Slider

එයාට විදෙස් රටවලින් ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරන්න අවස්ථා ආවා.ඒත් මෙහි දරුවෝ දාලා යන්න එයා කැමති නෑ

 


එදා රස රිසි ගී වැඩ සටහන හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු මේ සුන්දර නිවේදකයා පිළිබඳව බොහෝ දෙනෙක්ට මතකයි.ඔහු යුගයක් ඇඳ බැඳ තබා ගත්තු ආදරණීය නිවේදකයෙක් කිව්වොත් හරියටම හරි.ඒ වෙන කවුරුත් නෙවෙයි ආදරණීය නිවේදක නාරද බක්මී වැව.

පසුගිය කාල සීමාවේදී නම් ඔහු නිවේදන කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා හිටියේ නැති තරම් ඔහුව දැක බලා බලාගන්නත් අවස්ථාව ලැබුණේ නැහැ.ඒකට හේතුව ඔහු ඔහුගේ පෞද්ගලික ජීවිතයට අංක එක දීලා වැඩ කටයුතු කරපු නිසයි.

මේ වේද්දි ආදරණීය දරුවන් තිදෙනකුගේ පියෙක් විදිහට කාර්යබහුල ජීවිතයක් ගත කරන නාරද ඔහුගේ වෘත්තිමය ජීවිතය කැප කළේ ආදරණීය බිරිඳ නිසයි. නාරදගේ ආදරණීය බිරිඳ මේ වෙද්දිත් රාගම වෛද්‍ය පීඨයේ අංශ ප්‍රදානය විදිහට කටයුතු කරනවා. ඇය ගත කරන්නේ කාර්යබහුල ජීවිතයක්. සමහර දවස්වලට පාන්දර තුනේ ඉඳන් ඇය වැඩ කරනවා. කරනවා.ඉතින් ඇයත් එක්ක කවද හරි දවසක විදෙස්ගත වෙන්න අවස්ථාවක් ආවොත් ඒ වෙනුවෙන් හිතනවාද කියලා අහපු අවස්ථාවකදී නාරද කිව්වේ මේ වගේ කතාවක්.

“විදෙස් රටවල් වලින් ලෙච්චර කෙනෙක් විදිහට වැඩ කරන්න ආව අවස්ථා ඔක්කොම එය අපේ රටේ දරුවන් වෙනුවෙන් කැප කරන්න ඕනි කියලා මගඇරියා.හොඳ අවස්ථා කීපයක් ම ආවා. තව මේ ආරාධනා තියෙනවා ඕනෑම වෙලාවක විදෙස්ගත වෙන්න පුළුවන්. දවසක දිනූශා කැමති වුණොත් දරුවන් ගැන හිතලා අපිත් විදෙස් ගතවෙයි”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි නාරද ඇය ගැන අදහස් දක්වලා තිබුණේ.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo