පුංචි තිරය තුළ බොහොමයක් චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය නම් කොයි කාටත් මතකයි. ඒ වගේම බොහෝ දෙනෙක් ඇයගේ මේ චරිතයට ආදරේ කරනවා.ඒ වෙන කවුරුත් නෙවෙයි සිනමාවේ දැවැන්ත චරිතයක් වූ දිල්හානි ඒකනායකයි.

දිල්හානි ගැන කතා කරද්දි පසුගිය දවස්වලදී කතාබහ කළ යුතු චිත්‍රපටයක් වූ ජංගි හොරා චිත්‍රපටයට ඇය රංගනයෙන් දායකත්වය දැක්වුවා.එනිසා එය ප්‍රේක්ෂකයන්ගේ කතා බහට ලක්වුණු චරිතයක් බවට පත් වෙද්දී පුංචි තිරයේත් විවිධ චරිත හරහා දිල්හානිව අපිට දැක බලා ගන්න පුළුවන් උනා.

දිල්හානි විවාහ වුණේ ක්ෂේත්‍රයේ තවත් දක්ෂ ගායකයෙකු ප්‍රියංකර පෙරේරා සමග.හැබැයි පසුගිය දවසක ඔහු හිතන්නෙවත් නැති මොහොතක දරුණු විදිහට අසනීප තත්ත්වයකට මුහුණ දුන්නා. මේ නිසාම ඔහුගේ එක් පාදයක් ඉවත් කරන්නත් සිද්ධ වෙලා තියෙනවා.ඒ සියලු දේවල් එක්ක ගත කරන ජීවිතය ගැන දිල්හානි කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“පුද්ගලික ජීවිතය පැත්තෙන් කතා කලොත් ලොකු නිදහසක් දැනෙනවා. දැනට මම කාර්යබහුල වෙනවනම් වෙන්නේ මගේ වෘත්තිය අංශයෙන් විතරයි.ප්‍රියංකරගේ තිබුණු අසනීප තත්ත්වය එක්ක එයාට සැත්කම් දෙකකට මුහුණ දෙන්න සිදුවුණා. ඒ සැත්කම් දෙකම ඉවරයි. පොතත් විවාහ වුණා. ඒ නිසා ලොකු ප්‍රශ්න නෑ. ප්‍රියංකරට දැන් හොඳයි හිටියට වඩා ගොඩක් හොඳ තත්වෙක ඉන්නවා”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ සම්බන්ධයෙන් ඇය අදහස් දක්වලා තිබුණේ. කෙසේ නමුත් ඇයටත් ප්‍රියංකරටත් ඉතාම සතුටෙන් ජීවිතය ගත කරන්නට හැකියාව ලැබේවා කියා අපිත් ප්‍රාර්ථනා එක් කරන්නෙමු