මේදා ජයරත්න කියන්නේ ටික කාලයක් සද්ද නැතුව ඉඳලා ආයෙමත් සැරයක් කරළියට ආපු රංගන ශිල්පිනියක්.ඇය පුංචි තිරයේ විවිධ නිර්මාණත් එක්ක ප්‍රේක්ෂකයන් හමුවට ආවා.පසුගිය කාල සීමාවේ දී ඇය සමාජ මාධ්‍ය පුරාවටම කැපී පෙනෙන චරිතයක් වුණු නිසා අඩු වැඩි වශයෙන් බොහෝ දෙනෙක් ඇය ගැන කතා කළා.

නිතරම පුංචි තිරයේ ටෙලි නිර්මාණ හරහා නම් වැඩිපුර ඇයව දකින්න නැහැ. ඒකට හේතුව ඇය තෝරා බේරාගෙන තමයි රංගනය කරන්නේ.ඇය කියන ගානට අධ්‍යක්ෂවරයා හෝ නිෂ්පාදකවරයා කැමති නැත්නම් ඇය ඒ චරිත භාර ගන්නේ නැහැ.

ගෙවීම් ප්‍රශ්න නිසා ඇයට චරිත ලැබුණේ නැතත් ඇය හැමෝගෙම හදවතේ රැඳිලා ඉන්න පුලුවන් තරමේ දැනෙන්න චරිත කරලා තියෙනවා.එනිසා ඒ ගැන ඇයට ආඩම්බර වෙන්න පුළුවන්.කවුරුත් දන්න විදිහට මේදා විවාහ වුණේ සුරංග ලක්මාල් සෙනෙවිරත්න කියන දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් එක්ක.හැබැයි ආදරණීය පුතෙක් සහ දුවෙක් ලැබුණට පස්සේ ඇයි මේ විවාහයෙන් වෙන් වෙන්න තීරණය කරනවා.විවාහයෙන් වෙන් වුණාට පස්සේ ඔහුගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණද කියලා අහපු අවස්ථාවකදී මේදා කිව්වේ මේ වගේ කතාවක්

“සුරංග හොඳ නිර්මාණ කරන අධ්‍යක්ෂවරයෙක්. මේ දවස්වල ඔහුගේ අනිච්චාවත සංඛාරා විකාශය වෙනවා. නමුත් ඔහුගෙන් වෙන්වුණාට පස්සේ එකට වැඩ කරන්න ආරාධනා කළේ නැහැ. ආරාධනා කරයි ද දන්නෙත් නැහැ. ආරාධනා කළොත් මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔහුගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම මට අපහසුතාවයක් නැහැ. දරුවන්ගේ වැඩවලට වුණත් කතා කරන්න අපිට සිදු වෙනවා. එහෙම දෙන්නා අතර තරහකුත් නැහැ. මට නම් ප්‍රශ්නයක් නැහැ”

කෙසේ නමුත් අයගේ කලා කටයුතු දවසින් දවස දියුණු වෙන්නට අපි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.