හිරු නාලිකාවේ විකාශය වූ අහස් මාළිගා ටෙලි නිර්මාණය හරහා  කරළියට ආපු කාගෙත් කතා බහට ලක්වුණු කටකාර පාසල් යුවතිය තමයි ඇය.ඇය නමින් සචිනි දිල්හාරා.කලා ලෝකයට ඇවිල්ලා තමන්ගේ කලා කුසලතාවයන් දියුණු කරගෙන ඉන්න සචිනි අද වෙති අතිශයින්ම දක්ෂ නර්තන ශිල්පිනියක් විදියටත් හඳුන්වන්න පුළුවන්

මේ දිනවල  විකාශය වන ටෙලි නාට්‍ය කීපයකම ඇය රංගනයෙන් දායකත්වය දක්වනවා. සචිනි කියන්නෙ සාමාන්‍යයෙන් හැමෝගෙම කතාබහට ලක්වන චරිතයක් මොකද ඇය සමාජ මාධ්‍ය පුරාවටම ගොඩක් ප්‍රසිද්ධයි. ඒවගේම තමයි සචිනිගෙ සියලුම කලා වැඩ කටයුතු වලට උදව් කරන්නේ ඇයගේ ආදරණීය අම්මා.ඉතින් කලා කටයුතු සහ අධ්‍යාපන කටයුතු එකට කරගෙන යන ඇය අනාගතයේ කවුරු වෙන්නද හීන මැව්වෙ කියලා අහපු අවස්ථාවකදී කිව්වෙ මේ වගේ කතාවක්.

“මං පොඩි කාලේ ඉඳන්ම ගියේ ජාත්‍යන්තර පාසලකට මට වෛද්‍යවරියක් වෙන්න ඕන උනත් ඒ වටපිටාව වගේම ලොකු කාලයක් සහ ලොකු මුදලක් අවශ්‍ය වුණා.ඒ නිසා මම මනෝවිද්‍යාව පැත්ත තෝරගත්තා. මට අම්මටයි තාත්තටයි දෙන්නටම හිටියේ මගේ අම්මා විතරයි.මම මනෝවිද්‍යාව පැත්තට යොමු වුණාට පස්සේ විශ්ව ශක්තිය විශ්වාස කරන්න පටන් ගත්තා.මං කැමතියි කවුන්සලින් පැත්තට ඒත් එක්කම රංගනයත් කරගෙන යන්න තමයි බලාපොරොත්තුව”

ඉතින් ඇයගේ ඒ සියලු බලාපොරොත්තුව ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.