ආධුනික කලාකාරයේ විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා බොහෝ දෙනෙක්ගේ හදවත ආදරය දිනාගත්තු රඟන ශිල්පියෙක් තමයි ගෙවීන් අභිෂේක කියන්නේ. ගෙවීම් ගැන කතාකරද්දි ඔහුගේ ආදරණීය තාත්තත් කලාව තුළ දක්ෂ රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරපු පුද්ගලයෙක්.

ඒ වගේම තමයි පසුගිය කාල සීමාවේදී ගෙවීන්  විවිධ ටෙලි නිර්මාණත් එක ක්ෂේත්‍රය තුළ වැඩ කටයුතු රැසක් සිදු කළා. ඒ නිසාම බොහෝ දෙනෙක් මේ ආධුනික රංගන ශිල්පියා පිළිබඳව ඉතාමත් ඉක්මනින් දැනගන්න පටන් ගත්තා. ඒ දේවල් එක්ක ගෙවීන්ට ලැබුණු ප්‍රේක්ෂක රසික ආදරයත් ඉහල ගියා.

ඒ වගේම පසුගිය දවසක ගෙවීම් සහ උමාලී විවාහ වුණා යැයි කියන පුවතක් සමාජ මාධ්‍ය තුළ ඉතාමත් වේගයෙන් ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා බොහෝ දෙනෙක් ඔවුන් දෙදෙනාට  සුභ පතලා තිබුණා.හැබැයි ඇත්තටම ඒක ඔවුන්ගේ ඉදිරි නිර්මාණ කටයුත්තක් වෙනුවෙන් සිද්ධ කරපු වැඩක් හැබැයි සමාජ මාධ්‍ය ඔවුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් මේ ප්‍රවෘත්තිය අනිසි විදිහට භාවිතා කරා කියලා ගෙවීම් චෝදනා කරලා තිබ්බා.ඔහු ඒ ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“අපි music video එකක් කළේ ළමයි. මේ මිනිස්සු සල්ලි හොයන්නේ බොරු විකුණලා. අපි විවාහ වුණේ නැහැ. එහෙම වුණා කියලා අපි කොහෙවත් කිව්වෙත් නැහැ. ඒත් මේ ඔයාලගෙ ආදරයට අපි ආදරෙයි. ජය වේවා.. මේ photos අපිට ඇ¾දුම් සපයපු UR Bridals විසින් එයාලගේ promotionවලට ගත්තු photos. 

ඒවා අරගෙන  ගොසිප් හදන මෙයාලත් හොඳට සල්ලි හම්බ කරලා සතුටින් ඉන්න ඕනෙ එහෙනම්… ජය… අනිත් එක මේ අය මගේ නමවත් හරියට දන්නෙ නෑනෙ. මම ගෙවින්. ගෙවිදු නෙවෙයි.” ගෙවුණු දින කිහිපය ඇතුළත ඔන්න ඔය විධියට තමයි ගෙවිනුයි, උමාලියි සමාජ මාධ්‍ය ඇතුළේ ආයෙත් වතාවක් කතාබහට ලක් වෙලා තිබුණේ”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගෙවීන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ.