Slider

මම දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ජපානෙන් වාහන ගෙන්වන බිස්නස් එකක් කරගෙන යනවා


ඩිෂ්නි රාජපක්ෂ කියන්නේ බොහෝ දෙනෙක් ආදරේ කරන චරිතයක්. නිළියක් හැටියට වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් ඇය ක්ෂේත්‍රය පුරාම ප්‍රසිද්ධයි.ඇයගේ මේ අපූරු නර්තන හැකියාව නිසාම රියලිටි වේදිකාවේ මිනිසුරුවරියක් විදිහටත් කටයුතු කරන්නට ඇයට අවස්ථාව ලැබුණා.

ඩිෂ්නි ගැන කතාකරද්දි මෑතකදී ඇය ලංකාව දාලා ඕස්ට්‍රේලියාවට යනවා.ඒ යන්නේ ඇයගේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන්.මේ වෙද්දි ජීවිතය සතුටින් සැහැල්ලුවෙන් ගත කරනවා කියලා තමයි සඳහන් කළේ. ඇයට ජීවිතය තුළ අරමුණක් තියෙනවාලු ඉතින් ඒ අරමුණ වෙනුවෙන් තමයි ඇය මේ දිවා රෑ නොතකා මහන්සි වෙන්නේ.හිටපු හැටියේම ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඇය බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා ආපහු අවස්ථාවකදී ඩිෂ්නි කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ මම එකපාරටම ලංකාවෙන් ආවා නෙවෙයි. මීට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා තමයි මාස්ටර් එක කරන්න මට යන්න තිබුණේ. නමුත් යම් යම් කලා කටයුතු නිසා ඉගෙනීම කල් ගියා. මෙගා ස්ටාර් නිසා කල් ගියා. ඒ එක්කම විනිශ්චය මණ්ඩලයට මාව සම්බන්ධ කර ගත්ත නිසා ආයෙම කල් ගියා. ඒ නිසා මම හිතුව ඒ දේවල් ඉවර වුණු ගමන්ම මගේ මාස්ටර් ඉවර කරන්න ඕනේ කියලා. ඒ නිසයි මම ඔස්ට්‍රේලියාවට ආවේ.

මම
ඔස්ට්‍රේලියාවේ මාස්ටර් එකට ඉගෙන ගන්න ගමන් මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ජපානයෙන් වාහන ගෙන්වන බිස්නස් එකක් කරගෙන යනවා. ඒ එක්කම මට ආසාවක් තිබුණා. ඔස්ට්‍රේලියාවේ නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙන්න. ඔය දේවල් තමයි මම මෙහෙ ඉඳන් කරන්නේ.”

ඉතින් ඇගේ අනාගත ජීවිතයත් සාර්ථක වේවා කියා අපිත් එක්ක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo