කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරේ කරන ආදරණීය ආකර්ෂණීය රංගන ශිල්පනයක් තමයි සසන්ති ජයසේකර කියන්නේ.ඇය ගැන කතා කරද්දි ඇය බොහෝ සෙයින් ප්‍රසිද්ධ වෙන්නේ ජූලියා චිත්‍රපටය හරහා.පුංචි තිරයේ රිදී තිරය ආදී බොහෝ අංශවල තම දක්ෂතා ඉදිරිපත් කෙරූ මේ සුරූපී රංගන ශිල්පිණිය කලාවට සමුදීලා මීට බොහෝ කාලයකට කලින්  එංගලන්තය බලා පිටත් වෙනවා.

ඇය එංගලන්තය බලා ගිය පසු විවාහ වෙන්නෙත් එංගලන්ත ජාතිකයෙක් සමග.ඒ විවාහ ජීවිතය ඉතාමත් සාර්ථකව ගත කරන ඇය නිතර ලංකාවට ආව ගියේ නැහැ. හේතුව ඒ වන විටත් ඇය එංගලන්තය තුළ සුඛෝපභෝගී ජීවිතයකට හුරු වූ නිසා.

ඒ වගේම තමයි ඇයට කලාව අත්හරින්න ඒ තරම් අපහසු වුණේ නෑ.ඇයට හොඳම නිළිය සම්මානය පවා ලැබුණා.ඒ නිසා එයට කලාව අතාරින්න ලෝභ උනේ නෑ. කලාවට දෙයක් කරලා ඇය එංගලන්තය බලා යන්නේ ඇයගේ ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න.එංගලන්තයට ගියපු සසන්ති මේ වෙද්දි ආයෙමත් සැරයක් කෙටි නිවාඩුවකට ලංකාවට ඇවිල්ලා.මෙදා පාර අයත් එක්ක ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයත් ඇවිත්. ඉතිං ඒ ගමන ගැන සසන්ති කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ඔව්. මම ලංකාවට ආවේ කෙටි විවේකයක් ගත කරන්න. මගේ මහත්තයා ලංකාවට ආව දෙවැනි වතාව තමයි මේ. ඉතින් මේ වතාවේ අපට ගිය වතාවේ සංචාරය කරන්න ලැබුණේ නැති ප්‍රදේශවල සංචාරය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මගේ ලොකු මල්ලිගේ විවහයත් සිදුවන නිසා එයටත් සහභාගි වෙනවා.”

ඒ වගේම ඉදිරියේදී ඇය ධාර්මික ජීවිතයක් ගත කරමින් ඉදිරියට ජීවත්වීමට සූදානම්.ඉතින් ඇයගේ  සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට වේවා කියා අපිත් හදවතින්ම ඇයට ප්‍රාර්ථනා කරන්නෙමු.