උමා අසේණි කියන්නේ මේ දවස් වල විකාශය වන ලලයි ලිලයි ලයි කියන ටෙලි නිර්මාණය වෙනස්ම චරිතයක් හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන දක්ෂ කලාකාරිනියක්.ඇය සම්බන්ධයෙන් කතා කරද්දි රංගන ශිල්පිනියක් වගේම ඇය දක්ෂ ගී පද රසිකාවියා ඊටත් අමතරව නිවේදිකාවක් විදියටත් ඇය වැඩ කටයුතු කරනවා.

වේදිකාවෙන් සිනමාවෙන් පුංචි තිරයෙන් සිය රංගන හැකියාවන් විදහා පාන උමා මේ වෙද්දී ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒකට හේතුව මේ දිනවල විකාශය වන වේදිකා නාට්‍යයක ඇය රංගනයෙන් දායකත්වය දක්වන නිසයි.

අපි මුලිනුත් කිව්වනේ ඇය දක්ෂ ගී පද රචිකාවියක් කියලා.ඉතින් සනුක විසින් ගායනා කරන පෙරවදනක් කියන ගීතය රචනා කරෙත් ඇය විසින්.එතනින් පස්සේ තමයි බොහෝ දෙනෙක් ඇයව දන්න කියන කෙනෙක් බවට පත්වුණේ.ඊට අමතරව තවත් මේ ගීතයට ආදරය කරපු බහුතරයක් දෙනා අහල තිබුණා උමා මේ ගීතය රචනා කළේ එයාට කලින් ජීවිතේ තිබ්බ අත්දැකීමක් නිසාද කියලා.ඉතින් ඒ සම්බන්ධයෙන් අහපු අවස්ථාවකදී ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“පෙරවදනක් ගීතයට පාදක වුණේ මගේ පෞද්ගලික අත්දැකීමක්. අනිත් මම ලියපු හැම ගීතයක්ම මගේම අත්දැකීම් නෙවෙයි. නමුත් මගේ ළඟින් හිටිය අයගේ සහ මාව කම්පනයට පත් කරපු සිද්ධි. ඔය කියන සියලු දේ හේතු වුණා ගීත ලියන්න. ඒ නිසා මගේ අත්දැකීම් සහ මගේ අත්විඳීම් කියන දෙකම මගේ නිර්මාණ තුළ තියෙනවා.”

ජීවිතය ගැන අලුත් විදිහට හිතන මේ නව රංගන ශිල්පිනියට රංගන ලෝකය තුළින් තවත් දිගු ගමනක් යන්නට වාසනාව ලැබේවා කියා අපි හදවතින් ප්‍රාර්ථනා කරන්නෙමු