නිවේදන ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් ආදරේ කරන ආකර්ෂණීය නිවේදකයෙක් තමයි චමුදිත සමරනායක කියන්නේ.ඔහු දක්ෂ නිවේදකයෙක් නිසාම බොහෝමයක් දෙනා චම්දිතගේ ඒ ටැලන්ට් එකට ආදරේ කරනවා.ප්‍රසිද්ධ චරිත ඒවගේම ප්‍රසිද්ධ දේශපාලනඥයන් වැනි පුද්ගලයන් ගෙනල්ලා ඔවුන්ගේ තරාතිරම බලන්නැතුව ප්‍රශ්න කරන්න චමුදිත තීරණය කරනවා.

මේ නිසාම තමයි ජනතාව ඔහුට ආදරය කරන්නේ මොකද ඔහු කෙලින් කතා කරන නිසා.පසුගිය දවසක ජනතා ආදරය නිසාම චමුදිතට ජනප්‍රියම මාධ්‍යවේදියා කියන කැටගරිය යටතේ සම්මානයක් හිමි වුණා.මේ සම්මානය අතර ගන්නේ ඔහු ජනතාව නිසා ජූරියකින්වත් විනිසුරු මණ්ඩලයකින්වත් ඔහුට ලැබුණු සම්මානයක් නෙවෙයි ඒක ඔහුට ඒ සම්මානය ලැබුණේ ජනතා සම්මානයක් විදිහට. ඒ අවස්ථාවේදී චමුදිතව හරි විශේෂ කතාවක් ගැන කතා කළා. ඔහු කිව්වේ මේ වගේ දෙයක්.

“එක්කෝ අපි අද වැඩසටහනක් කරොත් හෙට මට CID එකට යන්න වෙනවා.ඉතින් මම හැම අඟහරුවාදම වෙන් කරලා තියෙන්නේ CID යන්න.එක්කෝ උසාවි යන්න එහෙමත් නැත්නම් පහුවදා ගෙදරට ප්‍රහාර එල්ල කරනවා. අසූචි ප්‍රහාර එල්ල කරනවා.ඉතින් ඒවා කරන කණ්ඩායම් වලට මේ සම්මානය හරහා යන මැසේජ් එක ගොඩක් වටිනවා.”

ඉතින් චමුදිත ඔන්න ඔය විදියට තමයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ ඉතින් ඔහුගේ ජීවිතය සහ අනාගත ගමන දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපිත් ප්‍රාර්ථනා කරන්නේමු.