Slider

එයා ඕස්ට්‍රේලියාව දාලා මං නිසා මෙහෙ ආවා.යුග දිවියට ගිය හෂාන්ගේ පුතා බිරිද ගැන කියන කතාව

 


පසුගිය දවසක අති උත්කර්ෂවශ්‍රීයෙන් පැවැත්වුණු විවාහ මංගල්‍යයක් තිබුණා. ඒ හෂාන් තිලකරත්න කියන ක්‍රිකට් ක්‍රීඩකයාගේ ආදරණීය පුතාගේ විවාහ මංගල්‍යය උත්සවය.ඔහු නමින් උවිදු සචින් තිලකරත්න.හෂාන් තිලකරත්නට ඉන්න නිවුන් පිරිමි දරුවන් දෙන්නෙක්. ඒ පිරිමි දරුවන් දෙන්නගෙන් වැඩිමහල් පුතා තමයි මේ විදිහට විවාහ වුණේ.

ඔහු විවාහ වෙද්දී ඔහුට අවුරුදු විසි හතක්.හෂාන් හිතලා තියෙනවා ඒ වගේ වයසකට ඔහුට විවාහ ජීවිතයේ අභියෝග සාර්ථකව ජය ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා.ඇත්තටම හැමෝම හොයන්න පටන් ගත්තා හෂාන්ගේ අත ගත්තු ඒ ආදරණීය තරුණිය පිළිබඳව.ඒවගේම හෂාන් වෙනුවෙන් ඇය නොයෙකුත් අපරිමිත කැපකිරීම් කරපු කෙනෙක්.ඒ සම්බන්ධයෙන් ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

“මගේ කැමතිම දේ තමයි ක්‍රිකට් කියන්නේ ඒක මගේ ජීවිතේ වගේ. ඒක යොෂානි දන්නවා. ඇත්තටම කිව්වොත් එයා මගේ ක්‍රීඩා ජීවිතය වෙනුවෙන් එයාගේ ජීවිතේ කැප කළ කෙනෙක්.එයා ඕස්ට්‍රේලියාවේ අවුරුදු පහක් ජීවත් වෙලා. එහේ පදිංචිය ගන්න පුළුවන්කම තියෙද්දී මම වෙනුවෙන් සියල්ල අතත් හැරලා ලංකාවට ආවා.එයා එහි හොඳ ජොබ් එකක් කළා. මම විශ්වාස කරනවා මගේ අම්මා වගේම එයත් මට අවශ්‍ය ආහාරපාන හදලා දෙයි කියලා. එයාගේ කෑම රසයි. මමත් ජිම් යනවා. කෑම බීම පාලනය කරනවා. සතියට දවස් හතරක් විතර පුහුණුවීම් කටයුතු.”

ඉතින් මේ දෙන්නම දැන් වෙනම ගෙයක් අරගෙන පදිංචි වෙලා ඉතාමත් සතුටින් ජීවිතේ ගත කරනවා කියලා ආරංචියි. ඉතින් ඒ සතුට හැමදාමත් ඔවුන් තුළ පවතීවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo