Slider

මම දැන් නිදහස් දරු පැටියා ඉන්නෙ විදේශගත වෙලා.මම හැමදේම ජයගත්තු කෙනෙක්

චම්පා කල්හාරි කිව්වම මේ සුන්දර ගායිකාව පිළිබඳව ඕනෑම කෙනෙක් දන්නවා.ඇය විසින් ගායනා කරන විවිධ ගීත නිසාම බොහොමයක් දෙනා ඇයට ආදරය කරනව.දශක ගණනාවක් පුරාවට මෙරට ප්‍රසංග වේදිකාවට ඇය නැතුවම බැරි කටහඬක් වුණා.

චම්පා කල්හාරි කියන කලාකාරිනිය බිහිවෙන්නේ ඇයගේ පියාගේ ආභාෂයත් එක්ක. සම්පා ගැන කතා කරද්දි ඇය පසුගිය කාලසීමාවේදී නම් වැඩිපුර කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා හිටියේ නැහැ.ඒකට හේතුව ටික කාලෙකට කලින් ඇය දරුණු විදිහට අනතුරකට මුහුණ දෙනවා.ඒ සියලු දේවල් එක්ක එක්තැන් වෙලා හිටපු ඇය අද වෙද්දි නම් නිරෝගී සුවයෙන් පසුවන හැබැයි සීයට සීයක් නම් කලා කටයුතුත් එක්ක සම්බන්ධවෙලා නැහැ.

සැමියාගෙන් වෙන්වෙලා ආදරණීය පුතත් එක්ක ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගත කරපු අය අද වෙද්දී ජීවිතේ එක පැත්තකින් ජය අරගෙන අවසන්.ඉතින් ඒ ආ ගමන් මග සහ ආදරණීය පුතා ගැන ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“එක පැත්තකින් මම අද හරිම නිදහස්. දරු පැටියගේ වැඩකටයුතු, මගේ අධ්‍යාපන වැඩකටයුතු මේ සියල්ල මම කරගෙන ගියා. මගේ දරු පැටියා දැන් ඉන්නේ විදේශගත වෙලා අධ්‍යාපනය ලබන ගමන්. සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ට ජීවිතයේ ජයගන්න ඕනෑ කියලා දේවල් ටිකක් තිබෙනවා. මම ඒ හැම දේම මම ජයගත්ත කෙනෙක්. අද කතා කරලා මම පුතාට සල්ලි වුවමනාවක් තිබෙනවා නම් කියන්න කිව්වම, හිනා වෙලා එහෙම අවශ්‍ය නෑ කියලා කිව්වා. එතැනදි මට හිතුණා එයා දැන් කොච්චර ලොකු වෙලාද කියලා. දැන් ඔහුට වයස දහ නවය හමාරයි. මේ වෙලාවේ මම සියලු වගකීම්වලින් නිදහස් චරිතයක්”

ඉතින් ඇයට ආදරණීය දරුවත් සමඟ සතුටින් ජීවත්වන්නට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo