කලා ලෝකය තුළ ආදරණීය රංගන ශිල්පියෙක් විදිහට පිටපිටම ජනතා ආකර්ෂණය ආදරය දිනාගත්තු ඔහු කොයි කවුරුත් දන්න බිමල් ජය කොඩි. විමල් ගැන කතා කරද්දි පසුගිය දවසක සම්මාන උළෙලකදී ඔහු සම්මානයෙන් පිදුම් ලබන්නටත් වාසනාවන්ත වුණා.

බිමල්ට කලා ලෝකය තුළ  ඔහුට අවැසි දේ කිරීමට ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලබා දෙන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ වුණු සුජානි මෙයනකා. සුජානි ගැන කතා කරද්දි ඇයත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ නිසාම දෙදෙනාම හොඳම අවබෝධයෙන් තමයි මේ ජීවිතය ගත කරන්නේ.පසුගිය දවසක බිමල් ඔහුගේ ඒ ජීවිතය ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මගේ හොඳම ආයෝජනය විවාහය ඒක තවත් විස්තර කරන්න අවශ්‍ය නෑ. මොකද ඒක තමයි ලොකුම ආයෝජනය.ඒක නැත්නම් විමල් ජයකොඩි කියන කෙනා ඉඳීද කොහොම ඉඳියිද දන්නේ නෑ.මගේ හොඳම තෝරාගැනීම බිරිඳ.ඇය හොඳ කළමනාකාරිනියක්. කුඩා කාලයේ ඉඳන් ලොකු අත්දැකීම් සමූහයක් එක්ක ඇවිත් තියෙන ඒ සියලු දේවල් මට ලැබුණා.පෙම්වතෙක් සැමියෙක් වෙනකොට ඇයගෙන් ඒ ලැබිච්ච කළමනාකරණය මම හිතන්නේ මගේ ජීවිතේ හොඳම තෝරාගැනීමයි”

ඔහු ඇය ගැන අදහස් දක්වලා තිබුණේ ඔන්න ඔය විදිහටයි.