අපේ කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරේ කරන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි දමිතා අබේරත්න කියන්නේ.අරගනේ පැවති කාල සීමාවේදී ඇය අරගලයේ ප්‍රධාන සාමාජිකාවක් විදිහට වැඩ කටයුතු කළා.එනිසාම බොහෝ දෙනෙක් ඇයව හැඳින්වුයේ ලක්කම්මා කියන අන්වර්ථ නාමයෙන්.පසුගිය කාලසීමාවේදී ඇය සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන පක්ෂයට සහාය පළ කිරීම හේතුවෙන්. ජනතාව තුළ ඇය ගැන දැඩි විරෝධයක් පැවතුණා.

ඒ වගේම පසුගිය දවසක අපරාධ විමර්ශන ඒකකය ඇයව අත්අඩංගුවට ගැනීමට සූදානම් බවට ප්‍රවෘත්තියක් ප්‍රචාරය වුණා.ඒකට ප්‍රධානම හේතුව ඇය විසින් පුද්ගලයෙකු කොරියාවට යවනවා යයි කියා රු ලක්ෂ තිහක මුදලක් වංචා කළ බවට එල්ල වූ චෝදනාව නිසයි.

වංචාවට ලක්වූ පුද්ගලයා ඒ පිළිබඳව පාපොච්චාරණයක් සිදු කර තිබුණා.ඒ දේවල් වලට අනුව ඇය වත් අඩංගුවට ගැනීමට සූදානම් බව සැලවූ වහාම දමිතා බේරත්න විසින් ඇයව අත්අඩංගුවට ගන්න එපා යැයි අභියාචනාවක් ඉදිරිපත් කළත් එය ප්‍රතික්ෂේප වී තිබුණු අතර ඇයව අපරාධ විමර්ශන ඒකකයෙන් හොයන අවස්ථාවේදී ඇය සහ සැමියා පලාගොස් ඇති බවටත් සඳහන් වුණා.

නමුත් පසුගිය දින ඇය අපරාධ විමර්ශන ඒකකයට පැමිණි අතර ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව පිටත් වෙන අවස්ථාවේදී ඇයව අත්අඩංගුවට ගැනීම සිදුවුණා.ඒ අවස්ථාවේදී මාධ්‍ය වෙත ඇය අදහස් ඉදිරිපත් කරන්නේ ඉදිරිපත් වුණත් පොලිස් නිලධාරීන් විසින් ඇයට ඒ සඳහා අවස්ථාවක් දුන්නේ නැහැ.

අවසානයේ ඇය ජිප්‍රත්‍යයට නගින අවස්ථාවේදී පිටිපොස සිටපු පුද්ගලයෙක් ලක්කම්මට මොකද වුණේ කියලා හයියෙන් කෑ ගහලා ඇහුවා.ඒ අවස්ථාවේදී කේන්තියෙන් වියරු වූ දමිතා පිළිතුරු දුන්නේ මෙන්න මේ විදිහටයි.

“ලක් අම්මට මොකුත් උන්නැහැ.ලක් අම්මා දිනුම්. ලක්කම්ම හොඳින් ඉන්නවා. මේ රටේ තියෙන්නේ අවි නීතිය මේ රට අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ සජිත් ප්‍රේමදාස”

ඔන්න ඔය විදිහට තමයි ඇය අවසානයේ අදහස් දක්වමින් ඒ ස්ථානයෙන් පිටත්ව ගියේ.