යොහානි හෙට්ටිආරච්චි කියන්නේ රිදීතරයේ විවිධ චරිත නිරූපණය කරමින් හොඳම ළමා නිළිය සම්මානය හිමි කරගත්තු දක්ෂ රංගන ශිල්පිනියක්.ඇය මුලින් නම් පෙනී සිටියේ වෙළඳ දැන්වීම් වල.පසුව ඇයට අවස්ථාව උදාවුනා රිදී තිරය සහ පුංචි තිරය ටෙලි නිර්මාණ සහ සිනමා නිර්මාණත් එක්ක එකතු වෙන්න.

අද වෙද්දි බහුතරයක් දෙනා කතා කරන ඇය දැන් නම් යොවුන් වියට එළඹිලා ඉස්සරටත් වඩා ගොඩක් ලස්සන වෙලා.එනිසාම විශේෂයෙන් තරුණයන්ගේ ආකර්ෂණයට යොහානි ලක්වෙලා කිව්වොත් හරියටම හරි.ඇය දවසින් දවස ලස්සන වෙනවා. ඒකට ඇත්තටම මොකක්ද රහස කියලා අහපු අවස්ථාවකදී යොහානි කිව්වේ මේ වගේ කතාවක්.

“අනේ එහෙම රහසක් නැහැ. මගෙනුත් කට්ටිය අහනවා. මොකක් හරි තියෙනවද? ලස්සන වෙන්න මොනවා හරි කරනවද කියලා. මම එහෙම ලස්සන වෙන්න කියලා දේවල් කරන්නේ නැහැ. අඩුම ගානේ මම ෆේස් වොෂ් එකක්වත් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මගේ හිත හොඳයි. හැමෝටම අවංකව ඉන්නවා. එහෙම නිසා ලස්සන වෙනවා කියනවාම නෙවෙයි.”

ඒ වගේම තමයි ඇය කලා කටයුතුත් එක්ක ඇගේ අධ්‍යාපන වැඩ කටයුතු කරනවා.ඒ සියලුම වැඩ
කටයුතු හෝ ඉවර වෙලා ආදරයක් ගැනයි හිතනවා කියලා තමයි සඳහන් කරලා තිබුනේ.ඉදිරියටත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඔස්සේ කලාව තුළින් ඉහළටම යන්න ඇය සූදානම් ඇයගේ ගමනට අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.