ආයෝජ්‍යා මිහිරාවී කියනවට වඩා පබළු ටෙලි නිර්මාණයේ සයුරි කිව්වහම තමයි මේ සුන්දර රංගන ශිල්පිනිය බොහෝ දෙනෙක් දන්නේ.එක යුගයක ආදරණීය රංගන ශිල්පිනියක් වුණු ඇය පබලු ටෙලි නිර්මාණයෙන් පස්සේ අපිට නැවතත් නිර්මාණ එක්ක දැක බලා ගන්න අවස්ථාව උදාවුණේ නැහැ.

ඇය ප්‍රේක්ෂකයන් අතරට ආවේ අහිංසක චරිතයකින් ඒ නිසාම තමයි අද වෙද්දිත් බොහෝ දෙනෙක් ඇයට ආදරය කරන්නේ..පසුගිය දවසක ඇය විසින් කරපු ටික් ටොක් නිර්මාණයක් නිසා සමාජ මාධ්‍ය  පුරාවටම ඇය ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා.

ඇය මේ වනවිට ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ මවක්.අවුරුදු දහතුනක් පුරාවටම ඇය කැප වුණේ දරුවන් වෙනුවෙන්.ඉතින් ආයෙමත් සැරයක් කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙනවද කියලා අහපු අවස්ථාවකදී ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“ගොඩක් අය කියනවා අනේ ආයේ රඟපාන්න කියලා. මම ආසයි දරුවෝ එක්ක ගත කරන මේ ජීවිතේට. හොඳ නිර්මාණයකට ඇරියුම් ලැබුණොත් රඟපාන්නත් ආසයි. අඬන චරිත නම් මට ලේසියෙන් කරන්න පුළුවන්. මම ගොඩක් සංවේදී කෙනෙක් නිසා මට ඉබේටම ඇඩෙනවා. බොහෝ විට ඕනෙම කෙනෙක් රඟපාන්න ආසයි. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. තමන්ට ලැබෙන දුර්ලභ අවස්ථාවන් අහිමි කර ගන්න කවුරුත් කැමති නැහැ. මටත් අවස්ථාවක් ලැබුණොත් ඒ ගැන ආයේ සිතා බලයි.”

ඉතින් නුදුරේම අලුත්ම නිර්මාණ කිහිපයක් එක්ක ප්‍රේක්ෂකයන් හමුවට එන්න ඇයට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු