Slider

මම තාත්තාගේ නම කියලා වැඩක් ගත්තෙත් නෑ. වැඩක් ලැබිලත් නෑ ගෙවීන් අභිෂේක්

can you hear me,පීතෘ,ඇහිපිල්ලමක් යට දෙයියන්ගේ රටේ වැනි නිර්මාණත් එක්ක සමාජය තුළ අතිශයින්ම ජනප්‍රිය වූ රංගන ශිල්පියෙක් තමයි ගෙවීන් අභිෂක් කියන්නේ.ඔහු චින්තක කුලතුංග කියන ප්‍රවීණ කලාකරුවාගේ ආදරණීය පුතණුවන් කියන්න බොහෝ දෙනෙක් දන්නෙ නෑ.

හේතුව ගෙවීන් කවදාවත් තාත්තගෙ නම පාවිච්චි කරලා ඉස්සරහට යන්න උනන්දු වෙච්ච කෙනෙක් නෙවෙයි.ඒවගේම ගෙවීන්ගේ තාත්තා රංගන ශිල්පියෙක්. ඊට අමතරව නිෂ්පාදකවරයෙක්.ඒත් කවදාවත් ගෙවීන් ගේ තාත්තා ඔවුන්ව රංගන ක්ෂේත්‍රයට ගේන්න ඕනේ කියලා හිතලා නෑ.ගෙවීන් අද වෙද්දි ඔහුගේම කියලා තැනක් හදාගෙන ඉන්නේ ඔහුගේ මහන්සියෙන්.ලංකාවෙදි කලා ක්ෂේත්‍රය තුළ ඔහුට තැනක් හැදෙන්නේ ඔහුගේ තාත්තගෙ අනන්‍යතාවය භාවිතා කර නිසාද කියලා අහපු අවස්ථාවකදී ගෙවීන් කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“කොහෙත්ම නෑ. ඒකනේ තාත්තා නාට්‍ය නිෂ්පාදනය කරලත් මට අවස්ථාවක් නොදුන්නෙ තාත්තගෙ නම කියලා වැඩ ගත්තෙත් නෑ වැඩක් ලැබිලත් නෑ.තාත්තා නිතරම කිව්වේ ඔයා වැඩක් කරන්න පුළුවන් කෙනෙක් කියලා ඔප්පු වුනු දවසට අපි එකට වැඩ කරමු කියලා විතරයි.මගේ නිර්මාණය එයා බලනවා. හැමදාම අඩුපාඩුවක් කියනවා මම ඒවා හදාගෙන රඟපානවා.මම දැන් සම්මානයක් ගත්ත නිසා ආසාවෙන් ඉන්නවා තාත්තා අලුතෙන් කරන්න ඉන්න චිත්‍රපටයේ චරිතයක් දෙයි කියලා”

මේ ඉතින් මේ සුන්දර කලාකරුවාගේ ඉදිරි ජීවන කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo