Slider

අප්පච්චි ඒ එන්නතින් පස්සේ අසනීප වුණා.විසබීජයක් ශරීරයට ගියා ප්‍රියාසූරිය සේනගේ දුව ඔහු ගැන කියන කතාව

 


ඈත රන් විමන් තුළින්,සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා වැනි ගීත හරහා ශ්‍රී ලාංකීය සංගීතයට ආදරය කරන සුවහසක් රසිකයන් අමනානන්දයට පත්කරපු ආදරණීය ගායකයෙක් තමයි ප්‍රියා සූරියසේන මහත්මයා කියන්නේ.ඔහු පිළිබඳව ආයෙමත් සැරයක් සමාජය තුළ වැඩි වශයෙන් කතා කරන්න පටන් අරන්.

ඒකට හේතුව පසුගිය දවසක ඔහු වෙනුවෙන් සුමති සම්මාන උළෙලේ ඉඩකඩක් නිර්මාණය වෙලා සම්මානයකින් පිදුම් ලබන්න එතුමා වාසනාවන්ත වූ නිසයි.ඇත්තටම එතුමා සම්මානය ගන්න එද්දි හිටියේ දැඩි ලෙස රෝගාතුර වෙලා.

මේ සම්මානය එතුමාගේ අතටම දෙන්න ඕනි කියලා කියපු ඉල්ලීමක් මත තමයි එතුමා සම්මානය ලබාගන්න මේ උත්සවයට සහභාගී වෙන්නේ.පවුලේ සියලුම දෙනාගේ අවසරය ඇතුව ක්‍රියා සූරියසේන මහත්මයාගේ දියණිය ඔහුව මේ උත්සවයට සම්බන්ධ කරනවා.

ඇත්තටම අද වෙද්දි අසනීප තත්ත්වයෙන් පසුවන ඔහුගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ආදරණීය දියණිය එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබුණා.ඇය සම්බන්ධයෙන් කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“අප්පච්චි කොරෝනා එන්නතින් පසුව තමයි අසනීප වුණේ. ඉන්පසුව ඔහු සුවය ලැබුවත් විස බීජයක් ශරීරගත වුණා. ඒ අවුරුද්දකට විතර කලින්. එදා සුමති සම්මාන උළෙලට ඔහු රෝද පුටුවෙන් ආවට ගෙදරදී රෝද පුටුව භාවිත කරන්නෙ නැහැ. එදා ඔහු රෝද පුටුවෙන් ආවේ අමාරු වෙයි කියලා සිතුණු නිසා. අප්පච්චිට එයාගේ සාමාන්‍ය වැඩ කටයුතු කර ගන්න පුළුවන්. නමුත් මම ඉංග්‍රීසි බෙහෙත්, සිංහල බෙහෙත් දෙකම කරනවා. අප්පච්චිට ඉක්මනින් සුව වෙයි කියලා මම හිතනවා”

ඉතින් මේ සුන්දර ගායකයට ඉතාමත් ඉක්මනින් සුව වෙන්නට අපිත් හදවතින්ම ආශිර්වාදය කරන්නෙමු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo