ආදරණීය දියණියක් සහ පුතුන් දෙදෙනකුගේ සෙනෙහෙබර පියෙක් වුණු අසංක ප්‍රියමන්ත කියන්නේ ගායන ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු දක්ෂ ගායන ශිල්පියෙක්.ඔහුගේ සුවිශේෂී කටහඬ සහ සංගීතයට දක්වන මහත් ආදරය නිසාම බහුතරයක් දෙනා මේ සුන්දර ගායකයාට ආදරය කළා.

ඉතිං අද වන විට අසංක ප්‍රියමන්තගේ ආදරණීය පුතත් කලා ලෝකය තුළ දක්ෂ ගායකයෙක් විදිහට තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරනවා.ඔහුට තාත්තට තියෙන තැන නිසා විශේෂ ආකර්ෂණයක් සමාජයෙන් ලැබෙනවා.ඒ විතරක් නෙවෙයි හැමෝගෙම අවධානය ඔහුට ලැබෙනවා.

අසංක ප්‍රියමන්තගේ ආදරණීය පුතා තමයි අසන්ත ශ්‍රීමාල් පීරිස් කියන්නේ.ඔහු මේ වෙද්දි electronic and tele communication උපාධියක් හදාරනවා.ඉතින් ඔහු තාත්තා වගේ සංගීත ක්ෂේත්‍රයත් එක්ක ජීවිතය ගත කරන්න ආස කරන කෙනෙක්.ඒ වගේම ඔහු තාත්තා ගැන කියලා තිබ්බෙත් මේ වගේ කතාවක්.

“ඉස්සර නම් වැරැද්දක් කළොත් තාත්තා හරි සැරයි. දැන් නම් තාත්තා ගොඩක් වෙලාවට විහිළුවක් තහළුවක් කරගෙන ඉන්නවා. යාළුවෙක් වගේ ෆිට් එකේ ඉන්නවා.තාත්තා එතරම්ම කැමති නැහැ ඔහුගේ ගීත රිමේක් කරනවට. හැබැයි කරනවා නම් එයාගෙන් අවසරය ගන්න පුළුවන්. එහෙම ලොකු අවුලකුත් නැහැ.”

ඉතින් තාත්තාගේ අඩි පාරේ යමින් ජීවිතේ සාර්ථක කර ගන්නට ඔහුට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු