ගායනා ලෝකය තුළ සුවිශේෂි කටහඬකට උරුමකම් කියන එදා වගේම අදටත් නිහතමානී ගායිකාවක් විදිහට වැජඹෙන ඇය නමින් නන්දා මාලනී මහත්මියයි.ජාතිකානුරාගය එන වෙන ගීත සමුදායක් ගායනා කරපු ඇය ඇය අර්ථාන්විත ගීත පමණක්ම තමන්ගේ ප්‍රේක්ෂකයන්ට ලබා දීපු දක්ෂ කලාකාරිනියක් කියන දේත් මතක් කළ යුතුයි.

වර්ෂ  1943 අගෝස්තු 23 වැනිදා උපත ලබන එතුමියට සහෝදර සහෝදරියන් දොළොස් දෙනෙක් ඉන්නවා.කාලෙ ඉඳන්ම නන්දා මාලනී මහත්මිය සංගීතයට ආදරය නිසාම එදා කරුණාරත්න අබේසේකර මහතාගේ ළමා මණ්ඩපයට ඇය ගැයූ බුදු සාදු ගීතය හිතුවේවත් නැති මොහොතක ජනප්‍රිය වුණා.

අමතරව චිත්‍රපටි පසුබිම් ගායිකාවක් විදිහට විවිධ ගීත ගායනා කරපු ඇය මේ වෙතිනම් ටිකක් අසනීප තත්ත්වයෙන් ගෙදරට වෙලා කාලය ගත කරනවා කියලා ඇයගේ වැඩිමහල් දියණිය වන වරුනි සඳහන් කරලා.අම්මගේ තොරතුරු ගැන කියල තිබ්බේ මේ වගේ කතාවක්.

“පසුගිය කාලයේ අම්මා අසනීපයෙන් හිටියේ. දැන් ඇයට සුවයි. මේ දිනවල ඇය විවේක සුවයෙන් ඉන්නේ. ඉස්සර වගේ නෙවෙයි දැන් ඇය ගමනක් බිමනක් ගියත්, වෛද්‍ය උපදෙස් මත තමයි ඒ
හැමදේම කරන්නේ. අම්මා ඉඳ හිට ගීත පටිගත කිරීමකට සහභාගි වෙනවා. ඉදිරියේදී ඇය නව ගීත කිහිපයක්ම කරන්න සූදානමින් ඉන්නේ”

ඉතින් ඉතාමත් ඉක්මනින් ඇයට පූර්ව සුවය ලැබේවා කියා අපිත් ප්‍රාර්ථනා කරන්නෙමු.