යුග ගණනාවක් තිස්සේ මියුරු කටහඬකින් බොහෝ දෙනෙක්ගේ දෙසවන් පින වූ ආදරණීය ගායකයෙක් තමයි ප්‍රියංකර පෙරේරා කියන්නේ.ඔහු ගැන කතා කරද්දි ඔහු විවාහ වුණේ ක්ෂේත්‍රයේ අතිශයින්ම දක්ෂ රංගන ශිල්පිනියක් වුණු දිල්හානි අශෝක මාලා සමඟයි.

මේ විවාහයෙන් ඔවුන්ට ආදරණීය පුතෙකුත් ඉන්නවා පුතත් මේ වෙද්දි විවාහ වෙලා.ජීවිතය සැබෑ සමය ගත කරන ප්‍රියංකර පෙරේරා පසුගිය දවසක දරුණු ලෙස අසනීප වුණා කියන්න බහුතරයක් දෙනා දන්නවා.හැබැයි කිසිම අවස්ථාවකදී ඔහු කාගෙන්වත් සල්ලි ණයටවත් ඉල්ලලා තිබුණේ නැහැ.පසුගිය දවසක ඔහුගේ පාදයක් ඉවත් කෙරූ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල ඉතාමත් සීඝ්‍රයෙන් ශෙයා වෙන්න පටන් ගත්තා.

ඉතින් ඒකෙ ඇත්ත නැත්තං පිළිබඳව ගොඩක් දෙනෙක් දන්නේ නැතුව බොරු ප්‍රචාර පවා කළා. සමහර අය කියලා තිබුණා දිල්හානි ඔහු ගාව නෑ කියලත්.හැබැයි ඒ සම්බන්ධයෙන් ප්‍රියංකර අදහස් ඉදිරිපත් කරලා තිබ්බේ මේ විදිහටයි.

“කවුරු හරි ඒ ඡායාරූපය අරංශයා කරලා තිබුණා. ඇමරිකාවේ ඉඳන් ආපු මගේ යාළුවෙක් තමයි ඒක මුලින්ම අර ගත්තේ.මට නං ඒක ගාණක් නෑ ඉතින් හැබැයි කට්ටිය බොරු දාලා තිබ්බ ගොඩක්.පුතයි නෝනයි දෙන්නම මගේ ළඟ ඉන්නේ.මිනිස්සුන්ට ඉතින් මොනවද කියන්න බැරි? මට කිසි අවශ්‍යතාවයක් නෑ මිනිස්සු හිතයි මම මේ ආධාර උපකාර බලාපොරොත්තුවෙන් මේ දේ කරා කියලා.මම කිසි දෙයක් කාගෙන්වත් ඉල්ලන්නේ නෑ. මම කලිනුත් අසනීප වුණානේ වකුගඩු බයි පාස් එකක් කළා. ඒ වෙලාවෙත් මම ආධාර ඉල්ලුවෙ නෑ. ඉතින් මට මගේ පවුල දිල්හානි හැමෝම මාත් එක්ක ඉන්නවා”

ඉතින් ඔහු ඔන්න ඔය විදියට තමයි මේ ඡායාරූපය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරලා තිබුණේ