ඇය නමින් නිත්‍යවානී කන්ද සාමී.මෙහෙම කිව්වහම නම් බොහෝ දෙනෙක් ඇයව දන්නේ නැහැ. හැබැයි එදා විකාශය වූ සරෝජා චිත්‍රපටයේ දෙමළ කෙළි පොඩිත්ත හැමෝටම අද වගේ මතක ඇති.ඉතින් සරෝජා චිත්‍රපටයේ රඟමින් සම්මානනීය නිළියක් වූ ඇය ජීවන මගේ බොහෝ දුර ආපු කෙනෙක් කිව්වොත් හරියටම හරි.

නිත්‍යවානී මේ වෙද්දී කලා කටයුතුවලින් ඈත් වෙලා තමයි ඉන්නෙ.හැබැයි ඇය ඊටත් වඩා අධ්‍යාපනය අතින් විශිෂ්ට ගමන් මඟකට අවතීර්ණ වෙලා.විද්‍ය අංශයෙන් උසස් පෙළ හැදෑරූ ඇය කොතනාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙලා එහිදී වැඩිදුරටත් ඉගෙන ගත්තා.

ඒ ඉගෙනීමේ ප්‍රතිඵලයක් විදිහට ඇය අද වන විට ඉහළම තැනක ඉන්නවා.ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්

““මම දැන් ගම්පොළ මූලික රෝහලේ වෛද්‍යවරියක ලෙස කටයුතු කරනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් තමයි මම වෛද්‍ය උපාධිය ලැබුවේ. වසරක කාලයක් කළුතර රෝහලේ පුහුණු වුණා. මුල්ම පත්වීම ලැබිලා තමයි මම ගම්පොළ රෝහලට පැමිණියේ . දැන් මම මේ රෝහලට ඇවිල්ලා මාසයක් පමණ වෙනවා. ඥාතියෙකුගේ නිවසේ තමයි නතර වෙලා ඉන්නේ. “”

ඉතින් වෛද්‍ය වෘත්තය කියන්නේ උසස් වෘතයක්. ඒ වෘත්තිය තුළින් ජීවිතය ජයගෙන බොහෝ දෙනෙක්ට සේවය කරන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපේ එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු