ගායනා කළා.මෙන්න මේ හේතු කාරණා නිසා තමයි ප්ලෑෂ් බෑග් සංගීත කණ්ඩායම හරහා කරළියට ආපු ඔහුව ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරයෙන් වැළඳ ගත්තේ.ඉතින් මේ විදිහට ඔහුට ක්ෂේත්‍රය තුළ විශිෂ්ට චරිතයක් වෙන්න නම් අනිවාර්යෙන්ම ගෙදර බිරිඳගෙන් විශාල සහයෝගයක් ලැබෙන්න ඕනේ.ඉතින් බිරිඳගෙන් ඔහුට ලැබෙන ඒ සහයෝගය ගැන ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මගේ බිරිය කුමාරි පීරිස් ඇය අතිශය සාමාන්‍ය චරිතයක් අපිට ගෙදර වැඩ කරන්න මිනිස්සු නැහැ. මගේ බිරිඳ තමයි මගේ දරුවන්ගේ වගේම ගෙදර දොරේ සියලුම වැඩ හොයලා බලලා කරන්නේ.දරුවන්ට කිසි දෙයක් අතපසු නොවන්න මගෙන් විය යුතු වැඩ කොටසත් ඇය හොයලා බලලා කරනවා. අදටත් ඒ ඉවසීමේ විදිහටම ඇයට තියෙනවා. ඇගේ සහය එක්ක තමයි මම සංගීත ජීවිතය මේ තරම් දුරක් ආවේ”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි කිංස්ලි ඔහුගේ ජීවිතය ගැන සහ ආදරණීය බිරිඳ ගැන අදහස් දක්වලා තිබුණේ.