Slider

මම අවුරුදු විසිදෙකක් ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කළා. දැන් මම ප්‍රසංග වේදිකාවෙන් අයින් වුණා

එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු ආදරණීය ගායන ශිල්පිනියක් තමයි ජින්ජර් ස්ටයිලා කියන්නේ.දශක කිහිපයකට කලින් යෞවනේ බොහෝ දෙනා අතර ඇය ජනප්‍රිය තරුවක් බවට පත්වුණා.

අදටත් ප්‍රසංග වේදිකාව තුළ කොල්ලෙක් වගේ හැසිරෙන ඇය ඇත්තටම වෙනස්ම ආකාරයේ චරිතයක් කිව්වොත් හරි.ඇයටම ආවේණික භාෂාවක් තියෙනවා.ඒවගේම ඇයටම ආවේණික වෙච්චි හැසිරීම් රටාවකුත් තියෙනවා. මේ සියලුම දේවල් එක්ක තමයි ජින්ජර් කියන චරිතය ගොඩනැගෙන්නේ. කෙසේ නමුත් අපිට ආරංචි වුණු විදිහට ඇය එළිමහන් ප්‍රසංග වේදිකාවට සමු දීලා.ඒ සම්බන්ධයෙන් අහපු අවස්ථාවකදී ජින්ජර් කිව්වේ මේ වගේ කතාවක්.

“මම වසර විසිදෙකක් ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කළා. මගේ භාෂාවෙන් ඒකට කියන්නේ බජව්ව කියලා. ඉතින් මම ප්‍රසංග වේදීකාවට සමු දෙන්න තීරණය කළා. නමුත් මම ටුවර්ස් සහ ඉන්ඩෝර් කොන්සට්වලට සහභාගි වෙනවා. මම ටිපිකල් බජව්වෙන් අයින් වුණා. ඒකට හේතුව මට මගේ කියලා දෙයක් කරන්න තිබෙන වුවමනාව. මගෙන්, ප්‍රසංග වේදිකාව සමඟ සිටින රසිකයන් ඉල්ලන්නෙ වෙනම දෙයක්. මම මේ තරම් කාලයක් කළේ ඉල්ලුමට සැපයුමක් ලබා දුන්න එක. මට ඕන දෙය කරන්න නම් කතාවට කියනවත් වගේ එළ හරකයි, මී හරකයි දෙන්නවම දක්කන්න බැහැ.”

ඉතින් ඇයගේ ඉදිරියේ සංගීත කටයුතු දිනෙන් දෙනම සාර්ථක වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo